BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

දේශබන්දු ඇතුළු තිදෙනෙකු ශානි සහ රවීගේ අයිතිවාසිකම් කඩ කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

T

The Leader Desk

September 15, 2026 • 8:07 AM

දේශබන්දු ඇතුළු තිදෙනෙකු ශානි සහ රවීගේ අයිතිවාසිකම් කඩ කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැමිණිල්ල ද්වේෂසහගත හා දේශපාලනික එකක් බවට විනිසුරු මඬුල්ලෙන් නිගමනයක්
  • ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000 බැගින් ද, විමර්ශනය මෙහෙයවූ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් ද වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ දැක්වේ.
  •   පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් 2024 ජූලි 24 වන දින පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල යොමු කර තිබූ අතර, එය පැහැදිලිවම ද්වේෂසහගත සහ දේශපාලනික අභිප්‍රායකින් සිදුකළ එකක් බව විනිසුරු මඬුල්ල නිරීක්ෂණය කළේය.
  • ලිපිකාරිත්වයේ ප්‍රමාදයක් හේතුවෙන් එය ශානි අබේසේකර වෙත ලැබී තිබුණේ අප්‍රේල් 20 වන දින බවද එහි සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිතට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුකට වන්දි නියම වෙයි  


පසුගිය 2024 ජනාධිපතිවරණ සමයේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් පදනම් කරගනිමින් විමර්ශන ඇරඹීම තුළින් වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.  

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන තිදෙනා විසින් මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීම සිදුකර ඇති බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත් කළේය.  

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙංගප්පුලි දෙදෙනාගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග  විසින් විවෘත අධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.  

වන්දි නියෝග සහ ඉදිරි පියවර අත්හිටුවීම  

අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න දෙදෙනාට පෞද්ගලිකව වන්දි ගෙවීමට ද වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි. ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000 බැගින් ද, විමර්ශනය මෙහෙයවූ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින් ද වන්දි ගෙවිය යුතු බව තීන්දුවේ දැක්වේ.  

මීට අමතරව, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ එම පැමිණිල්ල පදනම් කරගනිමින් පෙත්සම්කරුවන්ට එරෙහිව කිසිදු ඉදිරි නීතිමය පියවරක් නොගන්නා ලෙසත්, මෙම නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය නියෝග කළේය.  

පැමිණිල්ලේ පසුබිම සහ දේශපාලනික අරමුණු  

නඩු තීන්දුවේ කරුණු පැහැදිලි කරමින් විනිසුරු ගිහාන් කුලතුංග පෙන්වා දුන්නේ, පෙත්සම්කරුවන් දෙදෙනා පසුගිය මැතිවරණ සමයේ එක් දේශපාලන ප්‍රවාහයකට අනුබද්ධ විශ්‍රාමික පොලිස් සාමූහිකයක් හරහා කටයුතු කර තිබූ අතර, පැමිණිලිකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට ප්‍රතිවිරුද්ධ දේශපාලන ප්‍රවාහයක කටයුතු කර ඇති බවයි.  

පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් 2024 ජූලි 24 වන දින පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල යොමු කර තිබූ අතර, එය පැහැදිලිවම ද්වේෂසහගත සහ දේශපාලනික අභිප්‍රායකින් සිදුකළ එකක් බව විනිසුරු මඬුල්ල නිරීක්ෂණය කළේය. එමෙන්ම එම පැමිණිල්ල පදනම් කරගනිමින් විමර්ශන ආරම්භ කර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(1) ව්‍යවස්ථාවන් මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අත්‍යාසන්න අනතුරක් නිර්මාණය කර ඇති බව අධිකරණය නිගමනය කළේය.  

නීතිපතිවරයාගේ ප්‍රතිඥාව සහ අධිකරණ නිරීක්ෂණය  

මෙම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන්ට එරෙහි විමර්ශන කටයුතු අත්හිටුවා ඇති බවත්, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී වාර්තාවට අදාළ කටයුතු අවසන් කර ඇති බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.  

කෙසේ වෙතත්, අධිකරණයට ලබාදුන් එම ප්‍රතිඥාව නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවත්, විමර්ශන අවසන් බව ප්‍රකාශ කිරීමෙන් පසුවද ඒ සම්බන්ධයෙන් යළි උපදෙස් නිකුත් කිරීමක් සිදුව ඇති බවත් නිරීක්ෂණය කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, නීතිපතිවරයාගේ ප්‍රතිඥාව නිසියාකාරව ඉටු වී නොමැති බව සිය තීන්දුව මගින් අවධාරණය කළේය.  

පෙත්සමෙන් මතු කළ කරුණු  

පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ, රාජ්‍ය බුද්ධි සේවය අදාළ ලිපිය යොමුකළ 2019 අප්‍රේල් 09 වන දින රවී සෙනෙවිරත්න විදෙස්ගතව සිටි බවත්, අප්‍රේල් 16 වන දින රාජකාරි ආරම්භ කිරීමෙන් පසු එය අදාළ අංශ වෙත කඩිනමින් යොමුකළ බවත්ය. ලිපිකාරිත්වයේ ප්‍රමාදයක් හේතුවෙන් එය ශානි අබේසේකර වෙත ලැබී තිබුණේ අප්‍රේල් 20 වන දින බවද එහි සඳහන් විය.  

තවද, සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වනාතවිල්ලුව සහ මාවනැල්ල ප්‍රදේශවල සිදුකළ විමර්ශන මෙන්ම, වෙනත් බුද්ධි අංශ මගින් විමර්ශන නොමඟ යැවීමට ගත් උත්සාහයන් පිළිබඳවද පෙත්සම මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව දේශපාලන පළිගැනීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අයුතු ලෙස යොදාගනිමින් තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙමින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ තිබූ අතර, දීර්ඝ විභාගයකින් අනතුරුව විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ලබා දෙන ලදී.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...