BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
පුවත්

රජ ඔටුන්න එපා: එංගලන්ත ගෝල්රකින්නා උගන්ඩාවේ සිහසුන ප්‍රතික්ෂේප කරයි!

T

The Leader Desk

September 12, 2026 • 3:56 PM

රජ ඔටුන්න එපා: එංගලන්ත ගෝල්රකින්නා උගන්ඩාවේ සිහසුන ප්‍රතික්ෂේප කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෝරො රාජධානියේ රජුගේ අභාවයෙන් පසු උරුම වූ රාජකීය කිරුළ SE Dons පිලේ නායක ජෝර්ජ් කමුරාසි වෙතින් ගිලිහේ.
  • එංගලන්ත පාපන්දුවේ නව වැනි ස්තරයේ ක්‍රීඩා කරන 36 හැවිරිදි කමුරාසි ඔහුට ලැබුණු මේ දුර්ලභ අවස්ථාව බැහැර කරමින් උගන්ඩාවේ රාජකීය සිංහාසනයකට වඩා එංගලන්තයේ ගත කරන වර්තමාන ජීවිතය හා පාපන්දු ක්‍රීඩා කිරීම තෝරා ගෙන තිබෙනවා.
  • ඔ්යෝ රජු 34 වැනි වියේ පසුවෙමින් සිටියදී පිළිකාවකින් අගෝස්තු 27 වැනිදා මිය යාමෙන් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් කිරීමේ කාර්යය බාරව සිටින රාජකීය තේරීම් කමිටුවේ පළමු තේරීම වී තිබුණේ කමුරාසි.
  • කෙසේ වෙතත්, අනෙකුත් පෞද්ගලික කැපවීම් හේතුවෙන් කමුරාසි රජකම ප්‍රතික්ෂේප කළ බව කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රාජ්‍යත්වයට වඩා FA කුසලාන තරගාවලියට මුල්තැන දෙමින් 36 හැවිරිදි දැවැන්ත ක්‍රීඩකයා ගත් පෙරළිකාර තීරණය.


එංගලන්තයේ SE Dons පාපන්දු කණ්ඩායමේ නායක හා ගෝල්රකින්නා වන ජෝර්ජ් ‌ඩෙස්මන්ඩ් කමුරාසි ඔහුට ලැබුණු උගන්ඩාවේ ටෝරො රාජධානියේ රාජකීය ඔටුන්න ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එංගලන්ත පාපන්දුවේ නව වැනි ස්තරයේ ක්‍රීඩා කරන 36 හැවිරිදි කමුරාසි ඔහුට ලැබුණු මේ දුර්ලභ අවස්ථාව බැහැර කරමින් උගන්ඩාවේ රාජකීය සිංහාසනයකට වඩා එංගලන්තයේ ගත කරන වර්තමාන ජීවිතය හා පාපන්දු ක්‍රීඩා කිරීම තෝරා ගෙන තිබෙනවා.

කමුරාසි උගන්ඩා ටෝරො රාජධානියේ හිටපු රාජයා වන IV වැනි ඔ්යෝ නයිම්බා කාබම්බා ඊගූරූ රූකීඩීගේ ඥාති සොහොයුරෙක්. ඔ්යෝ රජු 34 වැනි වියේ පසුවෙමින් සිටියදී පිළිකාවකින් අගෝස්තු 27 වැනිදා මිය යාමෙන් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් කිරීමේ කාර්යය බාරව සිටින රාජකීය තේරීම් කමිටුවේ පළමු තේරීම වී තිබුණේ කමුරාසි.

කෙසේ වෙතත්, අනෙකුත් පෞද්ගලික කැපවීම් හේතුවෙන් කමුරාසි රජකම ප්‍රතික්ෂේප කළ බව කමිටුව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු එයින් ඉවත් වීමෙන් පසුව එරට ජනප්‍රිය රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙකු වන එඩ්වර්ඩ් රූකීඩී කීජානාන්ගොමා (Edward Rukidi Kijanangoma) ටෝරො රාජධානියේ නව රජු ලෙස පත් කර තිබෙන්නේ ඔ්යෝ රජ පවුලේ සමහර සාමාජිකයින්ගේ විරුද්ධත්වය මධ්‍යයේයි.

අඩි හයයි අඟල් හයක උස නිසා Big G නමින් හැඳින්වෙන කමුරාසි SE Dons කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රීඩා සමාජය මේ ක්‍රීඩා වාරයේදී ප්‍රථම වතාවට FA කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටිනවා. ඔවුන් මෑතකදී Erith Town පිල ගෝල් 2-0කින් පරාජය කරමින් සුදුසුකම් ලැබීමේ දෙවැනි තරග වටයට පිවිසියා.  ඔවුන්ගේ මීළඟ තරගය Chichester City කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් 19 වැනිදාට යෙදී තිබෙනවා. කමුරාසි දැනට ඔහුගේ මුළු අවධානය යොමු කර තිබෙන්නේ ඒ තරගය හා ඔහුගේ කණ්ඩායම කෙරෙහි මිස උගන්ඩාවේ සිහසුනක් ගැන නෙවෙයි.

උගන්ඩාව පාලනය වන්නේ ඡන්දයෙන් තෝරා ගත් රජයක් හා ජනාධිපතිවරයෙක් යටතේ වන බැවින් ටෝරො රාජ්‍යයේ රජුට කෙළින්ම විධායක හෝ පරිපාලනමය බලයක් නැහැ. කෙසේ වෙතත්, ටෝරො රාජාණ්ඩුව ඇතුළු උගන්ඩාවේ සම්ප්‍රදායික රාජකීය පවුල් කිහිපයක් තවමත් අති විශාල සමාජමය හා සංස්කෘතික වැදගත්කමක් රඳවා තබා ගනිමින් සිටිනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
 

සබැඳි පුවත් :

එංගලන්ත පාපන්දුවේ ආධුනික ගෝල්රකින්නෙක් උගන්ඩාවේ සිංහාසනයට!


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...