BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
පුවත්

නැගෙනහිර සමූහ මිනීවළක් කැනීමට ජාත්‍යන්තර සහාය ඉල්ලයි

T

The Leader Desk

September 11, 2026 • 4:33 AM

නැගෙනහිර සමූහ මිනීවළක් කැනීමට ජාත්‍යන්තර සහාය ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *සත්තුරුකොන්ඩාන් ඝාතනයට වසර 36ක් පිරෙද්දී වින්දිතයන්ගෙන් ජාත්‍යන්තරයට බලපෑම් - සාක්ෂි තිබියදීත් මෙතෙක් යුක්තියක් ඉටු නොවීම ගැන ඥාතීන්ගෙන් දැඩි චෝදනා
  • ඒක නිපුණත්වයක් ඇතිව චෙම්මනි වගේ කැණීම් කරන්න ඕනේ කියන මේ ජනතාවගේ ඉල්ලීමක් විදිහට තියෙනවා.
  • “අවුරුදු 36ක් ගත වෙලා තිබුණත්, මේ ඥාතීන්ට යුක්තියක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලබා දුන්නේ නැහැ.
  • ” 1990 වසරේ සැප්තැම්බර් 9 වැනිදා මරා දමන ලද ගම්මාන හතරක 186 දෙනකු සිහිපත් කරන්නට වින්දිත පවුල් වල ඥාතීන්ගේද සහභාගීත්වයෙන් පැවැති එම අනුස්මරණය සදහා ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් කිහිප දෙනකු ද එක්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*දරුවන් සහ කාන්තාවන් ඇතුළු 186 දෙනෙකු සමූලඝාතනය කර වළ දැමූ භූමිය චෙම්මනි මෙන් විශේෂඥ අධීක්ෂණයෙන් හාරන ලෙස වින්දිත පවුල් ඉල්ලති


අත දරුවන් ඇතුලු එකසිය අසුවකට අධික නිරායුධ දෙමළ පිරිසක් රජයේ ආරක්ෂක අංශ විසින් සමුල ඝාතනය කර වළ දමා ඇති බවට සැලකෙන භුමියක් කණින ලෙස වින්දිතයන් විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කළ ඉල්ලීමක් යුද වින්දිත මාතාවක් විසින් යළිත් වරක් ජාත්‍යන්තර අවධානයට ලක් කර තිබේ.

මඩකලපු දිස්ත්‍රික්කයේ සත්තුරුකොන්ඩාන් හි පනිච්චෙයිඅඩි මංසන්ධියේ ස්ථාපිත කර ඇති ඝාතනය වූවන්ගේ ස්මාරකය අසළදී 2026 සැප්තැම්බර් 9 වැනි බදාදා සන්ධ්‍යාවේදී 36 වැනි වරටත් සත්තුරුකොන්ඩාන් සමුල ඝාතන අනුස්මරණ කමිටුව විසින් සංවිධානය කර තිබු අනුස්මරණයට එක් වෙමින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ උප සභාපති අමලරාජ් අමලනායකී කියා සිටියේ ඒ සදහා ජාත්‍යන්තරය ලක් රජයට බලපෑමක් සිදු කළ යුතු බවයි.

“ඇත්ත වශයෙන්ම මෙයාලා බලහත්කාරයෙන් අතුරුදන් කරපු අය. ඒ අයව මෙතැන කපලා වළ දැම්මා කියලා සාක්ෂි දීලා තියෙනවා. ඒක නිපුණත්වයක් ඇතිව චෙම්මනි වගේ කැණීම් කරන්න ඕනේ කියන මේ ජනතාවගේ ඉල්ලීමක් විදිහට තියෙනවා. ඒ නිසා මේකට වගවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේක ශ්‍රී ලංකා රජයෙන් අපිට ලබෙන්නේ නැහැ. ඒ නිසා ජාත්‍යන්තරය මේ වෙනුවෙන් බලපෑමක් සිදු කරලා ශ්‍රී ලංකා රජයෙන් සිදුවුණ අසාධාරණවලටත් වර්ග සංහාරයටත් සම්පූර්ණ වශයෙන්ම වගකීම භාරගැනීමට සලස්වන එක ජාත්‍යන්තරයේ වගකීම කියන එක තවත් සැරයක් අවධාරණය කරනවා.”

