BREAKING
Top Ad
පුවත්

මලයහ ජනතාවට ජනපති බෙදා දුන් කබරගල ගෙවල්වලට 'ඔප්පු නෑ' !

T

The Leader Desk

September 16, 2026 • 3:36 AM

මලයහ ජනතාවට ජනපති බෙදා දුන් කබරගල ගෙවල්වලට 'ඔප්පු නෑ' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * පූනාගල 'නවෝදයාගම' පවුල් 50ට සින්නක්කර අයිතිය වෙනුවට දී ඇත්තේ කොන්දේසි සහිත ගිවිසුමක් පමණයි - ජීවන් තොන්ඩමන්ගෙන් පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්.
  • සින්නක්කර ඔප්පු වෙනුවට දී ඇත්තේ කොන්දේසි සහිත ගිවිසුමක් “එදා ඔයාලා කබරගල වත්තේ කබරගල නිවාස ව්‍යපෘතියේ දුන්න ගෙවල් 50කට ඉඩම් හිමිකම් ඔප්පු දුන්නේ නැහැ.
  • ඒ වගේම මේක තමයි ඉඩම් හිමිකම් ඔප්පුව.
අකුරු ප්‍රමාණය (Font Size):


* මාලිමා රජය මලයහ ජනතාව යළිත් රැවටූ බවට චෝදනා: නිවාස බෙදූ බව කීව ද ඉඩමේ අයිතිය තහවුරු කෙරෙන ඔප්පු තවමත් නෑ.


රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා සියවස් දෙකකට අධික කාලයක සිට දහඩිය මුගුරු වගුරන මලයහ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරදෙන බවට දිගින් දිගටම පොරොන්දු දුන් ජාතික ජනබලවේග රජය එම ජනතාව යළිත් වරක් රැවටීමකට ලක් කර ඇති බවට මලයහ ජනතා නියෝජිතයකු පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබේ.  

නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සැප්තැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතියේ හිමිකරුවන්ට එම ඉඩමේ අයිතිය සහිත ඔප්පුවක් රජය විසින් පිරිනමා නැති බවයි.

2023 වසරේදී සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර සහ අනාරක්ෂිත තත්වයක් යටතේ ජිවත් වූ පූනාගල, කබරගල පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරා දීම අගෝස්තු 28 වැනිදා ජනාධිපති අතින් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය එදින නිවේදනය කර තිබුනි.

එහි වැඩි දුරටත් සදහන්ව තිබුනේ ඉන්දියානු නිවාස 4000ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ඉදි කරන ලද නිවාසවල පදිංචි ප්‍රතිලාභීන් 163 දෙනෙකු සඳහා සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමද එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බවයි.

සින්නක්කර ඔප්පු වෙනුවට දී ඇත්තේ කොන්දේසි සහිත ගිවිසුමක්

“එදා ඔයාලා කබරගල වත්තේ කබරගල නිවාස ව්‍යපෘතියේ දුන්න ගෙවල් 50කට ඉඩම් හිමිකම් ඔප්පු දුන්නේ නැහැ. ඔයාලා දීලා තියෙන්නේ, මේ ගිවිසුම. මේක මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”

නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සැප්තැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ ලියවිලි දෙකක් ප්‍රදර්ශනය කරමින්  කියා සිටියේ පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් නිවාස බාර දී ඇත්තේ අවබෝධතා ගිවිසුමකින් පමණක් බවයි.

“මේක ඇග්‍රිමන්ට් එකක්. මේක ගිවිසුමක්. මේකේ පැහැදිලිව ලියලා තියෙනවා. මේ ඉඩම් විකුණන්න බැහැ. උකස් කරන්න බැහැ. අයිතිවාසිකම් කියන්න බැහැ. ඉඩම් හිමිකම් ඔප්පුව වෙනයි.

අවබෝධතා ගිවිසුම වෙනයි. ඒ වගේම මේක තමයි ඉඩම් හිමිකම් ඔප්පුව. මේකේ නම ඉඩම් හිමිකම් ඔප්පුව. එල්.ආර්.සි සභාපතිගේ අත්සන තියෙනවා. එන්විඩියා කියන යන්ත්‍රය මේකට අවශ්‍ය පහසුකම් දීලා තියෙනවා. ආයෙත් පෙන්වනවා. මේක ගිවිසුම. දෙකම එකට බලනවා නම් මෙන්න.”

චන්ද්‍රිකා දර්ශන ආශ්‍රයෙන් භුමිය සලකුණු කිරීමට එන්විඩියා (nVIDIA) තාක්ෂණය යොදාගැනේ.

ලක්ෂ 32ක නිවසක් සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශය

පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවාස 50ක් මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙන අතර නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත මෙම එක් නිවසක් වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 32කට ආසන්න වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය අගෝස්තු 28 වැනිදා නිවේදනය කර තිබේ.

එසේම, නව නිවාසවල පදිංචි වන සෑම පවුලකටම ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රුපියල් 175,000ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමටද කටයුතු කර ඇති අතර ප්‍රතිලාභීන් 10 දෙනකු වෙත සංකේතාත්මකව නිවාසවල යතුරු භාරදීම සහ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වු බව එහි වැඩි දුරටත් සදහන්ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මලයහ ජනතාවට ජනපති බෙදා දුන් කබරගල ගෙවල්වලට 'ඔප්පු නෑ' ! | The Leader