BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
පුවත්

හම්බන්තොට වරායට ගෙන්වන වාහනවල 'ස්මාර්ට් කී' සොරගැනීමේ ජාවාරම මාට්ටු

T

The Leader Desk

September 14, 2026 • 9:22 AM

හම්බන්තොට වරායට ගෙන්වන වාහනවල 'ස්මාර්ට් කී' සොරගැනීමේ ජාවාරම මාට්ටු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යතුරු 45ක් විකුණා ලක්ෂ 15ක් හෙව් වරාය සේවකයා සහ කුරුණෑගල ගැණුම්කරු රිමාන්ඩ්
  • මෙම ස්මාර්ට් කී අතුරුදහන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද දීර්ඝ සොයා බැලීමකදී, වරායේ සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු පිළිබඳව සැක මතු වී ඇත.
  • මාස කිහිපයක් තුළ ස්මාර්ට් කී 45ක් පමණ විකුණා, අදාළ සැකකාර වරාය සේවකයා රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් උපයාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
  • එමෙන්ම, අත්අඩංගුවට ගත් වරාය සේවකයා ලබාදුන් ප්‍රකාශ අනුව කුරුණෑගල ප්‍රදේශයේ අදාළ ව්‍යාපාරිකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ස්මාර්ට් කී මිලදී ගත් බව පිළිගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වාහන ආනයනය ඇරඹූ දා සිට සිදුවූ සංවිධානාත්මක කොල්ලයක් හෙළිවෙයි; ජාත්‍යන්තර විශ්වාසයටත් තර්ජනයක්


හම්බන්තොට ජාත්‍යන්තර වරාය මගින් මෙරටට ගෙන්වනු ලබන වාහනවල ඇති 'ස්මාර්ට් කී' (Smart Key) සොරාගෙන විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම යතුරු මිලදී ගත් බාහිර පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා පසුගිය 11 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව හම්බන්තොට වරාය පොලිසිය පවසයි.

මෙම ස්මාර්ට් කී අතුරුදහන් වීම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද දීර්ඝ සොයා බැලීමකදී, වරායේ සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු පිළිබඳව සැක මතු වී ඇත. ඒ අනුව අදාළ සේවකයා ආරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදී තිබේ.

රු. 6,000 සිට කළ ජාවාරමෙන් ලක්ෂ 15ක ආදායමක්

 

port key 11
හම්බන්තොට වරාය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත ගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ පරීක්ෂණවලදී සහ වරාය සේවකයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ස්මාර්ට් කී සොරාගෙන කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වාහන වර්ගය අනුව රුපියල් 6,000 සිට විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවයි. මාස කිහිපයක් තුළ ස්මාර්ට් කී 45ක් පමණ විකුණා, අදාළ සැකකාර වරාය සේවකයා රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් උපයාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

එමෙන්ම, අත්අඩංගුවට ගත් වරාය සේවකයා ලබාදුන් ප්‍රකාශ අනුව කුරුණෑගල ප්‍රදේශයේ අදාළ ව්‍යාපාරිකයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ස්මාර්ට් කී මිලදී ගත් බව පිළිගෙන තිබේ. එමෙන්ම ඔහු සතුව තිබු අදාල ''ස්මාට් කි'' ද පොලිස්භාරයට ගැනීමට හැකිවී තිබේ.

ආයෝජක විශ්වාසය බිඳවැටීම සහ ඉදිරි ආරක්ෂක පියවර

ජාත්‍යන්තර මට්ටමේ වරායක මෙවැනි සංවිධානාත්මක සොරකම් සිදුවීම මගින් වරායේ සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර නාවික සමාගම් සහ ආනයනකරුවන් තුළ ඇති විශ්වාසය බිඳ වැටෙන අතර, එය රටේ කීර්තිනාමයට මෙන්ම සමස්ත ආර්ථිකයට ද දැඩි හානියක් සිදුකරයි. තවද, වාහන කොටස් සහ යතුරු අතුරුදහන් වීම නිසා ආනයනකරුවන්ට මෙන්ම රක්ෂණ සමාගම්වලට ද විශාල මූල්‍ය පාඩුවකට මුහුණ දීමට සිදුවේ.

මෙම ජාවාරම හම්බන්තොට වරායට දේශීයව වාහන ගෙන්වීම ආරම්භ කළ කාලයක සිටම සිදුවී ඇති බවට වරාය ආරක්ෂක අංශ සහ පොලිසිය මගින් සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත ගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, වරාය තුළ සිදුවන මෙවැනි සොරකම් සෙවීම සහ වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව හම්බන්තොට වරාය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු කියා සිටියේය.



YEE9OIMA 400x400(සටහන | රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)
Rahul Samantha Hettiarachchi
'යුගල් කිෂෝර් ශුක්ලා’ ජාත්‍යන්තර සම්මානලාභී ගවේෂණාත්මක මාධ්‍යවේදී

rahulnews.srilanka@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...