BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව පෙරටුගාමී පක්ෂය මහජන උපයෝගිතා කොමිසමට

T

The Leader Desk

September 2, 2026 • 4:13 PM

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව පෙරටුගාමී පක්ෂය මහජන උපයෝගිතා කොමිසමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාරිභෝගිකයා පිට බර පටවන විදුලි මාෆියාවට එරෙහිව පුබුදු ජයගොඩ ප්‍රමුඛ පිරිසෙන් ප්‍රබල මැදිහත්වීමක්
  • බාල ගල් අඟුරු සහ සූර්ය බලශක්ති අර්බුදයේ ඇතුළාන්තය කොමිසම වෙත භාරදුන් ලිපිය මඟින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙන්නේ, ජාතික බලශක්ති පද්ධතිය මුහුණ දී ඇති සැබෑ අර්බුදයට වගකිව යුත්තේ පාරිභෝගිකයා නොව බලධාරීන් බවයි.
  • 2026 වසර සඳහා ආනයනය කරන ලද බාල තත්ත්වයේ ගල් අඟුරු හේතුවෙන් අපේක්ෂිත විදුලි ධාරිතාව නිපදවා ගැනීමට නොහැකි වීම සහ ටෙන්ඩර් පටිපාටියේ ගැටලු නිසා ගල් අඟුරු තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පැවතීම මෙහිදී දැඩි අවධානයට ලක් කර තිබේ.
  • මෙම අත්තනෝමතික තීරණවල සමස්ත පිරිවැය විදුලි බිල හරහා ජනතාවගෙන් අය කරගැනීම සඳහා පද්ධති පාලන සමාගම ලවා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරියේදී මිල සංශෝධන යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙළිදරව් කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්ධන සහනාධාර කප්පාදුව හා ගල් අඟුරු පාඩුව වසන් කර ගාස්තු වැඩිකිරීමේ උත්සාහය හෙළිදරව් කෙරේ

ජනතාව මත යළිත් වරක් අධික විදුලි ගාස්තු බරක් පැටවීමට ආණ්ඩුව ගන්නා උත්සාහය වහා නතර කරන්නැයි බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) අද (02) මහජන උපයෝගිතා කොමිෂන් සභාව හමුවේ ප්‍රබල මැදිහත්වීමක් සිදු කළේය.

විදුලි උත්පාදන වියදම් කළමනාකරණයේ පවතින බරපතළ පරිපාලන අර්බුද සහ වංචා දූෂණවල පිරිවැය සාමාන්‍ය පාරිභෝගිකයා මත පැටවීමේ සූදානමක් පවතින බව පෙන්වා දෙමින්, ඊට ඉඩ නොදෙන ලෙස ඉල්ලා එම පක්ෂය විසින් කොමිසමේ සභාපතිවරයා වෙත විශේෂ සංදේශයක් නිල වශයෙන් භාර දෙනු ලැබිණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ කොළඹ 03 පිහිටි මහජන උපයෝගිතා කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණ මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.

බාල ගල් අඟුරු සහ සූර්ය බලශක්ති අර්බුදයේ ඇතුළාන්තය

කොමිසම වෙත භාරදුන් ලිපිය මඟින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙන්නේ, ජාතික බලශක්ති පද්ධතිය මුහුණ දී ඇති සැබෑ අර්බුදයට වගකිව යුත්තේ පාරිභෝගිකයා නොව බලධාරීන් බවයි.

2026 වසර සඳහා ආනයනය කරන ලද බාල තත්ත්වයේ ගල් අඟුරු හේතුවෙන් අපේක්ෂිත විදුලි ධාරිතාව නිපදවා ගැනීමට නොහැකි වීම සහ ටෙන්ඩර් පටිපාටියේ ගැටලු නිසා ගල් අඟුරු තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පැවතීම මෙහිදී දැඩි අවධානයට ලක් කර තිබේ. ඊට අමතරව, පියසි මත සවිකරන සූර්ය පැනල පද්ධති (Rooftop Solar) අධෛර්යමත් කිරීමට ආණ්ඩුව ගත් අවිචාරවත් තීරණ හමුවේ පුනර්ජනනීය බලශක්තියෙන් ජාලයට එක්විය හැකිව තිබූ දායකත්වය අහිමි කර ඇති බවත්, ඒ හේතුවෙන්ම වැඩි පිරිවැයක් දරා ඛනිජ තෙල් මඟින් විදුලිය නිපදවීමට මග පාදාගෙන ඇති බවත් එම පක්ෂය චෝදනා කරයි.

