BREAKING
Top Ad
පුවත්

අරවින්ද ද සිල්වා සහ බිරිඳට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ

T

The Leader Desk

September 16, 2026 • 7:35 AM

 අරවින්ද ද සිල්වා සහ බිරිඳට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * එයාර්බස් නඩුවේ ඇපකරුවන් ලෙස පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්
  • මවගේ අභාවය හේතුවෙන් පෙනී නොසිටි බවට දැනුම්දීමක්   මෙම නඩුව අද පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී සැකකාරිය මෙන්ම ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටි බව නිරීක්ෂණය විය.
  • එහිදී ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අරවින්ද ද සිල්වා ගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති අතර ඇයගේ අවසන් කටයුතු අද දිනයේ පැවැත්වෙන බැවින් ඔවුන්ට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
  • කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඊට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කර අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කළ අතර, ඇප මුදල් රාජසන්තක නොකිරීමට කරුණු දැක්වීම සඳහා නඩුව ලබන සැප්තැම්බර් 30 වනදා යළි කැඳවීමට නියම කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

* මවගේ අභාවය නිසා නොපැමිණි බව නීතිඥවරුන්ගෙන් දැනුම්දීමක්; කරුණු දැක්වීම 30 වැනිදාට


ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ නඩුවේ සැකකාරියකට ඇපකරුවන් ලෙස පෙනී සිටි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි අනුෂ්කා විජේනායක දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) වරෙන්තු නිකුත් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් ඇප තැබූ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.


මවගේ අභාවය හේතුවෙන් පෙනී නොසිටි බවට දැනුම්දීමක්  


මෙම නඩුව අද පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී සැකකාරිය මෙන්ම ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටි බව නිරීක්ෂණය විය.

එහිදී ඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අරවින්ද ද සිල්වා ගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති අතර ඇයගේ අවසන් කටයුතු අද දිනයේ පැවැත්වෙන බැවින් ඔවුන්ට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඊට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කර අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කළ අතර, ඇප මුදල් රාජසන්තක නොකිරීමට කරුණු දැක්වීම සඳහා නඩුව ලබන සැප්තැම්බර් 30 වනදා යළි කැඳවීමට නියම කළේය.


එයාර්බස් ගනුදෙනුව සහ ජාත්‍යන්තර විමර්ශන පසුබිම


2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් යානා ලබා ගැනීමේදී ඩොලර් මිලියන ගණනක අක්‍රමිකතා සිදුව ඇති බවට බ්‍රිතාන්‍ය බරපතළ වංචා විමර්ශන කාර්යාලය (SFO) මගින් අනාවරණය කිරීමත් සමඟ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු විය. ඊට අදාළව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන ලදී.

එම නඩුවේ පළමු සැකකරු වූ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මීට පෙර අභාවප්‍රාප්ත වූ අතර, දෙවන සැකකාරිය වන ඔහුගේ බිරිඳ විදේශගතව සිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් මීට පෙර විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...