BREAKING
Top Ad
පුවත්

අගෝස්තුවේදී සේවා සහ නිෂ්පාදන අංශවල වර්ධනයක් - ශ්‍රී ලංකා මහ බැංකුව

T

The Leader Desk

September 15, 2026 • 3:14 PM

අගෝස්තුවේදී සේවා සහ නිෂ්පාදන අංශවල වර්ධනයක් - ශ්‍රී ලංකා මහ බැංකුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේවා අංශය 65.6ක් දක්වා කැපී පෙනෙන ලෙස ප්‍රසාරණය වෙයි; ඇඟලුම් අංශයේ මන්දගාමී බව මධ්‍යයේ නිෂ්පාදන දර්ශකයත් 53.0ක වර්ධනයක.
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, 2026 අගෝස්තු මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකෙහිම වර්ධනයක් වාර්තා වී ඇත.
  • අගෝස්තු මාසයේදී සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය) දර්ශකාංක 65.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ජූලි මාසයේ පැවති දර්ශකාංක 61.4 ට සාපේක්ෂව වේගවත් වර්ධනයකි.
  • නව සේවක බඳවා ගැනීම් ඉහළ යාම හේතුවෙන් සේවා අංශයේ රැකියා නියුක්තිය ද වර්ධනය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


උත්සව සමය සහ සංචාරක පැමිණීම් හමුවේ රැකියා අවස්ථා ඉහළට; ඉදිරි මාස පිළිබඳව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි විශ්වාසයක්.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, 2026 අගෝස්තු මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකෙහිම වර්ධනයක් වාර්තා වී ඇත.

අගෝස්තු මාසයේදී සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය) දර්ශකාංක 65.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ජූලි මාසයේ පැවති දර්ශකාංක 61.4 ට සාපේක්ෂව වේගවත් වර්ධනයකි.

ප්‍රවාහන, තොග හා සිල්ලර වෙළඳාම, වෘත්තීය සේවා මෙන්ම මූල්‍ය සහ වෙනත් පෞද්ගලික සේවා උප අංශයන්හි දක්නට ලැබුණු ශක්තිමත් ක්‍රියාකාරීත්වය මෙම ප්‍රසාරණයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. නව සේවක බඳවා ගැනීම් ඉහළ යාම හේතුවෙන් සේවා අංශයේ රැකියා නියුක්තිය ද වර්ධනය වී ඇත.

මේ අතර, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අගෝස්තු මාසයේදී දර්ශකාංක 53.0 ක් ලෙස වාර්තා වී ඇත. පසුගිය ජූලි මාසයේ පැවති 55.0 හි අගයට සාපේක්ෂව මෙය අඩු වේගයකින් සිදු වූ වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන උප දර්ශකයේ මන්දගාමී වීමට ප්‍රධාන වශයෙන් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ පසුබැසීම හේතු වී තිබේ. කෙසේ වෙතත්, ඉදිරියට එන වසර අවසාන උත්සව සමය වෙනුවෙන් සිදු කෙරෙන සේවක බඳවා ගැනීම් සහ තොග රැස් කර ගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් යන උප දර්ශක දෙකම ඉහළ ගොස් ඇත.

වසර අවසාන උත්සව සමයේ බලපෑම, අපේක්ෂිත ආර්ථික දියුණුව සහ සංචාරක පැමිණීම්වල වර්ධනය හේතුවෙන් ඉදිරි කාලපරිච්ඡේදය පිළිබඳ ව්‍යාපාරික අපේක්ෂාවන් නිෂ්පාදන සහ සේවා යන අංශ දෙකෙහිම තවදුරටත් ධනාත්මක මට්ටමක පවතියි.

(සටහන | ජේ. මුණසිංහ)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...