BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

ඉන්දු - ලංකා ආරක්ෂක ගිවිසුම් ගැන පෙරටුගාමීන්ගෙන් ප්‍රශ්න කිරීමක්

T

The Leader Desk

September 9, 2026 • 4:17 PM

ඉන්දු - ලංකා ආරක්ෂක ගිවිසුම් ගැන පෙරටුගාමීන්ගෙන් ප්‍රශ්න කිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 38කට පසු ආ ඉන්දීය ආරක්ෂක ඇමැතිගේ සංචාරයේ ඇත්ත එළිදරව් කරන්නැයි පුබුදු ජයගොඩ කියයි
  • පෙරටුගාමීන් මතු කරන ප්‍රධාන තර්ක ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ මෙම සංචාරයේදී දෙරට අතර ඇති කරගත් එකඟතාවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේ සඳහන් කළේය.
  • ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ කැඩෙට් පුහුණුව, ආරක්ෂක විශ්ව විද්‍යාල අතර සහයෝගීතාවය, ඉන්දියාවෙන් ලබාදුන් ආයුධ වල නඩත්තුව නොමිලේ සිදුකර දීම වැනි ගිවිසුම් අත්සන් කළ බව.
  •  ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයෙක් මේ ලංකාවට එන්නේ වසර 38කට පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):


ගුවන් හමුදා අවි නවීකරණය ඇතුළු ගිවිසුම් 3ක් අත්සන් කෙරුණු බව රජය නිල වශයෙන් නිවේදනය කරයි

වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය අතරතුර දෙරට අතර අත්සන් තැබූ බව කියන ආරක්ෂක ගිවිසුම් සහ එකඟතාවන්හි සැබෑ අන්තර්ගතය රජය විසින් ජනතාවට හෙළිදරව් කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) පවසයි.

නුගේගොඩ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේ, මෙවැනි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවකදී සාකච්ඡා වූ කරුණු පිළිබඳ පුළුල් විනිවිදභාවයක් පැවතිය යුතු බවයි.


පෙරටුගාමීන් මතු කරන ප්‍රධාන තර්ක

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ මෙම සංචාරයේදී දෙරට අතර ඇති කරගත් එකඟතාවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේ සඳහන් කළේය.

"ඉන්දියානු ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලංකාවට පැමිණ අත්සන් කළ සැබෑ ගිවිසුම් සහ පැමිණි සැබෑ එකඟතා ආණ්ඩුව ජනතාවට හෙලිදරව් කළ යුතුයි. ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ කැඩෙට් පුහුණුව, ආරක්ෂක විශ්ව විද්‍යාල අතර සහයෝගීතාවය, ඉන්දියාවෙන් ලබාදුන් ආයුධ වල නඩත්තුව නොමිලේ සිදුකර දීම වැනි ගිවිසුම් අත්සන් කළ බව. නමුත් ඒ ගැන සාධාරණ සැකයක් මතු වෙනවා. ඉන්දියාව වැනි බලගතු රටක ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට එන්නේ දෙරටේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරු හෝ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් විසින් අත්සන් කළ හැකි එවැනි ගිවිසුම් අත්සන් කරන්න වෙන්න බැහැ.

 ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයෙක් මේ ලංකාවට එන්නේ වසර 38කට පසුව. මීට පෙර එවකට ඉන්දියානු ආරක්ෂක ඇමති කේ. සී. පාන්ට් ලංකාවට ආවේ 1988දී. ඒ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර, ඉතාම සංකීර්ණ තත්වයක් තිබියදී ඒ ගැන සාකච්ඡා කරන්න. දශක හතරකට ආසන්න කාලයකට පසුව මෙවර එන්නේ කැඩෙට් පුහුණුව ගැන හෝ යුද අවි නඩත්තුව ගැන කතා කරන්න වෙන්න බෑ. ඇත්තටම සාකච්ඡා කළේ මොනවද, ඇත්තටම පැමිණි එකඟතා මොනවාද කියා ආණ්ඩුව ජනතාවට අනාවරණය කළ යුතුයි.

මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරියේ ඉන්දියානු සංචාරය අතරතුර එකඟතා ගිවිසුම් ගණනාවක් අත්සන් කර තිබුණා. ඒවා මොනවාදැයි තවමත් ජනතාව දන්නේ නෑ. 2025 අප්‍රේල් 5 වැනිදා ඉන්දියාව සමග ගිවිසුම් හතක් අත්සන් කළා. ඒවායේ පිටපත් තවම නිල වශයෙන් නිකුත් කළේ නෑ. ඒ ගිවිසුම් හත අතර ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුමකුත් තිබෙනවා. මීට පෙර ඉන්දියානු මාධ්‍ය වල පළවුනා ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයා ලංකාවට එන්නේ ඒ අවබෝධතා ගිවිසුම මත පදනම්ව තවත් පුළුල් ආරක්ෂක සහයෝගීතාවයක් අත්සන් කරන්න කියලා. ආණ්ඩුව මේ ඔක්කොම ජනතාවගෙන් සඟවනවා.

