BREAKING
Top Ad
පුවත්

නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුව : යළි රක්ෂිත බන්ධනාගාරයට

T

The Leader Desk

September 16, 2026 • 10:40 AM

නාමල් රාජපක්ෂ එයාර්බස් නඩුව : යළි රක්ෂිත බන්ධනාගාරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 23 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීරණයක්.
  • අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
  •   නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට අදාළව නාමල් රාජපක්ෂ සිව්වන (4) සැකකරු ලෙස නම් කරන බවයි.
  • නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති හෙයින් මෙම සිදුවීමට අදාළ සියලු සැකකරුවන්ට එරෙහිව වැඩි ප්‍රමාදයකින් තොරව චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අභ්‍යන්තර ඊමේල් සහ වෝහාරික විගණන වාර්තා පදනම් කරගනිමින් නීතිපති උපදෙස් මත 4 වන සැකකරු ලෙස නම් කෙරේ.



ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කර මුදල් විශුද්ධිකරණය සිදුකළ බව කියන සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) නියෝග කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.  

අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු  

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් පවරන ලද වෙනත් නඩුවකට අදාළව දැනටමත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.  

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට අදාළව නාමල් රාජපක්ෂ සිව්වන (4) සැකකරු ලෙස නම් කරන බවයි. නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති හෙයින් මෙම සිදුවීමට අදාළ සියලු සැකකරුවන්ට එරෙහිව වැඩි ප්‍රමාදයකින් තොරව චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.  

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලය ඇප ඉල්ලීමක් සිදු කරමින් තර්ක ඉදිරිපත් කළ අතර, දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කළේය.  

විමර්ශන ප්‍රගතිය සහ තාක්ෂණික සාක්ෂි  

රජයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ අනාවරණය කළ කරුණුවලට අනුව, මෙම ගනුදෙනුවට අදාළ විමර්ශන සඳහා ප්‍රංශයේ එයාර්බස් සමාගමේ නියෝජිතයන් අවස්ථා කිහිපයකදීම මෙරටට පැමිණ විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ ලබා දී තිබේ. ඊට අමතරව, සිදුකරන ලද වෝහාරික විගණන වාර්තා මෙන්ම එයාර්බස් සමාගමේ අභ්‍යන්තර විද්‍යුත් තැපැල් (E-mail) සන්නිවේදනයන් පරීක්ෂා කිරීමේදී හෙළි වූ තොරතුරු ඔස්සේ මෙම 4 වන සැකකරු සිද්ධියට ඍජුව සම්බන්ධ බවට සාක්ෂි මතුව ඇති බව පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට දන්වා සිටින ලදී.  

අර්බුදයට තුඩු දුන් එයාර්බස් ගනුදෙනුවේ පසුබිම  

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානය කිරීම සඳහා 2013-2014 කාලසීමාවේදී එයාර්බස් A330 සහ A350 මාදිලියේ ගුවන්යානා ලබා ගැනීමට සැලසුම් කළ ඩොලර් බිලියන 2.5කට අධික වටිනාකමකින් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙම නීතිමය පියවරයන්ට මූලික පසුබිම සකස් කළේය. එම ගනුදෙනුවේදී විදේශීය බැංකු ගිණුම් හරහා මුදල් හුවමාරු කිරීම් හා කොමිස් ලබා ගැනීම් සිදුව ඇති බවට මීට පෙර ජාත්‍යන්තර මට්ටමින් ද වාර්තා පළ විය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් කෝටි 10ක (රුපියල් මිලියන 100) අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් මීට පෙර අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ එළැඹෙන සැප්තැම්බර් 18 වැනිදා දක්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූයේ ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයට අදාළ නඩු කටයුත්තයි.  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...