BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
පුවත්

ගල්අඟුරු නෞකාවක් දිවයිනට: මෙරට විදුලි අර්බුදයේ ඇත්ත තත්ත්වය !

T

The Leader Desk

September 4, 2026 • 3:53 PM

ගල්අඟුරු නෞකාවක් දිවයිනට: මෙරට විදුලි අර්බුදයේ ඇත්ත තත්ත්වය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙට්‍රික් ටොන් 60,000ක ගල්අඟුරු රැගත් නෞකාව අද සිට ගොඩබෑම ඇරඹේ
  • ඒ අනුව ගල්අඟුරු හිඟයක් මත පදනම්ව කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොවන බවත්, පාරිභෝගික ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට රජය පූර්ණ සහතිකය ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
  • එහි පළමු නෞකාව සැප්තැම්බර් 12 වන විට නොරොච්චෝලේ බලාගාරයට ළඟා වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


2026/27 ප්‍රසම්පාදන සැලැස්මේ පළමු නෞකාව සැප්තැම්බර් 12 වන විට නොරොච්චෝලට

මෙරට ප්‍රධානතම තාප විදුලි බලාගාරය වන නොරොච්චෝල ලක්විජය බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ගල්අඟුරු රැගත් 'IVS TRADER' නෞකාව අද (04) දිනයේ පුත්තලම වරාය පරිශ්‍රයට ළඟා වී තිබේ.

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව දිවයිනට ළඟා වූ මෙම නෞකාව මඟින් මෙට්‍රික් ටොන් 60,000ක ගල්අඟුරු තොගයක් රැගෙන විත් ඇති අතර, අදාළ ආයතන මඟින් සිදුකරනු ලබන ප්‍රමිති හා තත්ත්ව පරීක්ෂාවන් කඩිනමින් අවසන් කර අද පස්වරුවේ සිටම ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක අද උදෑසන නොරොච්චෝල ලක්විජය බලාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් පවතින ගල්අඟුරු තත්ත්වය සහ ඉදිරි සැපයුම් ජාලය පිළිබඳව සොයා බැලීමක ද නිරත විය.

ප්‍රතික්ෂේප වූ තොගය වෙනුවට ආ විකල්ප සැපයුම

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ හදිසි මිලදී ගැනීම් ක්‍රියාවලියේදී නියමිත ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් ප්‍රතික්ෂේප වූ නෞකාව වෙනුවට විකල්ප පියවරක් ලෙස මෙම 'IVS TRADER' නෞකාව මෙරටට ගෙන්වා ගත් බවයි.

පසුගිය කාලසීමාවේ ආනයනය කරන ලද ගල්අඟුරු තොගවලින් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් බලාගාර පරිශ්‍රයේ සංචිතව පවතින අතර, අද දින ලැබුණු මෙට්‍රික් ටොන් 60,000ක තොගයත් සමඟ ඉදිරි දිනවලදී විදුලි ජනනයට අවශ්‍ය වන ගල්අඟුරු ධාරිතාව උපරිම මට්ටමක පවතිනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව ගල්අඟුරු හිඟයක් මත පදනම්ව කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොවන බවත්, පාරිභෝගික ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට රජය පූර්ණ සහතිකය ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

2026 - 27 දිගුකාලීන ප්‍රසම්පාදන සැලැස්ම

මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන ඉදිරි ප්‍රසම්පාදන ක්‍රමවේදයන් පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

"2026 - 27 කාලසීමාව සඳහා වන නිල ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විටත් සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා. එහි පළමු නෞකාව සැප්තැම්බර් 12 වන විට නොරොච්චෝලේ බලාගාරයට ළඟා වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එම නෞකාව පැමිණීමත් සමග ඉදිරියට අඛණ්ඩව සහ විධිමත්ව ගල්අඟුරු තොග ලබාගැනීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි" යනුවෙන් පැවසීය.

විදුලිබල ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ජල විදුලි උත්පාදනය යම් පමණකින් පහත වැටුණද, ජාතික විදුලිබල පද්ධතියේ මූලික බර දරන නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ඉන්ධන හා ගල්අඟුරු නිසි කලට කළමනාකරණය කරගැනීම හරහා ඉදිරි මාස කිහිපය තුළ විදුලි අර්බුදයකින් තොරව පද්ධතිය පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...