ඉන්ධන මිල ඉහළ දැමීමේ සැඟවුණු සැලසුම

එවන් පසුබිමක, විදුලි උත්පාදනය වෙනුවෙන් මෙතෙක් ලබාදුන් ඉන්ධන සහනාධාරය මේ මස සිට අත්හිටුවීමට පියවර ගැනීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් විදුලි බලාගාර සඳහා සපයන නැප්තා හා දැවිතෙල් මිල ගණන් විශාල ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට ගෙන ඇති තීරණය පක්ෂය දැඩි විවේචනයට ලක් කරයි.
මෙම අත්තනෝමතික තීරණවල සමස්ත පිරිවැය විදුලි බිල හරහා ජනතාවගෙන් අය කරගැනීම සඳහා පද්ධති පාලන සමාගම ලවා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරියේදී මිල සංශෝධන යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය හෙළිදරව් කර සිටියි.

ජීවන බරින් මිරිකෙන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම

පසුගිය අප්‍රේල් මාසයේ සිට අඛණ්ඩව ඉහළ ගිය උද්ධමනය අගෝස්තු වන විට 8% සීමාව කරා ළඟා වී ඇති තත්ත්වයක් තුළ, ජනතාවගේ ආදායම් මාර්ග අවහිර වී ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව පුබුදු ජයගොඩ පෙන්වා දෙයි. මෙවැනි ආර්ථික අර්බුදයක් හමුවේ තවදුරටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉඩ දීමෙන් පාරිභෝගිකයා දැඩි පීඩාවකට පත්වන බැවින්, පාරිභෝගික අයිතිවාසිකම් රැකීමට නීතියෙන් බැඳී සිටින මහජන උපයෝගිතා කොමිසම කිසිසේත්ම ආණ්ඩුවේ එම ඉල්ලීමට ඉඩ නොදිය යුතු බව ඔහු අවධාරණය කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කොමිසමට කරුණු 7ක බලකිරීමක්

විදුලි උත්පාදනය සහ පිරිවැය සම්බන්ධයෙන් පවතින සැකසහිත ගනුදෙනු විනිවිදභාවයකින් යුතුව සෙවීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රධාන කරුණු 7ක් කොමිසම හමුවේ තබා ඇත.

1- පසුගිය කාලයේ ඉන්ධන මඟින් විදුලිය නිපදවීමේ පිරිවැය පිළිබඳව ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන සැක සහිත බැවින් ඒ පිළිබඳ පූර්ණ විගණනයක් සිදු කිරීම.

2- බාල ගල් අඟුරු හේතුවෙන් සිදු වූ මූල්‍ය පාඩුව පාරිභෝගිකයා පිට නොපටවන බවට දුන් තීරණය නොතකා, එය ඉන්ධන පිරිවැය හරහා අය කරගෙන ඇත්දැයි විමර්ශනය කිරීම.

3- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හදිසියේම නැප්තා සහ දැවිතෙල් මිල වැඩි කිරීමට ගත් තීරණයට පදනම් වූ සාධාරණ හේතු සොයා බැලීම.

4- විදුලි උත්පාදනය සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය තවත් මාස කිහිපයකට දීර්ඝ කර දෙන ලෙස රජයට නිල වශයෙන් නිර්දේශ කිරීම.

5- ගල් අඟුරු තොග මෙතරම් ඉක්මනින් අවසන් වී නැව්වාර දෙකක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වීමට හේතු වූ කරුණු ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම.

6- සූර්ය පැනල අධෛර්යමත් කිරීමේ තීරණය පිටුපස කිසියම් දූෂණයක් හෝ අල්ලසක් තිබේදැයි සෙවීම.

7- ඉන්ධන මඟින් විදුලිය නිපදවීමේ පිරිවැයට අදාළ මහජන අදහස් විමසීමේ ප්‍රගති වාර්තාව කඩිනමින් ප්‍රසිද්ධියට පත් කිරීම.

බලශක්ති ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන විවිධ තීන්දු තීරණ පිටුපස පාරිභෝගික ජනතාව නොමඟ යැවීමට ඉඩ නොතබන බවත්, මහජන උපයෝගිතා කොමිසම ස්වාධීන නියාමකයකු ලෙස ජනතාවගේ පැත්තේ සිටිමින් මෙම ගාස්තු වැඩිවීමේ උත්සාහය පරාජය කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් කියා සිටියි.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව පෙරටුගාමී පක්ෂය මහජන උපයෝගිතා කොමිසමට | The Leader