BREAKING
රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●
Top Ad
පුවත්

එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරු යළි කැඳවයි: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝගයක්

T

The Leader Desk

September 5, 2026 • 4:24 PM

එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරු යළි කැඳවයි: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුරු නියෝගයකට එරෙහි අභියාචනයක් මත නඩු විභාගය නැවැත්විය නොහැකි බවට තීන්දුවක්
  • ඊට විත්ති පාර්ශවය දැඩි විරෝධය පළ කළ ද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේ අදාළ සාක්ෂිකරු නැවත කැඳවීමට පැමිණිල්ලට අවසර ලබා දිය යුතු බවයි.
  • එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වී අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් මහාධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසත්, සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය විමසීම නොකැඳවන ලෙසත් විත්ති පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
  • අධිකරණ තීන්දුව සහ සාක්ෂිකරුගේ හෙළිදරව්ව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ නඩු විභාගයක් අතරතුර ලබාදෙන මෙවැනි අතුරු නියෝගයක් (Interlocutory Order) අභියෝගයට ලක් කරමින් නඩු විභාගය ඉදිරියට ගෙන යාම නැවැත්විය නොහැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තමන්ට තර්ජන එල්ල වූ බවට සාක්ෂිකරුගෙන් හෙළිදරව්වක්; වැඩිදුර විභාගය සැප්තැම්බර් 11 දාට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් ‘මුරලි’ නමැත්තාගේ සාක්ෂිය නැවත කැඳවීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබා දී තිබේ.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී සභාපති විනිසුරු නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.

විත්තියේ විරෝධතා සහ නීතිමය තර්ක

පසුගිය ජූලි 24 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුවේ සාධාරණ විභාගය තහවුරු කරගැනීම සඳහා සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත සටහන් කරගැනීමට අවසර ලබා දෙන ලෙසයි. ඊට විත්ති පාර්ශවය දැඩි විරෝධය පළ කළ ද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේ අදාළ සාක්ෂිකරු නැවත කැඳවීමට පැමිණිල්ලට අවසර ලබා දිය යුතු බවයි.

කෙසේ වෙතත්, එම නියෝගයට එරෙහිව විත්තියේ නීතිඥවරුන් විසින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරනු ලැබීය. එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වී අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් මහාධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසත්, සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය විමසීම නොකැඳවන ලෙසත් විත්ති පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණ තීන්දුව සහ සාක්ෂිකරුගේ හෙළිදරව්ව
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ නඩු විභාගයක් අතරතුර ලබාදෙන මෙවැනි අතුරු නියෝගයක් (Interlocutory Order) අභියෝගයට ලක් කරමින් නඩු විභාගය ඉදිරියට ගෙන යාම නැවැත්විය නොහැකි බවයි. ඒ අනුව විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය සටහන් කරගැනීමට අධිකරණය පියවර ගත්තේය.

එම නියෝගයෙන් අනතුරුව සාක්ෂි කූඩුවට නැඟි සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් ‘මුරලි’ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ, මෙම නඩුවේ පළමු විත්තිකරු වන ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න විසින් අවස්ථා කිහිපයකදී තමන්ට බලපෑම් කරමින් නඩුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදෙන ලෙස තර්ජනය කළ බවයි.

එදිනට නඩුව වෙනුවෙන් වෙන් කර තිබූ කාල සීමාව අවසන් වීම හේතුවෙන් සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂියේ ඉතිරි කොටස සටහන් කරගැනීම සඳහා නඩු විභාගය සැප්තැම්බර් 11 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

නඩුවේ පසුබිම
2010 වසරේ ජනවාරි මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ සහ කොට්ටාව යන ප්‍රදේශවලදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නීතිවිරෝධී ලෙස රහසිගතව සිරකර තැබීමේ අරමුණින් පැහැරගෙන යාම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයට අදාළව මෙම නඩුව පවරා ඇත.

ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන (සුරේෂ්), ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.  

මෙම නඩුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද දීර්ඝ කාලයක සිට දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ සංකේතාත්මක නඩු විභාගයක් ලෙස මෙය සැලකේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...