The Leader News
BREAKING
ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 12ක් වහාම හරවා එවයි●ඕස්ට්‍රේලියාවේ සිට වීසා අයදුම් කරන විදේශිකයන්ට හදිසි මූල්‍ය බරක්●ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●
Top Ad
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමේ මියගිය ඉන්දීය ජාතිකයාගේ දේහය මිහිදන් කෙරේ

T

The Leader Desk

September 9, 2026 • 3:46 AM

මීගමුව බන්ධනාගාර ගැටුමේ මියගිය ඉන්දීය ජාතිකයාගේ දේහය මිහිදන් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ ක්‍රියාමාර්ග: CIDයෙන් ප්‍රකාශ 2,200ක්; සැකකරුවන් 81 දක්වා ඉහළට.
  • ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන්ගේ මැදිහත්වීම හා සම්බන්ධීකරණය මත රජයේ වියදමින් මෙම අවසන් කටයුතු මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී සිදු කළ බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ.
  • නඩු භාණ්ඩ සහ රස පරීක්ෂක වාර්තා මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඉදිරියේ මෙම නඩුකරය ඊයේ (08) කැඳවූ අවස්ථාවේදී, මියගිය ඉන්දීය ජාතිකයා මියයන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් සහ පාවහන් යුගල රස පරීක්ෂක වාර්තාවක් කැඳවීම සඳහා අධිකරණයට භාර දීමට පියවර ගත් බව CID නිලධාරීන් සඳහන් කළේය.
  • සිද්ධියට අදාළව මේ වන විට පුද්ගල ප්‍රකාශ 2,200කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති නමුත්, පොලිස් භාරයට ගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති ආයුධ හා නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද විමර්ශන අංශ අධිකරණයට දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

*අධිකරණ ක්‍රියාමාර්ග: CIDයෙන් ප්‍රකාශ 2,200ක්; සැකකරුවන් 81 දක්වා ඉහළට.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමේදී ජීවිතක්ෂයට පත් වූ උම්නිතාත් සරත්චන්ද්‍රන් නමැති ඉන්දීය ජාතික රැඳවියාගේ මෘත දේහය, අධිකරණ නියෝග ප්‍රකාරව පසුගිය සැප්තැම්බර් 02 වන දින විශේෂ ආරක්ෂාවක් යටතේ මිහිදන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන්ගේ මැදිහත්වීම හා සම්බන්ධීකරණය මත රජයේ වියදමින් මෙම අවසන් කටයුතු මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී සිදු කළ බව විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළහ.

නඩු භාණ්ඩ සහ රස පරීක්ෂක වාර්තා

මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඉදිරියේ මෙම නඩුකරය ඊයේ (08) කැඳවූ අවස්ථාවේදී, මියගිය ඉන්දීය ජාතිකයා මියයන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් සහ පාවහන් යුගල රස පරීක්ෂක වාර්තාවක් කැඳවීම සඳහා අධිකරණයට භාර දීමට පියවර ගත් බව CID නිලධාරීන් සඳහන් කළේය.

සිද්ධියට අදාළව මේ වන විට පුද්ගල ප්‍රකාශ 2,200කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති නමුත්, පොලිස් භාරයට ගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති ආයුධ හා නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද විමර්ශන අංශ අධිකරණයට දැන්වීය.

හඳුනාගැනීමේ පෙරට්ටුව සහ සැකකරුවන් 81ක්

මෙම සිදුවීමට අදාළව නම් කර ඇති තවත් සැකකරුවන් 11 දෙනෙකු ආවරණය කරන ලද මුහුණු සහිතව සැප්තැම්බර් 10 වැනි දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කෙරිණි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නම් කර ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 81ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් පස්දෙනා, සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදී හඳුනාගනු ලැබීය.

අධිකරණය හමුවේ නැගුණු නීතිමය තර්ක

ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු දක්වමින්, මෙම සිදුවීමේදී පාර්ශ්ව දෙකෙහිම සිදුවූ ජීවිත හානි පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු විය යුතු බව අවධාරණය කළේය.

ජූලි 05 වන දින ඇති වූ ආරවුල පාලනය කර තිබියදී පසුදින බාහිරින් පැමිණි අතිරේක කණ්ඩායම් මැදිහත් වීමෙන් තත්ත්වය දරුණු අතට හැරුණු බව පෙන්වා දුන් නීතිඥවරයා, මියගිය රැඳවියන්ගේ පවුල්වල අයිතිවාසිකම් සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම අධිකරණය හමුවේ තැබීය.
 
 ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 20 දෙනෙකු සහ රැඳවියන් 22 කු ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබීය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ (01) හි නිලධාරීන් විසින් මෙම වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරන ලද අතර, නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 10 වන දිනට නියමිතය.
 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...