BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

විදේශ ණය නැතිව දේශීය සල්ලියෙන් අධිවේගී මාර්ග තුනක් !

T

The Leader Desk

September 8, 2026 • 3:17 PM

විදේශ ණය නැතිව දේශීය සල්ලියෙන් අධිවේගී මාර්ග තුනක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්ක ඉක්මවා ගිය ආදායම නිසා රටේ ණය බර අඩුවේ
  • ඉලක්ක අභිබවා ගිය බදු ආදායමෙන් රටේ ණය බර පහළට  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පවරා තිබූ ඉතිහාසයේ ඉහළම ආදායම් ඉලක්කය ද අභිබවා යමින් 2025 වසරේදී රුපියල් බිලියන 42කට ආසන්න අතිරේක ආදායමක් උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
  • එමෙන්ම, 2026 වසරේ මේ දක්වා කාලය තුළද තමන් වෙත පවරා ඇති ආදායම් ඉලක්කය දළ වශයෙන් සියයට 16ත් 18ත් අතර ප්‍රතිශතයකින් ඉක්මවා යාමට දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
  • රජයේ බදු ආදායම් ඉලක්ක මෙලෙස ඉක්මවා යාම හේතුවෙන් රජයට අතිරේකව ලබා ගැනීමට සිදුවන ණය ප්‍රමාණය අවම වන අතර, එමඟින් රටේ ණය සේවාකරණය සහ පොලී ගෙවීම් බර අඩු කර ගැනීමට හැකිවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


විදේශ ණය උගුලෙන් මිදී අපේම මුදලින් දැවැන්ත සංවර්ධනයකට පාර කැපෙයි: නිලධාරී හිඟයට සහ දීමනාවලටත් විසඳුම්

දේශීය සම්පත් පමණක් උපයෝගී කරගනිමින් විදේශ ණය මත යැපීමකින් තොරව මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමේ සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ කොළඹදී පැවැති දේශීය ආදායම් පරිපාලන විධායක නිලධාරීන්ගේ සංගමයේ 13 වන වාර්ෂික මහා සභා රැස්වීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි.

මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ආදායම් උපයාදීමේදී ඉටුකරන වැදගත් කාර්යභාරය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එහි ප්‍රගතිය පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.

ඉලක්ක අභිබවා ගිය බදු ආදායමෙන් රටේ ණය බර පහළට

 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පවරා තිබූ ඉතිහාසයේ ඉහළම ආදායම් ඉලක්කය ද අභිබවා යමින් 2025 වසරේදී රුපියල් බිලියන 42කට ආසන්න අතිරේක ආදායමක් උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත් වී ඇත. එමෙන්ම, 2026 වසරේ මේ දක්වා කාලය තුළද තමන් වෙත පවරා ඇති ආදායම් ඉලක්කය දළ වශයෙන් සියයට 16ත් 18ත් අතර ප්‍රතිශතයකින් ඉක්මවා යාමට දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

රජයේ බදු ආදායම් ඉලක්ක මෙලෙස ඉක්මවා යාම හේතුවෙන් රජයට අතිරේකව ලබා ගැනීමට සිදුවන ණය ප්‍රමාණය අවම වන අතර, එමඟින් රටේ ණය සේවාකරණය සහ පොලී ගෙවීම් බර අඩු කර ගැනීමට හැකිවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අපේම මුදලින් අධිවේගී මාර්ග තුනකට මුලපුරන හැටි

දේශීය සම්පත් මඟින් සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් සැපයීමට මෙයින් විශාල ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වන අතර, රටේ ණය බර අවම කිරීම උදෙසා සක්‍රීය දායකත්වයක් සපයන දේශීය ආදායම් පරිපාලන විධායක නිලධාරීන් වෙත රජයේ ප්‍රණාමය හිමිවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රජයේ නිලධාරීන්ගේ මෙම කාර්යක්ෂම බදු එකතු කිරීමේ උත්සාහය නිසාම විදේශ ණයවලින් තොරව දේශීය අරමුදල් පමණක් භාවිත කරමින් අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් කටයුතු සිදුකිරීමේ ඓතිහාසික අවස්ථාව රටට උදා වී තිබේ.

සේවක හිඟයට විසඳුම්, නව බඳවාගැනීම් සහ දිරි දීමනා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරී හිඟය හේතුවෙන් සේවකයින් මුහුණ දෙන අධික සේවා බර සහ පීඩනය අවම කිරීම සඳහා රජය සෘජුව මැදිහත් වී ඇත. ඒ අනුව පවතින පුරප්පාඩු පියවීම සඳහා නව බඳවා ගැනීම් වෙනුවෙන් රජයේ අනුමැතිය හිමිවී ඇති බැවින්, අවශ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 මීට අමතරව, 2025 වසරේ සිට ක්‍රියාත්මක වූ වැටුප් වර්ධකවලට අනුකූල වන පරිදි නිලධාරීන්ගේ දිරි දීමනා ගෙවීම් සකස් කිරීමට රජය කටයුතු කර ඇති බවත්, දෙපාර්තමේන්තුව සඳහා දැනටමත් ඉදිකිරීම් ආරම්භ කර ඇති නව ගොඩනැඟිල්ල වසර දෙකහමාරක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

 මෙම අවස්ථාවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලන විධායක නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

(සටහන | ජේ.මුණසිංහ)

 cbfbncvnc

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...