BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
පුවත්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරලයින් ජූරි සහ චූලා නිදොස් කොට නිදහස්

T

The Leader Desk

September 14, 2026 • 7:59 AM

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරලයින් ජූරි සහ චූලා නිදොස් කොට නිදහස්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැගූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වෙයි
  • බෝදරගම විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ, විත්තිකාරියන් දෙදෙනාට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට අධිකරණය හමුවේ ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බවයි.
  •   වේදිකාවෙන් ඇරඹි නීතිමය ගැටුම   මෙම නඩුවට පාදක වූයේ 2021 අප්‍රේල් මාසයේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති 'ශ්‍රී ලංකා විවාහක රූ රැජින' අවසන් මහා තරගයේදී සිදුවූ සිදුවීමකි.
  •   ජාත්‍යන්තර අවධානය සහ කිරුළ අත්හැරීම   මෙම සිදුවීම ගෝලීය මාධ්‍ය ජාලාවල ප්‍රධාන පුවතක් බවට පත්වූ අතර, ලෝක රූ රැජින සංවිධානය ද ඊට මැදිහත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර පහක නීතිමය සටන නිමාවෙද්දී දෙවන විත්තිකාරිය චූලා පත්මේන්ද්‍රන් දිවිසැරියෙන් සමුගෙන  


දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල ද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිදුවීමට අදාළ නඩුවේ විත්තිකාරියන් වූ හිටපු ලෝක විවාහක රූ රැජින කැරලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනී චූලා පත්මේන්ද්‍රන් අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.  

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේ, විත්තිකාරියන් දෙදෙනාට එරෙහිව නගා තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට අධිකරණය හමුවේ ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බවයි.  

වේදිකාවෙන් ඇරඹි නීතිමය ගැටුම  

මෙම නඩුවට පාදක වූයේ 2021 අප්‍රේල් මාසයේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති 'ශ්‍රී ලංකා විවාහක රූ රැජින' අවසන් මහා තරගයේදී සිදුවූ සිදුවීමකි. එහිදී ජයග්‍රාහිකාව ලෙස පුෂ්පිකා ද සිල්වා නම් කෙරුණු අවස්ථාවේදී, එවක කිරුළ දරා සිටි කැරලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වී ඇති බැවින් ඇය තරග නීති උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරමින් ඇය පැළඳ සිටි කිරුළ ගලවා දෙවන ස්ථානය ලැබූ තරගකාරිය වෙත පැළඳවීමට කටයුතු කළාය.  

එම ක්‍රියාවලියේදී තමන්ට තුවාල සිදුවූ බවත්, වේදිකාවේ දේපළවලට හානි සිදුවූ බවත් පවසමින් කුරුඳුවත්ත පොලිසිය හරහා ගොනු කෙරුණු පැමිණිල්ලකට අනුව කැරලයින් ජූරි සහ ඊට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් චූලා පත්මේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරිණි.  

ජාත්‍යන්තර අවධානය සහ කිරුළ අත්හැරීම  

මෙම සිදුවීම ගෝලීය මාධ්‍ය ජාලාවල ප්‍රධාන පුවතක් බවට පත්වූ අතර, ලෝක රූ රැජින සංවිධානය ද ඊට මැදිහත් විය. ඒ අනුව පසුව පැවති සාකච්ඡාවලින් අනතුරුව පුෂ්පිකා ද සිල්වා නීත්‍යානුකූලව දික්කසාද වී නොමැති බව තහවුරු වීම හේතුවෙන් ඇයට නැවත කිරුළ හිමි විය.  

කෙසේවෙතත්, තරගාවලියේ පැවති අසාධාරණත්වයන්ට එරෙහිව තමන් පෙනී සිටි බව ප්‍රකාශ කළ කැරලයින් ජූරි, සිය 'ලෝක විවාහක රූ රැජින' (Mrs. World 2020) කිරුළ ස්වේච්ඡාවෙන්ම අත්හැරීමට පියවර ගත්තාය. ඇය පෙන්වා දුන්නේ සෑම කාන්තාවකටම සාධාරණ තරග බිමක් නිර්මාණය විය යුතු බවත්, වේදිකාව මත ගත් ස්ථාවරය වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවත්ය.  

නඩු තීන්දුව එද්දී දෙවන විත්තිකාරිය නික්ම යයි  

වසර පහකට ආසන්න කාලයක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ එළඹෙන ඔක්තෝබර් මාසයේ වුවද, අද දින එය කැඳවා තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.  

කෙසේ වෙතත්, නඩුවේ දෙවන විත්තිකාරිය ලෙස නම් කර සිටි ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම පුහුණුකාරිනියක වූ චූලා පත්මේන්ද්‍රන් පසුගිය අගෝස්තු 31 වනදා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වීම හේතුවෙන් අද දින ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ඇයගේ ඇපකාරියයි. ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල විසින් ගොනු කරන ලද චෝදනා නීතිමය වශයෙන් තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් විත්තිකාරියන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කරන බව අවසන් වශයෙන් නිගමනය කළේය.  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...