BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

සිනමා විචාරකයාට පහරදුන් රංගන ශිල්පී හේමාල් රණසිංහ කොන්දේසි හතරක් මත මුදාහැරේ

T

The Leader Desk

September 10, 2026 • 3:58 PM

සිනමා විචාරකයාට පහරදුන් රංගන ශිල්පී හේමාල් රණසිංහ කොන්දේසි හතරක් මත මුදාහැරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වරද පිළිගෙන ලක්ෂ 5ක වන්දියක්; මුදල අපේක්ෂා රෝහලට පරිත්‍යාග කෙරේ
  •   පසුව පෙබරවාරි 03 වැනිදා වැල්ලවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරිණි.
  • මුල් අවස්ථාවේදී චෝදනා ප්‍රතික්ෂේප කළ ද, පසුගිය මැයි 14 දින අධිකරණ නියෝගය පරිදි දෙපාර්ශ්වය සමථ මණ්ඩලයට යොමු කෙරුණු අතර එහිදී හේමාල් රණසිංහ අදාළ පහරදීම තමන් අතින් සිදුවූ බවට පූර්ණ වශයෙන් වරද පිළිගත්තේය.
  •   | අගතියට පත් පාර්ශ්වයට මාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කිසිදු ආකාරයක නින්දා අපහාසයක් හෝ අගතියක් සිදු නොකිරීමට එකඟ වීම.
අකුරු ප්‍රමාණය (Font Size):


'සිනමාවේ පාට් සැබෑ ජීවිතයට බෑ' - මහේස්ත්‍රාත්වරියගෙන් ජනප්‍රිය නළුවාට දැඩි අවවාද  

සිනමා විචාරකයෙකුට සාපරාධී බියගැන්වීම් සිදුකොට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ, සමථ මණ්ඩලයේදී ඇති කරගත් එකඟතා කොන්දේසි හතරක් මත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (සැප්තැම්බර් 10) නියෝග කළාය.  

සමථයට අදාළ නඩු වාර්තාව අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විත්තිකාර රංගන ශිල්පියාට දැඩිව අවවාද කරමින් පෙන්වා දුන්නේ මෙවැනි පහරදීම් සිනමාපට හෝ ටෙලිනාට්‍යවල රංගනයන්ට පමණක් සීමා විය යුතු බවත්, සැබෑ ජීවිතයේදී එවැනි හැසිරීම්වලට නීතියෙන් කිසිදු ඉඩක් නොමැති බවත්ය.  

ආරවුලට මුල් වූ සිදුවීම  

මෙම සිදුවීමට අදාළ ආරවුල හටගත්තේ පසුගිය ජනවාරි 08 වන දින හැව්ලොක් සිටි සිනමා සංකීර්ණයේදී පැවති 'Faad' සිනමාපටයේ මංගල දැක්මෙන් අනතුරුවය. එහිදී සිනමා විචාරකයෙකු මෙන්ම නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු වන ලක්මිණ රණසිංහට මරණීය තර්ජනය කරමින් සාපරාධී බියගැන්වීමක් සිදුකොට පහර දුන්නේ යැයි හේමාල් රණසිංහට එරෙහිව චෝදනා එල්ල විය.  

පසුව පෙබරවාරි 03 වැනිදා වැල්ලවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරිණි. මුල් අවස්ථාවේදී චෝදනා ප්‍රතික්ෂේප කළ ද, පසුගිය මැයි 14 දින අධිකරණ නියෝගය පරිදි දෙපාර්ශ්වය සමථ මණ්ඩලයට යොමු කෙරුණු අතර එහිදී හේමාල් රණසිංහ අදාළ පහරදීම තමන් අතින් සිදුවූ බවට පූර්ණ වශයෙන් වරද පිළිගත්තේය.  

සමථ මණ්ඩලයේ කොන්දේසි හතර  

අධිකරණයට ඉදිරිපත් කළ සමථ මණ්ඩල වාර්තාවට අනුව දෙපාර්ශ්වය පහත කොන්දේසි 4ට එකඟතාව පළ කර තිබිණි:  
 
| හේමාල් රණසිංහ විසින් තමන් කළ පහරදීම සම්බන්ධයෙන් වරද පිළිගෙන අගතියට පත් ලක්මිණ රණසිංහගෙන් විවෘතව සමාව ගැනීම.  

| අගතියට පත් පාර්ශ්වය වන ලක්මිණ රණසිංහ විසින් එම සමාව භාරගෙන ඔහුට සමාව දීම.  

| අගතියට පත් පාර්ශ්වයට මාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කිසිදු ආකාරයක නින්දා අපහාසයක් හෝ අගතියක් සිදු නොකිරීමට එකඟ වීම.  

| සිදුවූ වරද වෙනුවෙන් වන්දි වශයෙන් හේමාල් රණසිංහ විසින් ලක්මිණ රණසිංහ වෙත රුපියල් ලක්ෂ පහක (රු. 500,000) මුදලක් ගෙවීමට එකඟ වීම.  

වන්දි මුදල අපේක්ෂා රෝහලට  
අගතියට පත් ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයාගේ කැමැත්ත පරිදි විත්තිකරුගෙන් ලැබුණු රුපියල් ලක්ෂ පහක වන්දි මුදල සම්පූර්ණයෙන්ම මහරගම අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කරන බවයි. ඊට අදාළ නිල රිසිට්පත ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.  

එසේම, කිසිදු පාර්ශ්වයකින් නින්දා අපහාස නොකිරීමට සමථ මණ්ඩලයේදී එකඟ වී තිබියදීත්, හේමාල් රණසිංහගේ සමීපතමයින් සහ ඇතැම් කලා ක්ෂේත්‍රයේ පාර්ශ්ව සමාජ මාධ්‍ය හරහා තවමත් ලක්මිණ රණසිංහට අපහාසාත්මක ප්‍රකාශ පළකරමින් සිටින බව නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. යමෙකුගේ ජනප්‍රියත්වය කෙතරම් ඉහළ වුවද වෘත්තීය විනය සහ භාෂණයේ නිදහසට ගරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව එහිදී අවධාරණය කෙරිණි.  

දෙපාර්ශ්වයේ එකඟතාව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය, අගතියට පත් පාර්ශ්වයට කිසිදු අයුරකින් තවදුරටත් අපහාසයක් සිදු නොවිය යුතු බවට දැඩිව නියෝග කරමින් නඩුව අවසන් කර හේමාල් රණසිංහ මුදාහැරීමට නියෝග කළාය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...