BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
පුවත්

'වැරැද්දක් කර නෑ, පරීක්ෂණවලට මුහුණදීමට සූදානම්' - නාමල්ගෙන් දැඩි ප්‍රකාශයක්

T

The Leader Desk

September 4, 2026 • 7:14 AM

'වැරැද්දක් කර නෑ, පරීක්ෂණවලට මුහුණදීමට සූදානම්' - නාමල්ගෙන් දැඩි ප්‍රකාශයක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයාර් බස් ගනුදෙනුව: නාමල් අල්ලස් කොමිසමට - දේශපාලන කරළිය උණුසුම්
  •   "බය නම් අපි එන්නේ නෑ" – නාමල්ගේ ස්ථාවරය කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළකළ නාමල් රාජපක්ෂ අවධාරණය කළේ තමන් කිසිදු වරදක් සිදුකර නොමැති බවයි.
  • සාක්ෂි හදපු කෙනා දන්නවා හදපු සාක්ෂිය මොකක්ද කියලා.
  • නාමල් රාජපක්ෂගේ ඉරණම තීන්දු කරන්නේ පාර්ලිමේන්තුවේ 159 දෙනා නම්, ඔය 159 දෙනාගේ ලොක්කා තමයි සාක්ෂිය හදලා තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණයේ ස්වාධීනත්වය සහ සාක්ෂි සැකසීම ගැන විපක්ෂයෙන් සෘජු චෝදනා  


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආන්දෝලනාත්මක එයාර් බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හමුවේ පෙනී සිටියේය. පෙරවරු 9.00 ට පැමිණෙන ලෙස කරන ලද දැනුම්දීමකට අනුව මන්ත්‍රීවරයා කොමිසම වෙත පැමිණි අතර, එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට මුහුණදීමට තමන් සූදානම් බවයි.  

"බය නම් අපි එන්නේ නෑ" – නාමල්ගේ ස්ථාවරය

කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළකළ නාමල් රාජපක්ෂ අවධාරණය කළේ තමන් කිසිදු වරදක් සිදුකර නොමැති බවයි.  

"පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න සූදානම්. බය නම් අපි එන්නේ නෑනේ. මම මෙහෙට කාලෙකට පස්සේ ආවේ, හැබැයි එන්න කියන හැමපාරම එනවා. අපිට කිසිවක් මගහරින්න අවශ්‍යතාවයක් නෑ."  

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ පාර්ලිමේන්තු ප්‍රකාශ විවේචනයට ලක්කරමින් කියා සිටියේ, විමර්ශන ආයතනවලටත් පෙර ඇතැම් දේශපාලනඥයන් විසින්ම නඩු තීන්දු සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පූර්ව නිගමන ලබාදෙන තත්ත්වයක් පවතින බවයි.  

සාක්ෂි සැකසීමේ චෝදනාව සහ අධිකරණ පද්ධතිය  

වත්මන් දේශපාලන පරිසරය තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙම ක්‍රියාමාර්ග පිටුපස සැලසුම් සහගත සාක්ෂි නිර්මාණය කිරීමක් සිදුවන බවටද චෝදනා කළේය.  

"මේ සාක්ෂි හදපු ඒවනේ තියෙන්නේ. සාක්ෂි හදපු කෙනා දන්නවා හදපු සාක්ෂිය මොකක්ද කියලා. ඒකයි කලබල වෙලා තියෙන්නේ. නාමල් රාජපක්ෂගේ ඉරණම තීන්දු කරන්නේ පාර්ලිමේන්තුවේ 159 දෙනා නම්, ඔය 159 දෙනාගේ ලොක්කා තමයි සාක්ෂිය හදලා තියෙන්නේ. එහෙම නැතුව මේවා සාධාරණ පරීක්ෂණ නෙවෙයි. කෙසේ වෙතත් අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය සාධාරණ විය යුතුයි කියලා."  

එමෙන්ම ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් දක්වමින්, නාමල් රාජපක්ෂ සිටියත් නැතත් ගොවි ජනතාව සහ රට වෙනුවෙන් ඉදිරි පෙළගැසීම් සාර්ථකව සිදුවන බවත්, තම දේශපාලන ගමන තීරණය කරන්නේ ජනතාව මිස ප්‍රතිවාදී දේශපාලන පක්ෂ නොවන බවත් ඔහු පැවසීය.

ජාත්‍යන්තර එයාර් බස් ගනුදෙනුවේ පසුබිම  

මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර් බස් A330 සහ A350 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියයි. මෙම ගනුදෙනුවේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය (Serious Fraud Office - SFO), ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ආයතන මගින් මහා පරිමාණ විමර්ශන පවත්වා දඩ පැනවීම් සිදුකර තිබිණි.  

එම ජාත්‍යන්තර හෙළිදරව්වලට අදාළව, බෲනායි රාජ්‍යයේ ලියාපදිංචි සමාගම් හරහා කොමිස් මුදල් හුවමාරු වූ බවට නැගුණු චෝදනා මත මෙරට අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් දීර්ඝ කාලයක සිට විමර්ශන පවත්වාගෙන යනු ලබයි. පසුගිය කාලය පුරා දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල ප්‍රමුඛ පුද්ගලයින් රැසකගෙන්ම මෙම ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.  

නීතියේ ආධිපත්‍යය හා පරීක්ෂණවල ස්වාධීනත්වය පිළිබඳ විවිධ පාර්ශ්වයන් අතර විවාද පවතින පසුබිමක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇති සංසිද්ධියක් බවට පත්ව ඇත.  


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...