BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
පුවත්

නාමල් රිමාන්ඩ් පසුබිමක මහින්ද අද අනුරපුර 'ජනසටන' මහජන රැලියට

T

The Leader Desk

September 12, 2026 • 3:41 AM

නාමල් රිමාන්ඩ් පසුබිමක මහින්ද අද අනුරපුර 'ජනසටන' මහජන රැලියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *අල්ලස් කොමිසමේ නීතිමය පියවර හමුවේ පොහොට්ටුවේ සංවිධාන යාන්ත්‍රණය යළි කරළියට
  • චානක පැවසුයේ, ජනතාව මුහුණ දෙන මූලික ගැටලු මෙන්ම පසුගිය සමයේ ලබාදුන් පොරොන්දු ඉටු කරවා ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය පළකිරීම මෙම රැලියේ ප්‍රමුඛ අරමුණ බවයි.
  • එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරන්නේ, මෙම විරෝධතාව කිසියම් පුද්ගල කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපෘතියක් නොව, ගොවි, කම්කරු ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ හඬ නියෝජනය වන පොදු මහජන වේදිකාවක් බවයි.
  • නාමල් රාජපක්ෂ ගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මෙම රැළිය සඳහා එක්වන බවට පැතිර ගිය ප්‍රචාර සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවද ඔහු පැහැදිලි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*ගොවි ගැටලු පෙරටු කරගත් මහජන විරෝධයට ටිරාන්-විමල්-ගම්මන්පිලත් එක වේදිකාවකට

පවත්නා ආර්ථික හා පරිපාලනමය ක්‍රියාමාර්ග හමුවේ පීඩාවට පත්ව සිටින ගොවි ප්‍රජාව ඇතුළු මහජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සංවිධානය කරන "ජනසටන" මහජන රැලිය අද (12) පස්වරුවේ අනුරාධපුර නගර සභා නිවාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.

වත්මන් දේශපාලන වටපිටාව තුළ සැලකිය යුතු අවධානයක් දිනාගෙන ඇති මෙම රැලිය පැවැත්වෙන්නේ, එහි ප්‍රධාන සංවිධායකයෙකු මෙන්ම ප්‍රධාන කථිකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමකය.

දේශපාලන පරිවර්තනයක් සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වය

නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගතවීමත් සමඟ රැලියේ ඉදිරි ගමන පිළිබඳව දේශපාලන කරළියේ විවිධ මත පළවුවද, සැලසුම් කළ පරිදිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සෘජු ප්‍රධානත්වයෙන් රැලිය මෙහෙයවීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී. චානක පැවසුයේ, ජනතාව මුහුණ දෙන මූලික ගැටලු මෙන්ම පසුගිය සමයේ ලබාදුන් පොරොන්දු ඉටු කරවා ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධය පළකිරීම මෙම රැලියේ ප්‍රමුඛ අරමුණ බවයි.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කරන්නේ, මෙම විරෝධතාව කිසියම් පුද්ගල කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපෘතියක් නොව, ගොවි, කම්කරු ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ හඬ නියෝජනය වන පොදු මහජන වේදිකාවක් බවයි. නාමල් රාජපක්ෂ ගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මෙම රැළිය සඳහා එක්වන බවට පැතිර ගිය ප්‍රචාර සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් මෙතෙක් සිදුව නොමැති බවද ඔහු පැහැදිලි කළේය.

විපක්ෂයේ පුළුල් සන්ධානයක් කරා?

මෙම රැලිය සුවිශේෂී වන්නේ මෑතකාලීනව ආණ්ඩුවට එරෙහිව පවත්වනු ලබන පළමු දැවැන්ත සංවිධානාත්මක මහජන ඒකරාශීවීමක් වීම හේතුවෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල් පෙළ නායකයින්ට අමතරව, මීට පෙර සන්ධානයෙන් ස්වාධීනව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, එක්සත් මහජන පක්ෂයේ නායක ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා ඇතුළු විපක්ෂ දේශපාලන නියෝජිතයින් පිරිසක්ද මේ සඳහා එක්වීමට නියමිතව සිටීම දේශපාලනික වශයෙන් නව ඉඟියක් සපයයි..

රැලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කරන සංවිධායක මණ්ඩලය අවධාරණය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ඕනෑම දේශපාලන පක්ෂයකට මෙන්ම ජනතාවටද සිය අදහස් හා විරෝධතාව පළකිරීමේ අයිතිය හිමිවන බවත්, දිවයිනේ පවතින සමාජ-ආර්ථික වාතාවරණය හමුවේ මෙම ජන රැළිය සාමකාමීව හා විධිමත්ව පවත්වා අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්ය.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...