BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා යුද අනාථයන්ගේ ඉල්ලීම් ජිනීවා සමුළුවට

T

The Leader Desk

September 10, 2026 • 4:09 AM

ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යා යුද අනාථයන්ගේ ඉල්ලීම් ජිනීවා සමුළුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *මාස විස්සකට වැඩි කාලයක් රඳවා සිටින රොහින්ග්‍යා සරණාගතයන් නිදහස් කර මානුෂික ප්‍රවේශය සලසන ලෙසත්, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස හැඳින්වීම නවතා ස්ථිර වාසය හෝ පුරවැසිභාවය සලකා බලන ලෙසත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට, නීතිඥවරුන්ට, මානව හිමිකම් සංවිධාන හා මාධ්‍යවේදීන්ට තමන් හමුවීමට ඉඩ දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමතමින් ශ්‍රී ලංකාවාසී රොහින්ග්‍යා නියෝජිතයෙක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
  • “2024 දෙසැම්බරයේදී ළමයින් 57ක් ඇතුළු රොහින්ග්‍යාවරුන් 116ක් පමණ අනතුරුදායක සමුද්‍ර ගමනකින් පසු ශ්‍රී ලංකාවට පැමිණියා.
  • ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, උන්හිටිතැන් අහිමි වීම සහ  බියවැද්දීම පිලිබඳ ඔවුන්ගේ අත්දැකීම ඔවුන් දේශපාලන රැකවල් පතන්නන් බව පෙන්නුම් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


*මුලතිව් කඳවුරේ රඳවා සිටින පිරිසට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා නීතිඥයන්ට ප්‍රවේශය දෙන ලෙසත්, අනාථයන් ආපසු නොයවා ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් සහතික කරන ලෙසත් රොහින්ග්‍යා නියෝජිතයෙක් එක්සත් ජාතීන්ගේ 63 වැනි සැසිවාරයේදී ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට, නීතිඥවරුන්ට, මානව හිමිකම් සංවිධාන හා මාධ්‍යවේදීන්ට තමන් හමුවීමට ඉඩ දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමතමින් ශ්‍රී ලංකාවාසී රොහින්ග්‍යා නියෝජිතයෙක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.

“2024 දෙසැම්බරයේදී ළමයින් 57ක් ඇතුළු රොහින්ග්‍යාවරුන් 116ක් පමණ අනතුරුදායක සමුද්‍ර ගමනකින් පසු ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදී බෝට්ටු දෙකක් ගිලී ගොස් හයදෙනකුට ජීවිත අහිමි වුනා. ප්‍රචණ්ඩත්වය, වධහිංසනය, උන්හිටිතැන් අහිමි වීම සහ  බියවැද්දීම පිලිබඳ ඔවුන්ගේ අත්දැකීම ඔවුන් දේශපාලන රැකවල් පතන්නන් බව පෙන්නුම් කරනවා. ඒත් ඔවුන් මාස විස්සකට වැඩි කාලයක් රඳවා තබා ඇත්තේ මානුෂික ආධාර ලබාගැනීමට සීමිත ප්‍රවේශයක් ලබා දෙමින්. මේ රැඳවියන් නිදහස් කොට, ඒ තාක් කල් සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට, නීතිඥවරුන්ට, මානව හිමිකම් සංවිධානවලට හා මාධ්‍යවේදීන්ට ඔවුන් හමුවීමට ඉඩ සලසන ලෙසත්, දේශපාලන රැකවල් පතන්නන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස හැඳින්වීමෙන් වලකින ලෙසත් අපි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී 2026 සැප්තැම්බර් 7 වැනිදා පස්වරුවේ ආරම්භ විය.

''ස්ථිර වාස අනුමැතිය හෝ පුරවැසිභාවය සලකා බලන්න''

ශ්‍රී ලංකාවේ වාසය කරන රොහින්ග්‍යා සරණාගතයෙක් වන මොහොමඩ් අන්වර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමතමින්  ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා වැඩි දුරටත් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යාවරුන් ඇතුළු වෙනත් රටක ස්ථිර පදිංචිය ලබා ගත නොහැකි අනිකුත් සරණාගතයන්ට පුරවැසි භාවය හෝ ස්ථිර වාස අනුමැතිය හෝ ලබාදීම පිළිබඳව සලකා බලන ලෙසයි.

