BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
පුවත්

පළාත් සභා කාරක සභාවේ කාලය දිගුවෙද්දී විපක්ෂයෙන් වර්ජන තීරණයක්

T

The Leader Desk

September 11, 2026 • 2:58 PM

පළාත් සභා කාරක සභාවේ කාලය දිගුවෙද්දී විපක්ෂයෙන් වර්ජන තීරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කමිටු කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කිරීමට විරෝධය; පැරණි ක්‍රමයට හෝ ඡන්දය තියන්නැයි විපක්ෂ නායක කියයි.
  • අද (11) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ස්ථාවර නියෝග 102 ප්‍රකාරව මෙම කාරක සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී සභාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
  • "ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර වහාම ඡන්දය තියන්න" මෙම යෝජනාවට දැඩි විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, අදාළ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමෙන් වැළකී වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.
  • මෙම කාරක සභාව පත් කර ඇත්තේ මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට බවත්, එහි කාලය දිගු කිරීම යනු ජනතාවට ඡන්ද අයිතිය ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නෛතික රාමුව සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය බව ආණ්ඩු පක්ෂය අවධාරණය කරයි; මාස 9ක් තිස්සේ කල් මරන බවට විපක්ෂයෙන් චෝදනා.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නෛතික හා මැතිවරණ ක්‍රමවේදය නිර්දේශ කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය ලබන දෙසැම්බර් මස 17 වැනිදා දක්වා දීර්ඝ කිරීමට විරෝධය පළ කරමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම කාරක සභාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

අද (11) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ස්ථාවර නියෝග 102 ප්‍රකාරව මෙම කාරක සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී සභාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

"ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර වහාම ඡන්දය තියන්න"

මෙම යෝජනාවට දැඩි විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, අදාළ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමෙන් වැළකී වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. මෙම කාරක සභාව පත් කර ඇත්තේ මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට බවත්, එහි කාලය දිගු කිරීම යනු ජනතාවට ඡන්ද අයිතිය ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය ජනතාවට බියක් නොදක්වන්නේ නම් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, නව ක්‍රමය සම්බන්ධයෙන් ගැටලු පවතී නම් පැරණි ක්‍රමය යටතේ හෝ මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. තවද, කාරක සභාවේ කාලය දික් කරමින් මැතිවරණය කල් දැමීම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් මෙන්ම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් වන හෙයින්, මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව වහාම නතර කරන ලෙසත් විපක්ෂය ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 
මාස නවයක සාකච්ඡා සහ විපක්ෂයේ වර්ජනය

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, මෙම කාරක සභාව රැස්වී දැනටමත් මාස 9ක කාලයක් ගතවී ඇති බවයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ යෝජනාවලියට විපක්ෂ මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර තිබියදීත් මෙලෙස නැවත නැවතත් කාලය දීර්ඝ කිරීම පැහැදිලිවම කල්මැරීමේ ක්‍රියාවලියක් බව චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙවැනි නිෂ්ඵල කාරක සභාවකට විපක්ෂයක් ලෙස නැවත නොපැමිණීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය.

මීට සමගාමීව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ගයන්ත කරුණාතිලක, දයාසිරි ජයසේකර සහ ෂානක්කියන් රාසමාණික්කම් යන මන්ත්‍රීවරුන් ද කමිටු කාලය දීර්ඝ කිරීමට එරෙහිව සභාවේ බෙදීමක් (ඡන්ද විමසීමක්) ඉල්ලා සිටිමින් සිය දැඩි විරෝධය සටහන් කළහ.

නෛතික පදනම සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව

කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ පළාත් සභා මැතිවරණය කල් දැමීමේ කිසිදු උවමනාවක් රජයට නොමැති බවයි. මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට පෙර ඊට අදාළ පාර්ලිමේන්තු සහ නෛතික ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු බවත්, ඒ වෙනුවෙන් මෙම කාරක සභාවේ කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කිරීම අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ද අදහස් දක්වමින් කියා සිටියේ, පළාත් සභා ක්‍රමයේ කාන්තා හා තරුණ නියෝජනය ඇතුළු තාක්ෂණික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ඇති බැවින් මෙම කමිටු ක්‍රියාවලිය වැදගත් වන බවයි.

පළාත් සභා ක්‍රමය වසර ගණනාවක සිට අක්‍රිය මට්ටමේ පැවතීම සහ ඊට අදාළ නීතිමය සංශෝධන හා සීමා නිර්ණ ගැටලු හේතුවෙන්, මෙම මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සම්බන්ධ අර්බුදය ඉදිරි පාර්ලිමේන්තු දිනවලදී ද දැඩි දේශපාලන සංවාදයකට තුඩු දෙනු ඇති බව පෙනී යයි.

 

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළාත් සභා කාරක සභාවේ කාලය දිගුවෙද්දී විපක්ෂයෙන් වර්ජන තීරණයක් | The Leader