BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

කථානායක පුටුව යළිත් උණුසුම් වෙයි: ටැන්සානියානු සංචාරයෙන් පසු ඉල්ලා අස්වෙයි ද ?

T

The Leader Desk

September 15, 2026 • 6:33 AM

කථානායක පුටුව යළිත් උණුසුම් වෙයි: ටැන්සානියානු සංචාරයෙන් පසු ඉල්ලා අස්වෙයි ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් කොමිසමේ පරීක්ෂණයක් මැද මූලාසනය දැරීම ගැන විපක්ෂයෙන් දැඩි විරෝධයක්
  • මෙහිදී ප්‍රධාන වශයෙන් මතු වී ඇත්තේ, තමන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන ආයතනයකට බලපාන ඉහළ තනතුරු සඳහා පත්වීම් සිදු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කථානායකවරයා කටයුතු කිරීමයි.
  • අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 107 වන වගන්තිය ප්‍රකාරව, මෙවැනි ගැටුමක් පවතින අවස්ථාවක තීරණ ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීම බරපතළ වරදක් සේ සැලකෙන බවට ද පාර්ලිමේන්තුවේදී තර්ක මතු විය.
  • ස්වාධීන කොමිෂන් සභාවක විමර්ශනයකට ලක්ව සිටින පුද්ගලයෙකු එම කොමිසමේ පත්වීම් තීරණය කරන සභාවේ ප්‍රධානියා ලෙස සහ සාක්ෂි සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ මුලසුන දැරීම ආයතනික විශ්වාසවන්තභාවයට මෙන්ම මහජන ගෞරවයට බාධාවක් බව ඔහුගේ ලිඛිත ප්‍රකාශයේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉල්ලා අස්වීමේ ආරංචි පැතිරෙද්දී තාක්ෂණික වාර්තාවක් එනතුරු තීරණයක් නෑ - පාර්ලිමේන්තු ආරංචි මාර්ග


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සම්බන්ධයෙන් මතුව ඇති නීතිමය හා ව්‍යවස්ථාපිත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු දේශපාලන කරළිය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ටැන්සානියානු නිල සංචාරයෙන් අනතුරුව කථානායකවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වුවද, පාර්ලිමේන්තු නිල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

අර්බුදයට මුල් වූ නීතිමය පසුබිම

කථානායකවරයාට එරෙහිව රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අවභාවිත කළ බවට වන චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් AC/0356/2026 B-206 ගොනු අංකය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විපක්ෂය පෙන්වා දෙයි.

මෙහිදී ප්‍රධාන වශයෙන් මතු වී ඇත්තේ, තමන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන ආයතනයකට බලපාන ඉහළ තනතුරු සඳහා පත්වීම් සිදු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කථානායකවරයා කටයුතු කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කොමසාරිස් චේතිය ගුණසේකර ගේ ධුර කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති බැවින්, නව කොමසාරිස්වරයෙකු පත් කිරීමේ ක්‍රියාවලියට කථානායකවරයා මූලිකත්වය ගැනීම හරහා 'ළබැඳියාවන් අතර ගැටුමක්' (Conflict of Interest) උද්ගත වන බව නීති විශාරදයන්ගේ මතය වී තිබේ.

අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 107 වන වගන්තිය ප්‍රකාරව, මෙවැනි ගැටුමක් පවතින අවස්ථාවක තීරණ ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීම බරපතළ වරදක් සේ සැලකෙන බවට ද පාර්ලිමේන්තුවේදී තර්ක මතු විය.

විපක්ෂයේ වරප්‍රසාද ප්‍රශ්නය

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය පදනම් කරගනිමින් මේ පිළිබඳ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබේ. ස්වාධීන කොමිෂන් සභාවක විමර්ශනයකට ලක්ව සිටින පුද්ගලයෙකු එම කොමිසමේ පත්වීම් තීරණය කරන සභාවේ ප්‍රධානියා ලෙස සහ සාක්ෂි සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ මුලසුන දැරීම ආයතනික විශ්වාසවන්තභාවයට මෙන්ම මහජන ගෞරවයට බාධාවක් බව ඔහුගේ ලිඛිත ප්‍රකාශයේ සඳහන් වේ.

මීට අමතරව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමක මෙම තත්ත්වය මතු වීම සුවිශේෂී කරුණකි.

කථානායක කාර්යාලය සහ ලේකම් මණ්ඩලයේ ස්ථාවරය

මතුව ඇති නීතිමය ගැටලුව සම්බන්ධයෙන් කථානායක කාර්යාලය පවසන්නේ මෙතෙක් කථානායකවරයා කිසිදු ඉල්ලා අස්වීමේ තීරණයක් ගෙන නොමැති බවයි. කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රමුඛ ලේකම් මණ්ඩලයෙන් තාක්ෂණික හා නීතිමය මාර්ගෝපදේශ වාර්තාවක් කැඳවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණදීර තහවුරු කළේ, මෙම කාරණය ගැඹුරින් අධ්‍යයනය කරමින් පවතින බවත්, අදාළ නිර්දේශ සහ මාර්ගෝපදේශ කඩිනමින් කථානායකවරයා වෙත භාර දීමට කටයුතු කරන බවත්ය.

කථානායකවරයාගේ ඉදිරි පියවර කුමක්ද යන්න තීරණය වනු ඇත්තේ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය ලබා දීමට නියමිත එම තාක්ෂණික වාර්තාව මත පදනම්වය.


වැඩිදුර කියවීම සඳහා:

විමර්ශනයක් හමුවේ කථානායක මූලාසනය දැරීම වැරදියි: දයාසිරිගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

කථානායකට එරෙහි වරප්‍රසාද ගැටලුව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංසද වෙත යොමුවෙයි

ජගත් වික්‍රමරත්න: කතානායක ධුරය ගැන මතුව ඇති අර්බුදය - BBC සිංහල

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කථානායක පුටුව යළිත් උණුසුම් වෙයි: ටැන්සානියානු සංචාරයෙන් පසු ඉල්ලා අස්වෙයි ද ? | The Leader