BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

යෝෂිතගේ නඩුවේ දෙහිවල ඉඩම් ගනුදෙනුව ගැන මහාධිකරණයේදී හෙළිදරව්වක්

T

The Leader Desk

September 10, 2026 • 3:51 PM

යෝෂිතගේ නඩුවේ දෙහිවල ඉඩම් ගනුදෙනුව ගැන මහාධිකරණයේදී හෙළිදරව්වක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඩු මුදලකට ඉඩම විකිණීමට සිදුවූ බවට සාක්ෂිකාරියකගෙන් ප්‍රකාශයක්
  • විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
  •   "ඩේසි ෆොරස්ට් දැක නැහැ; ගනුදෙනුව කළේ යෝෂිත සමඟයි"   දෙහිවල ගාලු පාරේ පිහිටි ඉඩම් කොටසක් විකිණීම සම්බන්ධයෙන් නඩුවේ පස්වන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි 79 හැවිරිදි ගින්තොට විධානගේ අයරින් සිල්වා  අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නාය.
  •   වසර හැටකට අධික කාලයක් තමන් සිය පවුලේ සාමාජිකයන් සමඟ ජීවත් වූ දෙහිවල ගාලු පාරේ මිහිඳු මාවතේ පිහිටි නිවස සහ ඉඩම් කොටස මීට වසර 15කට පමණ පෙර විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙත රුපියල් 3,375,000 ක මුදලකට විකිණීමට සිදුවූ බව ඇය සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


පරස්පර සාක්ෂි දුන් සාක්ෂිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පැමිණිල්ල සැරසෙයි  

රුපියල් මිලියන 73කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ අද පැවැත්විණි.  

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංගඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සහ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා සාක්ෂි මෙහෙයවූහ. විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.  

"ඩේසි ෆොරස්ට් දැක නැහැ; ගනුදෙනුව කළේ යෝෂිත සමඟයි"  

දෙහිවල ගාලු පාරේ පිහිටි ඉඩම් කොටසක් විකිණීම සම්බන්ධයෙන් නඩුවේ පස්වන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි 79 හැවිරිදි ගින්තොට විධානගේ අයරින් සිල්වා  අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නාය.  

වසර හැටකට අධික කාලයක් තමන් සිය පවුලේ සාමාජිකයන් සමඟ ජීවත් වූ දෙහිවල ගාලු පාරේ මිහිඳු මාවතේ පිහිටි නිවස සහ ඉඩම් කොටස මීට වසර 15කට පමණ පෙර විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙත රුපියල් 3,375,000 ක මුදලකට විකිණීමට සිදුවූ බව ඇය සඳහන් කළාය. ඊට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියද එය නොලැබුණු බවත්, අදාළ මුදල තමන් වෙත කොටස් දෙකකින් ලැබුණු බවත් ඇය ප්‍රකාශ කළාය.  

ඉඩම පැවරීමේ ඔප්පුවේ සහ ඊට අදාළ ගිවිසුමේ ‘ඩේසි ෆොරස්ට්’ නමැත්තියකගේ නම සඳහන්ව තිබුණද, ලියකියවිලි සකස් කරන හෝ අත්සන් තබන කිසිදු අවස්ථාවක ඇය එහි නොසිටි බව සාක්ෂිකාරිය කියා සිටියාය. තමන්ව වාහනයකින් විජයරාම ප්‍රදේශයට කැඳවාගෙන ගොස් අදාළ ඔප්පු සහ ගිවිසුම්වලට අත්සන් ලබාගත් බවද ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.  

මීට අමතරව, තවත් සාක්ෂිකාරියක වූ ගමගේ වයලට් ප්‍රනාන්දු ද සාක්ෂි දෙමින් කියා සිටියේ, අදාළ ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කළේ යෝෂිත රාජපක්ෂ බවත්, ‘ඩේසි ෆොරස්ට්’ නමැති අයෙකු තමන් කිසිදිනෙක හඳුනාගෙන හෝ දැක නොතිබූ බවත්ය.  

පරස්පර සාක්ෂි දුන් සාක්ෂිකරුට එරෙහිව පියවර  

නඩුවේ දහසය වන සාක්ෂිකරු ලෙස කැඳවා සිටි පාලිත ගමගේ නමැත්තා සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබාදීමේදී, මීට පෙර විමර්ශන නිලධාරීන් හමුවේ ලබා දී තිබූ ප්‍රකාශවලට පරස්පර කරුණු ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයේ අවධානයට යොමු කළේය.  

අදාළ පුද්ගලයා පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකරුවකු ලෙස නම් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වන වගන්තිය යටතේ බොරු සාක්ෂි දීමේ චෝදනාව මත ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.  

ඉදිරි නඩු දිනයන්හිදී අවශ්‍ය වුවහොත් කැඳවිය හැකි වන පරිදි සාක්ෂිකරු රුපියල් මිලියන දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, ඉදිරි සෑම නඩු දිනකදීම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළේය.  

නඩුවේ ඉදිරි විභාගය ලබන මසදී  

අධිකරණය නිකුත් කළ සිතාසිවලට අනුව නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු එදින අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්හ. පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම ඉදිරි දිනයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.  

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් මස මුල් සතිය දක්වා කල් තැබූ අතර, සෙසු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...