BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
පුවත්

නාමල් බන්ධනාගාරයට: අනුරාධපුර වේදිකාවට ලිමිණි එන ලකුණු !

T

The Leader Desk

September 4, 2026 • 3:31 PM

නාමල් බන්ධනාගාරයට: අනුරාධපුර වේදිකාවට ලිමිණි එන ලකුණු  !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාමල් වෙනුවට ලිමිණි කරළියට එන බවට පොහොට්ටුවෙන් ආරංචි
  •   එම රැලියේදී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට පැමිණ ජනතාව ඇමතීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
  •   මහින්දගෙන් වෙනස් තීරණයක්   මෙම දේශපාලන රැස්වීමට පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.
  • කෙසේ වෙතත්, ඔහු සාම්ප්‍රදායිකව ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී, වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ පහළ විශේෂ කුටියක සිට රැස්වීමට එක්වීමට සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මහින්ද වේදිකාවට නොගොස් බිම සිට ජනහමුවට එක්වන සූදානමක්  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමඟ, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ. මේ අතර, ලබන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත පක්ෂයේ දැවැන්ත ජන රැලිය වෙනස් නොකර සැලසුම් කළ පරිදිම ඉදිරියට ගෙන යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.  

එම රැලියේදී රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ ප්‍රධාන වේදිකාවට පැමිණ ජනතාව ඇමතීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.  

මහින්දගෙන් වෙනස් තීරණයක්  

මෙම දේශපාලන රැස්වීමට පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගි වීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඔහු සාම්ප්‍රදායිකව ප්‍රධාන වේදිකාවට ගොඩ නොවී, වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ පහළ විශේෂ කුටියක සිට රැස්වීමට එක්වීමට සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.  


එයාර් බස් ගනුදෙනුව සහ අධිකරණ නියෝගය  

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ අද (සැප්තැම්බර් 04) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය. ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.  

අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ම සහ විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, මන්ත්‍රීවරයාව සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.  

"මම හිටියත් නැතත් ජන සටන නවත්වන්න බැහැ" – නාමල්  

අත්අඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියේ සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වෙන ‘ජන සටන’ රැලිය කිසිවෙකුට නතර කළ නොහැකි බවයි.  

"නාමල් රාජපක්ෂ 12 වෙනිදා හිටියත් නැතත්, මේ රටේ ගොවි ජනතාව සහ රට වෙනුවෙන් ජනතාව අපව ජයග්‍රහණය කරවන්න එකතු වෙනවා. අනිවාර්යයෙන්ම 12 වෙනිදා 'ජන සටන' නමින් මෙම රැස්වීම පැවැත්වෙනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ," යනුවෙන් ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.  

විපක්ෂයෙන් දැඩි විරෝධයක්: එජාපයෙන් නිවේදනයක්  

නාමල් රාජපක්ෂ ගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් මෙන්ම සැලසුම් සහගතව සිදුකළ එකක් බවට එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.  

එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. ජාතික ජන බලවේගයේ නායකයින්ට මෙන්ම පොහොට්ටුවේ නායකයින්ට ද රට පුරා රැස්වීම් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවත්, මර්දනය තුළින් ජනතා ආකර්ෂණය නැවැත්විය නොහැකි බවත් එජාප මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

kljdlkfjsd

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...