BREAKING
Top Ad
පුවත්

‘ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල ජනතාවට දෙනවා’: සෞඛ්‍යයට බිලියන ගණනක දැවැන්ත ආයෝජනයක්!

T

The Leader Desk

September 17, 2026 • 4:23 AM

‘ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිඵල ජනතාවට දෙනවා’: සෞඛ්‍යයට බිලියන ගණනක දැවැන්ත ආයෝජනයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ත්‍රිකුණාමලය, මුලතිව්, මන්නාරම සහ අනුරාධපුර රෝහල්වලට ජපාන - ඉන්දීය ආධාර සහිත නව ව්‍යාපෘති රැසක් ජනපති අතින් ඇරඹේ.
  • රට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් පසු අත්පත් කරගනිමින් සිටින ආර්ථික ස්ථාවරත්වයේ සැබෑ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ළඟා කරවීම රජයේ මූලික ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
  • ඒ අනුව මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගුණාත්මකව ඉහළ නැංවීම වෙනුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් ඉලක්ක කරගනිමින් රුපියල් බිලියන ගණනක සංවර්ධන ව්‍යාපෘති රැසක ඉදිකිරීම් කටයුතු ඊයේ (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
  • රටක ආර්ථික දර්ශක යහපත් මට්ටමකට පැමිණියද සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් නොවේ නම් එම සංවර්ධනයෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රවාහන යන ප්‍රමුඛ ක්ෂේත්‍ර නංවාලීමට රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*රටේ මරණවලින් 80%ක් බෝ නොවන රෝග නිසා: රෝහල්වලට අතිනවීන පහසුකම් මෙන්ම ලක්ෂයකට ආසන්න මානව සම්පතක් එක්වෙයි.


රට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් පසු අත්පත් කරගනිමින් සිටින ආර්ථික ස්ථාවරත්වයේ සැබෑ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ළඟා කරවීම රජයේ මූලික ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඒ අනුව මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගුණාත්මකව ඉහළ නැංවීම වෙනුවෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් ඉලක්ක කරගනිමින් රුපියල් බිලියන ගණනක සංවර්ධන ව්‍යාපෘති රැසක ඉදිකිරීම් කටයුතු ඊයේ (16) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

රටක ආර්ථික දර්ශක යහපත් මට්ටමකට පැමිණියද සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් නොවේ නම් එම සංවර්ධනයෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රවාහන යන ප්‍රමුඛ ක්ෂේත්‍ර නංවාලීමට රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළේය.

උතුරු-නැගෙනහිර සහ රජරට රෝහල්වලට නව පණක්

දිවයිනේ ප්‍රධාන රෝහල් හතරක යටිතල පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල:
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය ආධාර මත රුපියල් මිලියන 2,403ක වියදමින් මහල් 8කින් යුත් අතිනවීන හෘද රෝග ඒකකයක් ඉදිකිරීම ආරම්භ විය. මේ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ වෙනුවෙන් තවත් රුපියල් මිලියන 1,782ක් වෙන් කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල:
ඉන්දීය රජයේ රුපියල් මිලියන 600ක ප්‍රදානයක් යටතේ රෝගී තදබදය අවම කිරීම සඳහා නව සිව්මහල් වාට්ටු සංකීර්ණයක් ඉදි කෙරේ.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල:
ඉන්දීය රජයේ රුපියල් මිලියන 600ක ආධාරයෙන් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් (ETU) ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය. මීට අමතරව රුපියල් මිලියන 250ක් වටිනා CT ස්කෑනර් යන්ත්‍රයක් සහ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයක්ද රෝහලට හිමිවීමට නියමිතය.

අනුරාධපුර ශික්ෂණ රෝහල:
ජයිකා (JICA) ණය ආධාර යටතේ රුපියල් මිලියන 8,035ක (ගොඩනැගිල්ලට මිලියන 3,545ක් සහ උපකරණ සඳහා මිලියන 4,490ක්) වියදමින් මහල් 8කින් යුත් නවීන හෘද සහ හෘද-උරස් ශල්‍ය ප්‍රතිකාර සංකීර්ණයක් ඉදි කෙරේ. ඉදිරි වසර දෙක තුළ අනුරාධපුර රෝහලට පමණක් රුපියල් බිලියන 34කට ආසන්න දැවැන්ත ආයෝජනයක් සිදු කෙරෙනු ඇත.

ජාත්‍යන්තර මිත්‍රත්වයේ නොමඳ සහය

මෙම දැවැන්ත සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා ජපානය සහ ඉන්දියාව ප්‍රමුඛ විදේශීය රාජ්‍යයන්ගෙන් සුවිශේෂී මූල්‍ය සහ තාක්ෂණික සහයෝගයක් හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata) සඳහන් කළේ ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේද බහුලව දක්නට ලැබෙන හෘද වාහිනී රෝග මර්දනයට අවශ්‍ය තාක්ෂණය සහ යටිතල පහසුකම් සැපයීමට ජපානය කැපවී සිටින බවයි. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සමාජයීය සංවර්ධනය වෙනුවෙන් ජපානය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය දෙන බව හෙතෙම තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) ප්‍රකාශ කළේ ඉන්දියාවේ "අසල්වැසියාට ප්‍රමුඛතාව" විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බවයි. 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ සිට උතුරු නැගෙනහිර රෝහල් සංවර්ධනය දක්වා ඉන්දීය සහයෝගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ නැගෙනහිර පළාතේ පමණක් දැනටමත් සංවර්ධන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

බෝ නොවන රෝග පාලනය සහ දැවැන්ත මානව සම්පත් බඳවා ගැනීමක්

මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%ක්ම බෝ නොවන රෝග (NCDs) හේතුවෙන් සිදුවන බවත්, එයින්ද හෘදයාබාධ ප්‍රධාන තැනක් ගන්නා බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙන්වා දුන්නේය. මෙම රෝග අවදානම අවම කිරීම සඳහා 'ආරෝග්‍යා' ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය රට පුරා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර රෝහල් පද්ධතියේ පවතින සේවක හිඟය පියවීම සඳහා ඉතිහාසයේ විශාලතම මානව සම්පත් එක්කිරීමක් සිදු කෙරෙන බවද මෙහිදී අනාවරණය විය. ඒ අනුව:

* මාස 3ක් තුළ පළමු සීමාවාසික පුහුණුව සඳහා වෛද්‍යවරුන් 3,000ක් බඳවා ගැනීම.

* හෙද සේවයට දැනටමත් බඳවාගෙන ඇති 3,978ට අමතරව ඔක්තෝබර් මස අවසන් වීමට පෙර තවත් 2,820ක් බඳවා ගනිමින් හෙද කාර්ය මණ්ඩලයට 6,788ක් අලුතින් එක් කිරීම.

* ශිෂ්‍ය හෙද පුහුණුව සඳහා සිසුන් 7,869ක් බඳවා ගැනීමට කටයුතු යෙදීම.

* සෞඛ්‍ය සහායකයින් 2,900කට වැඩි පිරිසක් සහ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට දහසකට අධික පිරිසක් අනුයුක්ත කිරීම.


පසුගිය වසරවලදී නිසි සැලසුමකින් තොරව ව්‍යාපෘති ප්‍රමාද වීම නිසා රජයේ වියදම් දෙගුණයකින් ඉහළ ගිය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම නව සෞඛ්‍ය ව්‍යාපෘති නියමිත කාලසීමාවන් (මාස 18ක් සහ වසර 2028 මුල් භාගය) තුළ කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 north healthnorth health 2

health north 3

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...