BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

ගල් අඟුරු සහ ආර්ථික පොරොන්දු ගැන නාමල්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්නාවලියක්

T

The Leader Desk

September 10, 2026 • 5:15 PM

 ගල් අඟුරු සහ ආර්ථික පොරොන්දු ගැන නාමල්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්නාවලියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල් අඟුරුවල බර අඩුවීම හා මූල්‍ය විනිවිදභාවය ගැන පාර්ලිමේන්තුවේදී විමසයි
  • ගල් අඟුරු ප්‍රසම්පාදනය හා මූල්‍ය විනිවිදභාවය පාර්ලිමේන්තුව අමතමින් නාමල් රාජපක්ෂ  පෙන්වා දුන්නේ ආනයනය කරන ලද ගල් අඟුරු තොගවල සැලකිය යුතු ප්‍රමාණයක නොගැලපීමක් පවතින බවයි.
  • "ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 1,20,000ක ප්‍රමාණයක් පිළිබඳ පැහැදිලි වාර්තාවක් නෑ.
  • එහි මූල්‍ය වටිනාකම රුපියල් කෝටි 462ක් පමණ වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


බදු සහන, විදුලි බිල සහ ගොවි ගැටලු පිළිබඳ කරුණු සාකච්ඡාවට

රට තුළ ආන්දෝලනයට ලක්ව ඇති ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ජීවන වියදම මෙන්ම රජයේ ආර්ථික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රශ්න කිරීමක් සිදු කළේය.

විදුලිබල මණ්ඩලයේ ගල් අඟුරු මිලදී ගැනීම්වල විනිවිදභාවය, මැතිවරණ සමයේ ලබා දුන් බදු සහ වැටුප් සහන ක්‍රියාත්මක වීම සහ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.

ගල් අඟුරු ප්‍රසම්පාදනය හා මූල්‍ය විනිවිදභාවය

පාර්ලිමේන්තුව අමතමින් නාමල් රාජපක්ෂ  පෙන්වා දුන්නේ ආනයනය කරන ලද ගල් අඟුරු තොගවල සැලකිය යුතු ප්‍රමාණයක නොගැලපීමක් පවතින බවයි.

"ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 1,20,000ක ප්‍රමාණයක් පිළිබඳ පැහැදිලි වාර්තාවක් නෑ. එහි මූල්‍ය වටිනාකම රුපියල් කෝටි 462ක් පමණ වෙනවා. මේ ප්‍රසම්පාදන හා ගබඩා කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව වහාම රටට හෙළි කළ යුතුයි," යනුවෙන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ගල් අඟුරු සමාගම මීට පෙර සඳහන් කර ඇත්තේ මෙරටට ගල් අඟුරු ගොඩබෑමේදී සිදුවන ස්වභාවික බර අඩුවීම් (handling losses), තත්ත්ව පරීක්ෂාවන් සහ නැව්ගත කිරීමේ ප්‍රමිතීන් ජාත්‍යන්තර මුහුදු ප්‍රවාහන නීතිරීතිවලට යටත්ව නිරන්තර විගණනයට ලක්වන බවයි.

ජීවන වියදම සහ ප්‍රතිපත්තිමය ප්‍රතිඥා

රාජ්‍ය සේවක වැටුප් උද්ධමනයට සාපේක්ෂව සංශෝධනය කිරීම, විදුලි බිල පහත දැමීම සහ ඉන්ධන මත පනවා ඇති බදු ලිහිල් කිරීම සම්බන්ධයෙන් ලබා දී තිබූ පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම පිළිබඳවද නාමල් රාජපක්ෂ සභාවේ අවධානය යොමු කළේය.

"විදුලි බිල සහ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහත දමන බවට ලබා දුන් සහන ජනතාවට තවමත් ප්‍රායෝගිකව ලැබී නෑ. ඒ වගේම උපාධිධාරීන්ට රැකියා ලබා දීම, වී සඳහා රුපියල් 150ක සහතික මිලක් නියම කිරීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති වැට් බදු ඉවත් කිරීමේ වැඩපිළිවෙළ කුමන මට්ටමක පවතින්නේද යන්න පැහැදිලි කළ යුතුයි," යනුවෙන් ඔහු පැවසීය.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ප්‍රතිව්‍යුහගතකරණ ඉලක්ක සහ රාජ්‍ය ආදායම ස්ථාවරව පවත්වා ගැනීමේ අභියෝගය හමුවේ, බදු සහන ලබා දීම හා රාජ්‍ය වියදම් කළමනාකරණය අතර තුලනයක් පවත්වා ගැනීමට රජයට දැඩි මූල්‍ය පරිශ්‍රමයක යෙදීමට සිදුව ඇති බවයි.

මූල්‍ය ආරක්ෂාව සහ ඉදිරි මහජන ක්‍රියාමාර්ග

මෑතකදී වාර්තා වූ ඩිජිටල් මූල්‍ය වංචා, බැංකු පද්ධති ආශ්‍රිත ආරක්ෂණ ගැටලු සහ රේගු නිෂ්කාශන ක්‍රියාවලියේ පවතින නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද විපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය. නීතිය ක්‍රියාත්මක කිරීමේදී පක්ෂග්‍රාහී නොවී ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.

රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ පවතින ජීවන වියදම් පීඩනයට එරෙහිව අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ රැසකදී විපක්ෂය නියෝජනය කරන පාර්ශ්ව ඒකාබද්ධව මහජන රැලි සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර සංවිධානය කිරීමට පියවර ගන්නා බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...