BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

දෙහිවල නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් මරුට

T

The Leader Desk

September 11, 2026 • 3:38 AM

දෙහිවල නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *පාතාල ගැටුමක සැකය හමුවේ විශේෂ පොලිස් විමර්ශන දෙකක් ඇරඹෙයි
  • සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන්ගේ 55 හැවිරිදි පියා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
  •   අද අලුයම නිවසියන් නින්දේ පසුවන අවස්ථාවේදී නාඳුනන පාර්ශවයක් විසින් මෙම අත්බෝම්බය නිවස තුළට දමා ගසා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
  • පිපිරීමත් සමඟ බරපතළ තත්ත්වයේ පසු වූ දරුවන් දෙදෙනා සහ පියා වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ඒ වන විටත් දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*තුවාල ලැබූ පියා කළුබෝවිල රෝහලේ; සැකකරුවන් සොයා මෙහෙයුම්  

දෙහිවල පොලිස් වසමට අයත් කවුඩාන, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (11) අලුයම් කාලයේ එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන්ගේ 55 හැවිරිදි පියා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.  

අද අලුයම නිවසියන් නින්දේ පසුවන අවස්ථාවේදී නාඳුනන පාර්ශවයක් විසින් මෙම අත්බෝම්බය නිවස තුළට දමා ගසා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි. පිපිරීමත් සමඟ බරපතළ තත්ත්වයේ පසු වූ දරුවන් දෙදෙනා සහ පියා වහාම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ඒ වන විටත් දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මියගිය දරුවන් දෙදෙනා වයස අවුරුදු 11 සහ 17 යන වියෙහි පසුවන පාසල් සිසුන් බව අනාවරණය වී ඇත.  

පාතාල කල්ලි ගැටුමක සම්බන්ධයක් ගැන සැකයක්  

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රහාරය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර කලක පටන් පවතින විරසකයක දිගුවක් විය හැකි බවයි. විදෙස්ගතව සිට මෙහෙයවනු ලබන බව කියන පාතාල කල්ලි නායකයෙකු වන 'කූඩු අංජු' නමැත්තාගේ පාර්ශවය සහ ප්‍රතිවාදී කල්ලියක් වන 'කොස්මල්ලි' නමැත්තාගේ පාර්ශවය අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇත්දැයි ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමු වී ඇත.  

ප්‍රහාරයට ලක්වූ නිවසේ පිරිස 'කොස්මල්ලි' පාර්ශවයේ හිතවතුන් බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ ඔස්සේ සිද්ධිය පිටුපස සිටින සැබෑ ප්‍රධානීන් සහ ප්‍රහාරය මෙහෙයවූවන් අනාවරණය කර ගැනීමට සාක්ෂි එක්රැස් කරමින් පවතී.  

සැකකරුවන් හඹා විශේෂ කණ්ඩායම් දෙකක්  

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් වහාම නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි. ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති CCTV දර්ශන පරීක්ෂා කරමින් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ (SOCO) සහාය ඇතිව පරික්ෂණ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක වේ.  

මියගිය දරුවන්ගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ ඉදිරි අපරාධ ක්‍රියා වැළැක්වීම සඳහා දෙහිවල සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව ද තර කර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...