BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

කළු සල්ලි ජාවාරම මැඩලීම නීතිඥයන්ගේත් වගකීමක්: මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

September 10, 2026 • 3:55 AM

කළු සල්ලි ජාවාරම මැඩලීම නීතිඥයන්ගේත් වගකීමක්: මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ශ්‍රී ලංකාව යළි අළු ලැයිස්තුවට නොවැටී බේරීමට නම් නීති පොත්වලට සීමා නොවී ප්‍රතිඵල පෙන්විය යුතු බව අවධාරණය කෙරේ.*වසර හයකටම නීති ක්ෂේත්‍රයෙන් ලැබී ඇත්තේ සැකකටයුතු ගනුදෙනු වාර්තා 2ක් පමණක් බව හෙළි වෙයි.
  • නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.
  • ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් සැප්තැම්බර් 08 දා කොළඹදී සංවිධානය කරන ලද සමුළුවකට එක්වෙමින් අධිපතිවරයා එසේ කීය.
  • ඒ සඳහා දැනටමත් ප්‍රධාන සංශෝධිත පනත් තුනක් බලාත්මක කර ඇති බවද ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


කලු සල්ලි සුදු කිරිම වැලැක්වීම බැංකුවලට පමණක් සීමා වූවක් නොවන බවත්, මූල්‍ය නොවන නියමිත ව්‍යාපාර සහ වෘත්තීන් (DNFBPs) මෙන්ම නීතිඥවරුන්, නොතාරිස්වරුන් සහ ස්වාධීන නීති වෘත්තිකයන් වෙත ද එහි වගකීමක් පැවරී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් සැප්තැම්බර් 08 දා කොළඹදී සංවිධානය කරන ලද සමුළුවකට එක්වෙමින් අධිපතිවරයා එසේ කීය.

 ආසියා-පැසිෆික් කලාපීය කණ්ඩායම (APG) මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය හමුවේ, මෙරට මූල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය රැකගැනීම සඳහා නීති රාමුවක් පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එම නීති ක්‍රියාත්මක කිරීමේ සක්‍රීයතාව හා ප්‍රායෝගික ප්‍රතිඵල පෙන්වීම අතිශය තීරණාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ කියා සිටියේය.

නැවත 'අළු ලැයිස්තුවට' නොවැටීමේ අභියෝගය

පසුගිය අන්‍යෝන්‍ය ඇගයීම් වට දෙකේදීම ශ්‍රී ලංකාව පහළ මට්ටමකට ඇද වැටෙමින් අළු ලැයිස්තුවට (grey list) ඇතුළත් වූ බව පෙන්වා දෙන මහ බැංකු අධිපතිවරයා, මෙවර නැවතත් එම අහිතකර තත්ත්වයට පත් නොවී සිටීම තහවුරු කළ යුතු බව අවධාරණය කරයි. ඒ සඳහා දැනටමත් ප්‍රධාන සංශෝධිත පනත් තුනක් බලාත්මක කර ඇති බවද ඔහු කීය.

2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත, 2026 අංක 17 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත,2026 අංක 18 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත ආදියයි.

''පනත් හැදුවාට මදි, ප්‍රතිඵල පෙන්විය යුතුයි''

නමුත් පවතින තත්ත්වය හමුවේ පනත් හා නීති රාමුවක් පැවතීමට වඩා, එම නීති සක්‍රීයව අදාළ කරමින් ඵලදායී ප්‍රතිඵල පෙන්වීම වත්මන් ඇගයීම් ක්‍රියාවලියේදී අතිශයින් වැදගත් වන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා සැකකටයුතු ගනුදෙනු වාර්තා (Suspicious Transaction Reports - STR) වේලාවට ඉදිරිපත් කිරීම ප්‍රධානතම පදනමකි. මත්ද්‍රව්‍ය ජාවාරම, බදු වංචා, මූල්‍ය වංචා, දූෂණය ඇතුළු නීති විරෝධී කටයුතු සහ මූල්‍ය අපරාධ හඳුනාගැනීම, වැළැක්වීම සහ මර්දනය කිරීම සඳහා මෙම වාර්තා මගින් විශාල කාර්යභාරයක් ඉටු කරන බවද අධිපතිවරයා කියා සිටියේය.

වසර 6කටම නීතිඥයන්ගෙන් වාර්තා 2ක් පමණයි

මෙම වාර්තාකරණ වගකීම බැංකුවලට පමණක් සීමා නොවූවක් වන අතර, මූල්‍ය නොවන නියමිත ව්‍යාපාර සහ වෘත්තීන් (DNFBPs) මෙන්ම නීතිඥවරුන්, නොතාරිස්වරුන් සහ ස්වාධීන නීති වෘත්තිකයන් වෙත ද පැවරී ඇත. කෙසේ වෙතත්, පසුගිය වසර 6 ක කාලය තුළ (2020-2026) සමස්ත නීති ක්ෂේත්‍රයෙන්ම ඉදිරිපත් වී ඇත්තේ සැකකටයුතු ගනුදෙනු වාර්තා (STR) දෙකක් පමණක් බව හෙළි කරන අධිපතිවරයා, එය ඉතා පහළ මට්ටමක පවතින කනගාටුදායක හා අවධානය යොමු විය යුතු තත්ත්වයක් බව අධිපතිවරයා පෙන්වා දුන්නේය.

නීතිමය අනුකූලතාව පවත්වා ගැනීම නියාමන බරක් ලෙස නොසිතා, තමන්ගේ වෘත්තියේ අභිමානය, ආයතනයේ ගෞරවය සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය මෙන්ම රටේ ආර්ථිකය අපරාධකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා කෙරෙන දායකත්වයක් ලෙස සලකන ලෙස මහ බැංකු අධිපතිවරයා සියලු වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියි.

(සටහන | ජේ.මුණසිංහ)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කළු සල්ලි ජාවාරම මැඩලීම නීතිඥයන්ගේත් වගකීමක්: මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක් | The Leader