BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
පුවත්

ගමන් තහනම එද්දී ප්‍රේමලාල් ජයසේකර විදෙස්ගත වෙලා: නීතිමය තත්ත්වය මෙන්න

T

The Leader Desk

September 7, 2026 • 6:35 AM

ගමන් තහනම එද්දී ප්‍රේමලාල් ජයසේකර විදෙස්ගත වෙලා:  නීතිමය තත්ත්වය මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි පෙත්සම විභාගයට ගනිද්දී හිටපු ඇමැති රටින් පිටව ගිය පසුබිම
  • ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් වූ නියෝගය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 04 වැනිදාය.
  • අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.
  • එම විදෙස් ගමන් තහනම පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමට පියවර ගත් විනිසුරු මඩුල්ල, ලබන ඔක්තෝබර් මස 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විත්තිකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔක්තෝබර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි තිදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි


මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මරණීය දණ්ඩනය නියමවීමෙන් අනතුරුව අභියාචනාධිකරණ තීන්දුවකින් නිදහස් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර  (චොකා මල්ලි), ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විදේශ ගමන් තහනමක් පැනවීමට පැය කිහිපයකට පෙර දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව තහවුරු වේ. තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව පැවසෙන ඔහු, කෙටි සංචාරයකින් අනතුරුව අද හෝ හෙට දිනයේ යළි මෙරටට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් වූ නියෝගය

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 04 වැනිදාය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි. එම විදෙස් ගමන් තහනම පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමට පියවර ගත් විනිසුරු මඩුල්ල, ලබන ඔක්තෝබර් මස 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විත්තිකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද නියෝග කළේය.

කෙසේ වෙතත්, අදාළ තහනම් නියෝගය අධිකරණයෙන් නිකුත් කිරීමට මෙන්ම ආගමන විගමන පද්ධතියට ඇතුළත් කිරීමටත් පෙර, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය මගියෙකු ලෙස ගුවන් තොටුපළෙන් නික්ම ගොස් ඇති බව වාර්තා වේ.

නඩුවේ පසුබිම සහ අභියාචනා ක්‍රියාවලිය

මෙම නීතිමය ක්‍රියාදාමයට පාදක වන්නේ 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී එවකට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ගේ දේශපාලන වේදිකාවක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයකි. එම සිදුවීමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදකරු කරමින්, රත්නපුර මහාධිකරණය මඟින් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කරන ලදී.

එම දඬුවමට එරෙහිව විත්තිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණය, මහාධිකරණ තීන්දුව දෝෂසහගත බව පවසමින් ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය කාලයේදී තීන්දු කළේය.

නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවීම

අභියාචනාධිකරණයේ එම නිදහස් කිරීමේ තීන්දුව නීතියට පටහැනි බව පෙන්වා දෙමින්, එම තීන්දුව බලරහිත කර මහාධිකරණය ලබාදුන් දඬුවම යළි තහවුරු කරන ලෙස ඉල්ලා අගතියට පත් පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබිණි.

පසුගිය 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුණේ එම පෙත්සමයි. එහිදී ඉදිරිපත් වූ මූලික කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, පෙත්සම් විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ගේ විදේශ ගමන් අත්හිටුවීමට සහ ඔක්තෝබර් 21 වැනිදා ඔවුන්ට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියෝග කර තිබේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...