අත දරුවන් ඇතුලු නිරායුධ දෙමළ වැසියන් 186 දෙනකු රජයේ ආරක්ෂක අංශ විසින් මරා දමන ලද බවට ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රබල සාක්ෂි ගොනු වු නමුත් කිසිදු ආණ්ඩුව ඒ සදහා යුක්තිය ඉටු නොකරන බව ඇය කම්පාවෙන් යුතුව සදහන් කළාය.

“අවුරුදු 36ක් ගත වෙලා තිබුණත්, මේ ඥාතීන්ට යුක්තියක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ලබා දුන්නේ නැහැ. ලබා දෙන්නෙත් නැහැ. මොන ආණ්ඩුවක් ආවත්, ලබා දෙන්නේ නැහැ. මොකද කිව්වොත්, සැලසුම්සහගත විදිහට වර්ග සංහාරයක් කරලා ජන වර්ගයක් විනාශ කරලා තියෙනවා. ”

1990 වසරේ සැප්තැම්බර් 9 වැනිදා මරා දමන ලද ගම්මාන හතරක 186 දෙනකු සිහිපත් කරන්නට වින්දිත පවුල් වල ඥාතීන්ගේද සහභාගීත්වයෙන් පැවැති එම අනුස්මරණය සදහා ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් කිහිප දෙනකු ද එක්ව තිබේ.

පාලකිඩ්නර් කොමිසම

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1995 ජනවාරි 4 වැනිදා පත්කරන ලද විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු ක්‍රිෂ්ණපිල්ලේ පාලකිඩ්නර්ගේ සභාපතිත්වයෙන් යුත් උතුරු නැගෙනහිර පුද්ගල අතුරුදහන් කිරීම් සහ බලහත්කාරයෙන් පැහැරගෙන යාම් පිළිබඳ කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව සමුහඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන්නේ සත්තුරුකොන්ඩාන් බෝයිස් ටවුන් කඳවුරේ නිලධාරීන්ය.

යුද හමුදාව අතින් කුරිරු ලෙස සමූලඝාතනය වෙද්දී දිවි ගලවා ගැනීමට හැකි වු එකම තැනැත්තා එවක 27 වැනි වියේ පසුවූ පිල්ලෙයාර්අඩි ගමේ කන්දසාමි ක්‍රිෂ්ණකුමාර්ය.

ඔහු පවසන පරිදි 1990 වසරේ සැප්තැම්බර් නමවැනිදා සැන්දෑවේ 5.30 ට පමණ මඩකලපු දිස්ත්‍රික්කයේ සත්තුරුකොන්ඩාන් හි බෝයිස් ටවුන් හමුදා කදවුරේ සන්නද්ධ භට පිරිසක් සත්තුරුකොන්ඩාන්, කොකුවිල්, පනිච්චෙයියඩි හා පිල්ලයාරඩි යන ගම්මාන වලට ඇතුල් වී එම ගම්වාසීන්ට නිවෙස් වලින් එලියට බහින ලෙස අණ කර තිබේ.

වීදියට බට ගම්වැසියන් එකසිය අසූ පහක් වටලා පසුපසට දෑත් බැඳ, ඔවුන් සියලු දෙනා හමුදා කදවුර වෙත රැගෙන විත් ඇත.

එම පිරිසට සත්තුරුකොන්ඩාන් ගම් වැසියන් 38 ක්, කොකුවිල් ගමේ 47 ක් , පනිච්චෙයියඩි ගම් වැසියන් 37 ක් හා පිල්ලයාර්ඩි ගම් වැසියන් 62 ක් අයත් වුනි.

හමුදා අත් අඩංගුවට පත් පිරිස අතර ගැබිණි මව්වරුන්ද ඇතුළු කාන්තාවන් 85 කි.

අවුරුදු දහයට අඩු දරු දැරියන් 42 කින් සමන්විත එම පිරිසට අවුරුදු 60ට වැඩි වයසේ 28 දෙනකු ද ඇතුළත් ය.

