BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට

T

The Leader Desk

September 3, 2026 • 4:08 PM

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙත්සම් සලකා බැලීම හෙට දක්වා: මූලික අයිතිවාසිකම් හා විනිවිදභාවය ගැන නීති තර්ක
  • පීරිස් සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් මෙම සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 15ක් පමණ ඉදිරිපත් කර තිබේ.
  • විශේෂයෙන්ම, තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය සහ ජනතා පරමාධිපත්‍යය හා බැඳුණු කරුණු කිහිපයක් මෙම සංශෝධන කෙටුම්පත හේතුවෙන් අභියෝගයට ලක්වන බව නීතිඥවරු තර්ක කළහ.
  • ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ නොහැකි බවත්, එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


2/3ක බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට පෙත්සම්කරුවන්ගෙන් ඉල්ලීමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද (03) දින මෙම පෙත්සම් සලකා බැලුණු අතර, වැඩිදුර විභාගය හෙට (04) දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් මෙම සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 15ක් පමණ ඉදිරිපත් කර තිබේ.

ව්‍යවස්ථානුකූලභාවය සහ පෙත්සම්කරුවන්ගේ තර්ක

විවෘත අධිකරණයේ කරුණු තහවුරු කළ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ, යෝජිත සංශෝධන මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අධිකරණයේ ස්වාධීන අධීක්ෂණ බලය ද සීමාවීමට ලක්වන බවයි.

විශේෂයෙන්ම, තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය සහ ජනතා පරමාධිපත්‍යය හා බැඳුණු කරුණු කිහිපයක් මෙම සංශෝධන කෙටුම්පත හේතුවෙන් අභියෝගයට ලක්වන බව නීතිඥවරු තර්ක කළහ. ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ නොහැකි බවත්, එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විමර්ශන ක්‍රියාවලිය සහ අධිකරණ අධීක්ෂණය

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ආ වැදගත් නීතිමය පදනමක් වුවද, යෝජිත නව සංශෝධන මඟින් එහි ඇතැම් මූලික ප්‍රතිපාදන ලිහිල් වීමේ අවදානමක් පවතින බවයි.

පනත් කෙටුම්පතේ 4 වන වගන්තිය මඟින්, නඩුවකට අදාළ සහයකයන්ට එරෙහිව නඩු පැවරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් වූ අධිකරණ අධීක්ෂණය ඉවත් කිරීමට යෝජනා කර ඇති බව එම ආයතනය සඳහන් කරයි. ප්‍රධාන පනතේ 70 වන වගන්තියට ගෙන එන මෙම සංශෝධනය ඔස්සේ, මහේස්ත්‍රාත්වරයකුගේ පූර්ව අවසරයකින් තොරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අභිමතානුසාරී තීරණ ගැනීමේ බලයක් පැවරෙන බවත්, එමඟින් නීතිමය අධීක්ෂණයේ සමබරතාව බිඳවැටිය හැකි බවත් පෙන්වා දී තිබේ.

වත්කම් ප්‍රකාශ සහ මහජන විනිවිදභාවය

මීට අමතරව, රාජ්‍ය සම්බන්ධිත සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙන රජයේ කොටස් හිමිකාරීත්ව සීමාව 25% සිට 50% දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබීම ද මෙහිදී විමසුමට ලක්ව ඇත. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) පිළිබඳ පනතේ දක්වා ඇති 25% සීමාව සමඟ මෙය සැසඳීමේදී පරස්පරතා මතු වන බව පෙත්සම්කරුවන්ගේ අදහසයි.

එමෙන්ම, සහවාසයෙන් එකට ජීවත්වන සහකරුවන්ගේ හෝ සහකාරියන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ බැඳීම ඉවත් කිරීමට ගෙන ඇති පියවර සහ තොරතුරු සංස්කරණය (redaction) කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවට හිමිවන අභිමතානුසාරී බලතල හේතුවෙන් විනිවිදභාවය පිළිබඳ ගැටලු පැනනැඟිය හැකි බව ද පෙත්සම්වල සඳහන් වේ. තවද, ප්‍රධාන පනතේ 149 වැනි වගන්තියට අදාළව ඇප ලබාදීම සම්බන්ධ නීතිමය රාමුව සංශෝධනය කිරීම ද ව්‍යවස්ථාමය මූලධර්ම හා සසඳමින් පෙත්සම්කරුවන් ප්‍රශ්න කර ඇත.

අද දින පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් සිය මූලික දේශන ඉදිරිපත් කර අවසන් කළ අතර, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයේ කරුණු දැක්වීම් සහ වැඩිදුර නඩු විභාගය හෙට (04) පෙරවරුවේ යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.

 
  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...