 2025 අප්‍රේල් 5 දින ඉන්දියාව සමගත්, 2025 සැප්තැම්බර් 26 දින ජපානය සමගත්. 2025 නොඅම්බර් 14 දින ඇමරිකා එක්සත් ජනපදය සමගත් ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් අත්සන් කළා. එම රටවල් තුන ආසියාවේ නේටෝව ලෙස හඳුන්වන ක්වඩ් යුද සන්ධානයේ පාර්ශව හතරෙන් තුනක්. මේ හරහා ලංකාව ආසියාවේ නෙටෝවට ගැටගසා තිබෙනවා. ඒ වගේම පසුගිය සතියේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් තුයියකොන්තා නේටෝ සංවිධානයේ සිටින රටවල් සමග සමීප සහයෝගීතාවයකට එකඟ වුනා කියලා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. ලංකාව එඅනි එකඟතාවයකට එන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට. ආසියාවේ නෙටෝවෙන් නොනැවතී ප්‍රධාන නේටෝ සංවිධානයටම ලංකාව ගැටගැසුවාද?

මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය විසින් ලංකාව භූ දේශපාලන උගුලක හසුවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම නව දේශපාලන සංස්කෘතියක් ගැන පොරොන්දු දී බලයට පැමිණි මේ ආණ්ඩුව මේ සියල්ල ජනතාවගෙන් සඟවමින්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිටිහ්යට වැට බඳිමින් ඉතාම නරක දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින් සිටිනවා. ඒ නිසා විදෙස් සබඳතා ක්ෂේත්‍රයේ ආණ්ඩුව ගන්නා සියලු පියවර පිලිබඳ සත්‍යය ජනතාවට හෙළිකරන ලෙස බලකළ යතුයි. මේවායේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ ආණ්ඩුවේ නායකයන්ට පමණක් නෙවෙයි, සමස්ත ජනතාවට.''

පසුගිය කාලසීමාව තුළ ඉන්දියාව, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන 'ක්වාඩ්' (Quad) සන්ධානයට අයත් රටවල් සමඟ ඇති කරගත් ආරක්ෂක සහයෝගීතාවන් හරහා මෙරට විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර බල අරගලයකට මැදිවීමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රජය නිවේදනය කළ නිල එකඟතා

කෙසේ වෙතත්, රජය නිල වශයෙන් තහවුරු කරන්නේ මෙම සංචාරයේදී දෙරට අතර අත්සන් තැබුණේ සාමාන්‍ය ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් (MoUs) තුනකට පමණක් බවයි. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව අත්සන් තැබුණු එම ගිවිසුම් වන්නේ,

1- ඉන්දීය රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු L70 වර්ගයේ ගුවන් යානා නාශක අවි පද්ධතිය නොමිලේ නවීකරණය කර දීම.

2- ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජාතික කැඩෙට් බලකායන් (NCC) අතර පුහුණු හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම.

3- දෙරටේ ජාතික ආරක්ෂක විද්‍යාපීඨයන් (NDC) අතර ආරක්ෂක අධ්‍යයන සහ උපායමාර්ගික දැනුම හුවමාරු කර ගැනීම.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස කටයුතු කරන අතරම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකා භූමිය හෝ මුහුදු සීමාව භාවිත කිරීමට ඉඩ නොතබන බවයි.

කලාපීය ආරක්ෂාව සහ විනිවිදභාවයේ අවශ්‍යතාව

ඉන්දියන් සාගර කලාපයේ නාවික ආරක්ෂාව, නීතිවිරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සහ සාගරික සම්පත් ආරක්ෂා කර ගැනීම උදෙසා අසල්වැසි රාජ්‍යයන් සමඟ ආරක්ෂක සහයෝගීතාවන් පවත්වා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සාමාන්‍ය ක්‍රියාවලියකි. එහෙත්, නව දේශපාලන පරිවර්තනයක් සහ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශ කර ඇති රජයක් යටතේ, මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව විපක්ෂයෙන් මතු කෙරෙන සැක සංකා සම්බන්ධයෙන් පැහැදිලි හා විවෘත සංවාදයක් පැවතීමේ වැදගත්කම දේශපාලන විචාරකයින්ගේ අවධානයට ලක්ව තිබේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...