සාමාන්‍ය විමර්ශනයක් සිදු කිරීම සදහා සියලු දෙනා හමුදා කදවුර වෙත ගෙනයන අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කෙරෙනු ඇති බව හමුදාව විසින් ගම් වැසියන්ට පවසා තිබුනත් ඉන් පැය කිහිපයකට පසු එක් අයෙක් හැර ගෙදර ආ වෙනත් කිසිවකු නැත.

පාලකිඩ්නර් කොමිසමේ වාර්තා වල දැක්වෙන පරිදි කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් තුවාල කැළැල් පෙන්නමින් පවසා ඇත්තේ හමුදා භටයන් පපුවේ තුන් පොළකට තමන්ට පිහියෙන් ඇන්න බවයි.

තවත් දහ දෙනකු පමණ පිහි ඇනුම් කා බිම වැටී ඉන්නා අයුරු ඔහු දැක තිබේ.

ස්ත්‍රී දුෂණ

තුවාල වී බිම වැටී සිටියදී තමන් දුටු හමුදා සෙබළුන් විසින් කාන්තාවන්ට එරෙහිව කළ කුරිරු කම් හෙළිකරමින් කන්දසාමි ක්‍රිෂ්ණකුමාර් එයින් තුන් අවුරුද්දකට පසු ටැමිල්නෙට් වෙබ් අඩවියට පවසා තිබූ මහත් කම්පා කරවන සුළු විස්තරයෙන් බිඳකි මේ.

“පස්සේ උන් ඇඟේ නූල් පොටක්වත් නැතිව ගෑණු ළමයි අරන් ආවා. ඒ ළමයින්ගේ කටේ පස් පුරවලා දිගින් දිගටම දූෂණය කළා. ඊට පස්සේ හමුදා භටයෝ කඩු අරගෙන ඒ අයගේ පපු කපලා අයින් කළා. එයින් තුන් දෙනෙක් ලිඳකට තල්ලු කළා. උන් දූෂණය කර කර, මර මරා, මළකඳන් වළවල්වලට දාන වැඩේ පැටලිලා ඉන්නකොට මම හෙමිහිට කළුවරේ එලියට බඩ ගා ගත්තා. ආමි කාරයෝ ගියාම මම හමුදා කඳවුරේ වැට දිහාට රිංගලා කෑම්ප් එක පිටිපස්සේ ලඳු කැලේ හැංගුනා. පස්සේ සොල්දාදුවෝ ටයර් ගෙනල්ලා වලේ තිබුණු මළකඳන් වලට ගිනි තිබ්බා. පාන්දර තුන විතර වෙනකල් ගින්න ඇවිලුනා. ගිනිමැලේ නිවුනට පස්සේ වළට පස් දාලා වැහුවා.”

සමුලඝාතනයට ලක් වු අයගේ  පවුල් වල සාමාජිකයන් චෝදනා කරන්නේ  යුද හමුදාව සහ ග්‍රාමාරක්ෂක භටයන් එම අපරාධය කළ බව ජනාධිපති කොමිසමක් හමුවේ තහවුරු වී තිබියදීත් අදටත්  යුක්තිය ඉටුවී නොමැති බවයි.

උතුරේ අතුරුදහන් කිරීම් හා සමුලඝාතන පිළිබඳව ආචාර්ය දෙවනේසන් නේසයියාගේ සභාපතිත්වයෙන් 2003 දී කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් විමර්ශනයකින් රජයට කෙරුණු එක් නිර්දේශයක් වූයේ සත්තුරුකොන්ඩාන් ඇතුළු සමුහඝාතන සිදුවූ ස්ථානවල සාමුහික අනුස්මරණ ස්මාරක ඉදිකිරීමයි.

එවන් වැඩපිළිවෙලක් සංහිදියාවටත්, මෙවන් අපරාධ නැවත සිදුවීම වැලක්වීමටත්  ඉවහල් වනු ඇති බව කොමිසමේ විශ්වාසය විය.

 

tamil celebrty

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...