BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

එජාපයෙන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට උණුසුම් සුබ පැතුම්

T

The Leader Desk

September 8, 2026 • 7:09 AM

එජාපයෙන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට උණුසුම් සුබ පැතුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්අඩංගුවට ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක් බවට එජාප සභාපතිගෙන් පොහොට්ටු ලේකම්ට ලිපියක්
  • එම ක්‍රියාමාර්ගයෙන් අධෛර්යමත් නොවී, පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන ජන රැළිය සාර්ථක කරගැනීමට එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් එක්කරන බව ද වජිර අබේවර්ධන සඳහන් කර තිබේ.
  • නාමල් රාජපක්ෂ ගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් මෙන්ම සැලසුම් සහගතව සිදුකළ එකක් බවට එක්සත් ජාතික පක්ෂය පසුගියදා (සැප්තැම්බර් 04) නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර තිබිණ.
  •   නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත්කර සුළු මොහොතකින් නිකුත්කර තිබු එම නිවේදනය මගින් ද අවධාරණය කර තිබුනේ, සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


'විපක්ෂ බලවේග පෙරමුණකට එන ලකුණු මැද' අනුරාධපුර වේදිකාවට මහින්ද එයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 12 දා පැවැත්වීමට නියමිත අනුරාධපුර රැලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සිය පූර්ණ සහයෝගය සහ උණුසුම් සුබ පැතුම් පළකර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් වෙත ලිඛිතව නිල පණිවිඩයක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.

දේශපාලන අරමුණක් සහිත ක්‍රියාමාර්ගයක් බවට චෝදනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ඉදිරි දේශපාලන ක්‍රියාන්විතය වෙනුවෙන් සංවිධානය කරන ලද අනුරාධපුර මහජන රැලිය සැලසුම් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ මූලිකත්වයෙන් බව පෙන්වා දෙන එජාප සභාපතිවරයා, මෙම අත්අඩංගුවට ගැනීම අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ගනු ලැබූ පියවරක් බව සිය ලිපිය මඟින් චෝදනා කරයි.

එම ක්‍රියාමාර්ගයෙන් අධෛර්යමත් නොවී, පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවැත්වෙන ජන රැළිය සාර්ථක කරගැනීමට එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුබ පැතුම් එක්කරන බව ද වජිර අබේවර්ධන සඳහන් කර තිබේ.


නාමල් රාජපක්ෂ ගේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් මෙන්ම සැලසුම් සහගතව සිදුකළ එකක් බවට එක්සත් ජාතික පක්ෂය පසුගියදා (සැප්තැම්බර් 04) නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර තිබිණ.  

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත්කර සුළු මොහොතකින් නිකුත්කර තිබු එම නිවේදනය මගින් ද අවධාරණය කර තිබුනේ, සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. ජාතික ජන බලවේගයේ නායකයින්ට මෙන්ම පොහොට්ටුවේ නායකයින්ට ද රට පුරා රැස්වීම් පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවත්, මර්දනය තුළින් ජනතා ආකර්ෂණය නැවැත්විය නොහැකි බවත් එජාප මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

kljdlkfjsd

නීතිමය පියවර සහ පොහොට්ටුවේ ස්ථාවරය

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අදාළව මීට පෙර මතුවූ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් නාමල් රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් 04 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, එල්ල වී ඇති සියලු චෝදනා පදනම් විරහිත බවත්, සැලසුම් කළ පරිදි අනුරාධපුර රැලිය සැප්තැම්බර් 12 වන දින කිසිදු වෙනසක් නොමැතිව පවත්වන බවත්ය.

විපක්ෂයේ නව දේශපාලන පෙළගැස්ම

ජාතික මට්ටමේ දේශපාලන ක්‍රියාවලිය තුළ ආණ්ඩු පක්ෂය දිවයින පුරා සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කර ඇති මොහොතක, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන බලවේග අතර මෙවන් සහයෝගීතාවක් ගොඩනැගීම දේශපාලන නිරීක්ෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන්ම පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග හමුවේ විපක්ෂ කණ්ඩායම් එක් වේදිකාවකට සමීප වීමේ නැඹුරුවක් මෙමඟින් පෙන්නුම් කරන බව විචාරකයෝ පෙන්වා දෙති. 

 
කෙසේවුවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය රාජපක්ෂවරුන්ට සහය දැක්වෙන කිසිඳු දේශපාලන ක්‍රියාමාර්ගයකට එක්නොවිමට දැඩි තීන්දුවක් ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...