BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

පාරිභෝගික ගැටලුවලට කඩිනම් විසඳුම්: ආචාර්ය සුනිල් අබේරත්න නව ඔම්බුඩ්ස්මන් ධුරයට

T

The Leader Desk

September 8, 2026 • 3:26 PM

පාරිභෝගික ගැටලුවලට කඩිනම් විසඳුම්: ආචාර්ය සුනිල් අබේරත්න නව ඔම්බුඩ්ස්මන් ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උසාවි නොගොස් සාකච්ඡා මාර්ගයෙන් ආරවුල් සමථයකට පත් කිරීමට නව ක්‍රමවේදයක්.
  • පාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ ආරවුල් සහ ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න පාරිභෝගික ඔම්බුඩ්ස්මන්වරයෙකු  ලෙස පත් කර තිබේ.
  • මෙම පත් කිරීම සිදු කර ඇත්තේ එක්සත් රාජධානියේ සහ මෙරට තානාපති සංසදයේ යෝජනාවක් අනුවය.
  • පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ ගේ මඟ පෙන්වීම යටතේ මෙම නව ඔම්බුඩ්ස්මන්වරයා පත් කර ගැනීම පසුගියදා (04 වනදා) විද්‍යත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී (OPA) නිල වශයෙන් සිදු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් රාජධානියේ සහ මෙරට තානාපති සංසදයේ යෝජනාවකට අනුව OPA හිදී නිල පත් කිරීම සිදු කෙරේ.

පාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ ආරවුල් සහ ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න පාරිභෝගික ඔම්බුඩ්ස්මන්වරයෙකු  ලෙස පත් කර තිබේ.

මෙම පත් කිරීම සිදු කර ඇත්තේ එක්සත් රාජධානියේ සහ මෙරට තානාපති සංසදයේ යෝජනාවක් අනුවය. පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සරත් විජේසිංහ ගේ මඟ පෙන්වීම යටතේ මෙම නව ඔම්බුඩ්ස්මන්වරයා පත් කර ගැනීම පසුගියදා (04 වනදා) විද්‍යත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී (OPA) නිල වශයෙන් සිදු කෙරිණි.

පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදු වන පැමිණිලි විසඳා ගැනීම සඳහා සිවිල් අධිකරණ වෙත යාමට සිදු වීමෙන් විශාල කාලයක් ගත වීම ඇතුළු ගැටලු කිහිපයක් පවතින බවත්, මෙම ඔම්බුඩ්ස්මන්වරයා වෙත යොමු කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් දෙපාර්ශවයම කැඳවා සාකච්ඡා මාර්ගයෙන් සමථයකට පත් කිරීමට මෙයින් අවස්ථාව සැලසෙන බවත් නව ඔම්බුඩ්ස්මන් ආචාර්ය සුනිල් අබේරත්න මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට හිටපු අභියාචනාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු, ඔම්බුඩ්ස්මන් කාර්යාලයේ මහ ලේකම් ධමින්ද කේ.ජී.ගුණතිලක, නීතිඥ සුගන්ධිකා කේ හංගිලිපොලගේ, OPA හි හිටපු සභාපති නිශ්ශංක පෙරේරා සහ OPA ලේකම් රවී රූපසිංහ  ඇතුළු නීතිඥ සහ වානිජ මණ්ඩලවල ප්‍රධානීහු පිරිසක් සහභාගී වී සිටියහ.

(සටහන | ජේ.මුණසිංහ) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...