BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

'අපරාධ මැඬලීමට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකට පැකිළෙන්නේ නෑ': පොලිස් දින සැමරුම් උත්සවයෙදී ජනපතිගෙන් ප්‍රතිඥාවක්

T

The Leader Desk

September 4, 2026 • 4:29 AM

'අපරාධ මැඬලීමට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකට පැකිළෙන්නේ නෑ': පොලිස් දින සැමරුම් උත්සවයෙදී ජනපතිගෙන් ප්‍රතිඥාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *මත්ද්‍රව්‍ය ජාලයන්ට හසුවූ නිලධාරීන්ට දැඩි අනතුරු ඇඟවීමක්; අක්‍රමිකතා නතර නොකළහොත් නිල ඇඳුම අහිමි වන බවට ප්‍රකාශයක් *පොලිස් සේවයට නව බඳවාගැනීම් 10,000ක්, අවදානම් දීමනාවක් සහ යටිතල පහසුකම් පුළුල් කිරීමේ සුවිශේෂී සැලසුම් රැසක්
  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ පැවති 160 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.
  • රටේ පොදු ජනතාවගේ ආරක්ෂාව, සුබසිද්ධිය මෙන්ම තරුණ පරපුර මත් උවදුරෙන් ගලවාගැනීම උදෙසා නීතිමය රාමුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා නීති සම්පාදනයට හා යටිතල පහසුකම් සැපයීමට උපරිමයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
  • එම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 5,255ක්, ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9,966ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 44,684ක් සහ මත්පෙති මිලියන 16.2ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාව අපරාධවලින් තොර සාමකාමී රාජ්‍යයක් බවට පත්කිරීම වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ සිදුකිරීමට රජය කිසිසේත් පසුබට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ පැවති 160 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.

රටේ පොදු ජනතාවගේ ආරක්ෂාව, සුබසිද්ධිය මෙන්ම තරුණ පරපුර මත් උවදුරෙන් ගලවාගැනීම උදෙසා නීතිමය රාමුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා නීති සම්පාදනයට හා යටිතල පහසුකම් සැපයීමට උපරිමයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

දූෂිත නිලධාරීන්ට රතු එළියක්

මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන, බිය නිසා එම ජාලයන්ට යටත්ව සිටින හෝ විවිධ වරදාන හමුවේ මිලදී ගැනීමට ලක්ව ඇති අතළොස්සක් වූ නිලධාරීන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව හෙළිදරව් කළේය.

එවැනි පුද්ගලයින් වහාම එම ක්‍රියාකලාපයන්ගෙන් මිදී නීතියට ගරු කරන නිලධාරීන් බවට පත්විය යුතු බවත්, එසේ නොමැති නම් ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත්විය යුතු බවත් පැවසූ හෙතෙම, සාක්ෂි සහ නිසි විමර්ශන මත පදනම්ව එවැනි අයගේ නිල ඇඳුම් ඉවත් කිරීමේ නීතිමය ක්‍රියාවලිය විනය භාර නිලධාරීන් මඟින් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය වැටලීම් සහ නීතියේ ප්‍රමාදය

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් සහ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක්විය. එම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 5,255ක්, ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9,966ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 44,684ක් සහ මත්පෙති මිලියන 16.2ක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. ඊට අමතරව, විදෙස් රටවල සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 74 දෙනෙකු ජාත්‍යන්තර සහයෝගීතාව මත මෙරටට රැගෙන ඒමට හැකිවූ බවද අනාවරණය විය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීම්වලින් අනතුරුව විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීම සහ අධිකරණ ක්‍රියාවලිය අවසන් වීම අතර පවතින දීර්ඝ කාලීන ප්‍රමාදය අපරාධ මැඬලීමේ ක්‍රියාවලියට බාධාවක් වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අපරාධයකට නිසි දඬුවම නියමිත වේලාවේදී නොලැබීම අපරාධකරුවන්ට උත්තේජනයක් වන බැවින්, සමස්ත අධිකරණ හා නීතිමය ක්‍රියාවලියම කඩිනම් කර කාර්යක්ෂම කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු කර ඇත.

පොලිස් සේවයේ සුබසාධනය හා යටිතල පහසුකම්

පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරී හිඟය පියවීම සඳහා නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට දැනටමත් අනුමැතිය ලබාදී ඇති බව මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. ලබන වසරේ මැද භාගය වන විට සියලුම පොලිස් නිලධාරීන්ට නවීන නිල ඇඳුමක් හඳුන්වාදීමට නියමිත අතර, ඔවුන් මුහුණ දෙන අවදානම සැලකිල්ලට ගනිමින් විශේෂ අවදානම් දීමනාවක් ලබාදීමටද සැලසුම් කර තිබේ.

මීට අමතරව ඉදිරිපත් වූ ප්‍රධාන යෝජනා සහ තීරණ කිහිපයක් මෙසේය.

උසස්වීම් ක්‍රමවේදය විධිමත් කිරීම:
ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම කුසලතා සහ විභාග පාදක කරගනිමින් උසස්වීම් ලබාදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ එක්ව ක්‍රමවේදයක් සකස් කිරීම.

ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම:
රාජකාරී කටයුතු සඳහා යතුරුපැදි 700කට ආසන්න ප්‍රමාණයක් සහ කැබ් රථ 200ක් මිලදී ගැනීමට තීරණය කර තිබීම (ඉන් කැබ් රථ 138ක් ඉන්දීය ආධාර යටතේ මේ වන විටත් ලැබී ඇත).

ගොඩනැගිලි හා නවීකරණය:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සඳහා නව ගොඩනැගිල්ලක්, නවීකරණය වූ පොලිස් මූලස්ථානයක් ඉදිකිරීම සහ කුලී පදනම මත පවත්වාගෙන යන පොලිස් ස්ථාන සඳහා ස්ථිර රජයේ ගොඩනැගිලි ලබාදීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කිරීම.

තාක්ෂණික පරිවර්තනය:
පොලීසිය සහ මහජනතාව අතර සන්නිවේදනය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ‘Sri Lanka Police Mobile App’ ජංගම දුරකථන යෙදවුම සහ නවීකරණය කළ වෙබ් අඩවිය නිල වශයෙන් එළිදැක්වීම.

මෙම අවස්ථාවට අදාළව, දීර්ඝ සේවා පදනම යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරෙන් පහළ නිලධාරීන් 1,489 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 153 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය සංකේතවත් කරමින් සිදුකෙරුණු අතර, 160 වැනි සංවත්සර සමරු මුද්දරයද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

 

police daypolice day 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අපරාධ මැඬලීමට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකට පැකිළෙන්නේ නෑ': පොලිස් දින සැමරුම් උත්සවයෙදී ජනපතිගෙන් ප්‍රතිඥාවක් | The Leader