*බුද්ධිමය දේපළ පනත යටතේ සිවිල් හා අපරාධ නඩු පවරන බවට නීතිඥවරුන්ගෙන් නිවේදනයක්
අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගායනා කළ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත කිසිදු ගීතයක් වාණිජ්‍ය පරමාර්ථයෙන් යුතුව නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ උපදෙස් පරිදි ‘කැපිටල් සිටි ලෝ’ (Capital City Law) නීතිඥ සමාගම විසින් මේ බව ප්‍රසිද්ධ නිවේදනයක් මඟින් දැනුම් දී ඇත.
වාණිජ භාවිතය, කවර් ගීත සහ උපහාර ප්‍රසංගවලට වැටබැඳීම
එම නිවේදනයට අනුව, අදාළ නිර්මාණ වාණිජ අරමුණින් යුතුව නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්ස්’ (Cover Versions) ලෙස ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල ගායනා කිරීම සපුරා තහනම් වේ. එමෙන්ම මෙම ගීත වාණිජ්‍ය පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම ද නීති විරෝධී බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වන වගන්තිවලට අනුකූලව මෙන්ම, මහාචාර්ය සුනිල් ආරියරත්න සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සහ සේ මියුසික් (Cey Music) යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි ප්‍රකාරවය.
අධිකරණ පූර්වාදර්ශ සහ නීතිමය ප්‍රතිවිපාක
මෙම ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය සහ වාණිජ අයිතිය මීට පෙර මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු අංක 22070/05 සහ අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහවුරු කරන ලද SC Appeal No: 155/2014 තීන්දුව මඟින් ද පිළිගෙන තිබේ.
එබැවින් මෙම හිමිකම් කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව බුද්ධිමය දේපළ පනතේ 22 වන වගන්තිය යටතේ සිවිල් මෙන්ම අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස සිය සේවාදායකයා උපදෙස් දී ඇතැයි අදාළ නීති සමාගම පෙන්වා දෙයි. මෙම නීතිමය බලාත්මකභාවය ශ්‍රී ලංකාව තුළ මෙන්ම මෙරටින් බැහැරව සිදුවන උල්ලංඝනයන්ට ද එලෙසින්ම අදාළ වන බව අවධාරණය කර තිබේ.
පාසල් හා අධ්‍යාපනික කටයුතුවලට අදාළ නෑ
කෙසේ වෙතත්, වාණිජ්‍ය නොවන අරමුණින් පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුකරන අධ්‍යාපනික ගායනා සඳහාත්, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග ආදිය සඳහාත් මෙම වළක්වාලීම අදාළ නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් පැහැදිලි කර ඇත. 

නන්දා මාලිනිය ගැයූ ගීත වාණිජ්‍ය ප්‍රතිනිර්මාණයට මහාචාර්ය සුනිල් ආරියරත්නගෙන් තහනමක්
T
The Leader Desk
September 11, 2026 • 3:54 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- *වාණිජ කවර් ගීත සහ ප්‍රසංගවලට නීතිමය පියවර; අධ්‍යාපනික කටයුතුවලට බාධාවක් නෑ
- එමෙන්ම මෙම ගීත වාණිජ්‍ය පරමාර්ථයෙන් මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි භාවිත කිරීම ද නීති විරෝධී බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
- එබැවින් මෙම හිමිකම් කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව බුද්ධිමය දේපළ පනතේ 22 වන වගන්තිය යටතේ සිවිල් මෙන්ම අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස සිය සේවාදායකයා උපදෙස් දී ඇතැයි අදාළ නීති සමාගම පෙන්වා දෙයි.
- මෙම නීතිමය බලාත්මකභාවය ශ්‍රී ලංකාව තුළ මෙන්ම මෙරටින් බැහැරව සිදුවන උල්ලංඝනයන්ට ද එලෙසින්ම අදාළ වන බව අවධාරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