“මියන්මාරයේ රොහින්ග්‍යා විරෝධී වර්ග සංහාරයක් සිදුවූ බවටත්, වර්ග සංහාරයක් කෙරෙමින් පවතින බවටත් නිගමනය කිරීමට සාධාරණ හේතු ඇතැයි තොරතුරු සොයාබැලීමේ එක්සත් ජාතීන්ගේ දුත මණ්ඩලයක් හෙළි කර තිබෙනවා. රොහින්ග්‍යාවන් වන අපි දේශයක් නැති අයයි. ශ්‍රී ලංකාවේ සිටින රොහින්ග්‍යාවරුන් ඇතුළු වෙනත් රටක ස්ථිර පදිංචිය ලබා ගත නොහැකි අනිකුත් සරණාගතයන්ට පුරවැසි භාවය හෝ ස්ථිර වාස අනුමැතිය හෝ ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස අපි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ”

දේශපාලන රැකවරණ පතන රොහින්ග්‍යාවරුන්ට සහ සරණාගතයන්ට සහයෝගිතාව පලකරන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන්ට අඩන්තේට්ටම් කිරීම්, සෝදිසි කිරීම් සහ ඔවුන්ට එරෙහි සීමා පැනවීම් නවතා දමන ලෙසත් ඔහු ලක් රජයෙන් ඉල්ලා තිබුනි.

අතරමං වූවන් බේරාගත් යුද පීඩිත වන්නියේ ධීවරයන්

වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලයේ රටට ඇතුළු වු හතලිහක වැඩි දරු දැරියන්ද  ඇතුළුව 100 ට අධික  මුල්ම සරණාගත පිරිස වන රොහින්ග්‍යාවරුන් මහසයුරේ අතරමංව සිටියදි  මුලින්ම ගලවා ගන්නා ලද්දේ යුද පීඩිත වන්නියේ ධීවරයන් විසිනි.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින මියන්මාරයෙන් පලායන රොහින්ග්‍යා යුද අනාථයන් එරටටම ආපසු යවන බව පසුගිය වසර ආරම්භයේදී  මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කළ ප්‍රකාශයට සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙන්ම දේශපාලනඥයන්ද දැඩි විරෝධය පළ කර තිබුනි.

මූලික අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර ප්‍රඥප්ති උල්ලංඝනය වීමේ අවදානම

උතුරු මුහුදේ දී තම ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්තුතිය පුද කරන මොහොමඩ් අන්වර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අමතමින් ලක් රජයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබුනේ පානදුර අවට වාසය කරන සියලුම රොහින්ග්‍යාවරුන්ගේ ජීවිකාව, නිවාස, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ඇති අයිතිය සහතික කරන ලෙසයි.

“මහ කොමසාරිස්වරයාගේත්,  මියන්මාරය සඳහා වන ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයේත් වාර්තා මම සැලකිල්ලට ගන්නවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රොහින්ග්‍යා වරුන් 105ක් පමණ 2024 දෙසැම්බරයේ දී යාපනයට එපිට මුහුදෙන් ගලවා ගැනීම ගැන අපි කෘතඥ වෙනවා. පානදුර අවට වාසය කරන සියලුම රොහින්ග්‍යාවරුන්ගේ ජීවිකාව, නිවාස, ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් සඳහා ඇති අයිතිය සහතික කරන ලෙස අපි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

රොහින්ග්‍යාවරුන් මියන්මාරයට ආපසු යැවීම ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් පමණක් නොව, සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ 1951ප්‍රඥප්තිය ඇතුළු මානුෂික මූලධර්ම සහ ජාත්‍යන්තර නෛතික වගකීම් උල්ලංඝනයක් වන බව යෝනක ඉස්ලාමීය සංස්කෘතික නිකේතනයේ සභාපති ඔමාර් කමිල් විසින් 2025 වසරේ දී  විදේශ අමාත්‍ය විජිත හේරත් වෙත යවා ඇති ලිපියක දැක්වේ. 

 

Screenshot 2026 09 10 093143

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...