The Leader News
BREAKING
ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●
Top Ad
පුවත්

අහසින් බෝම්බ දමා මරා දැමූ මුලතිව් දෙමළ සමූහයක් සැමරේ

T

The Leader Desk

September 18, 2026 • 4:04 AM

අහසින් බෝම්බ දමා මරා දැමූ මුලතිව් දෙමළ සමූහයක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්ද්‍රිකා පාලන සමයේ සිදුවූ ගුවන් ප්‍රහාරයේ මතකය අලුත් වෙද්දී, එදා 'තරාකී' සිවරාම් කළ හෙළිදරව්ව යළි කරළියට විසි හත් වසරකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පාසල් දරු දැරියන් ඇතුළු දෙමළ වැසියන් සමූහයක් මුලතිව් හිදී අනුස්මරණය කර තිබේ.
  • බෝම්බ ප්‍රහාරය එල්ල වු මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ග්‍රාමයේදී සැප්තැම්බර් 15 වැනි අඟහරුවාදා පැවැති චාම් අනුස්මරණය සිදු කරන ලද්දේ සමුලඝාතනයට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙනි.
  • අනුස්මරණය එක්ව සිටි ඥාතීන් අහිමි වී ගිය තම සමීපතමයන් සිහි කරමින් මලින්, පහනින් ඔවුන්ට උපහාර දැක්වීමට කටයුතු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • සැප්තැම්බර් 1999 මන්දුවිල් වැසියන් ජනාකීර්ණ කඩමණ්ඩියේ දෛනික කටයුතු වල නිරතව සිටියදී 1999 වසරේ සැප්තැම්බර් 15 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනාවක් විසින් හෙළනු ලැබු බෝම්බ දෙකකින් මියගිය ගම් වැසියන් ගණන 24 කි.
අකුරු ප්‍රමාණය (Font Size):


*චන්ද්‍රිකා පාලන සමයේ සිදුවූ ගුවන් ප්‍රහාරයේ මතකය අලුත් වෙද්දී, එදා 'තරාකී' සිවරාම් කළ හෙළිදරව්ව යළි කරළියට

විසි හත් වසරකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පාසල් දරු දැරියන් ඇතුළු දෙමළ වැසියන් සමූහයක් මුලතිව් හිදී අනුස්මරණය කර තිබේ.

බෝම්බ ප්‍රහාරය එල්ල වු මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්දුවිල් ග්‍රාමයේදී සැප්තැම්බර් 15 වැනි අඟහරුවාදා පැවැති චාම් අනුස්මරණය සිදු කරන ලද්දේ සමුලඝාතනයට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ සහභාගිත්වයෙනි.

අනුස්මරණය එක්ව සිටි ඥාතීන් අහිමි වී ගිය තම සමීපතමයන් සිහි කරමින් මලින්, පහනින්  ඔවුන්ට උපහාර දැක්වීමට කටයුතු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 

001 1
15 සැප්තැම්බර් 1999

මන්දුවිල් වැසියන් ජනාකීර්ණ කඩමණ්ඩියේ දෛනික කටයුතු වල නිරතව සිටියදී 1999 වසරේ සැප්තැම්බර් 15 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෆීර් යනාවක් විසින් හෙළනු ලැබු බෝම්බ දෙකකින් මියගිය ගම් වැසියන් ගණන 24 කි.

බෝම්බ ප්‍රහාරය එල්ල කළ ස්ථානයේදීම ගම් වැසියන් දස දෙනකු මරුමුවට පත්ව ඇති අතර තුවාල ලැබු සෙසු පිරිසෙන් දාහතර දෙනකු පසුව මිය ගොස් තිබේ.

මිය ගිය අය අතර වයස අවුරුදු දොළහේ සහ පහළොවේ සිසුවියන් දෙදෙනකුද සිටි බව උතුරු නැගෙනහිර මානව හිමිකම් ලේකම් කාර්යාංශය (NESOHR) සහ උතුරු නැගෙනහිර සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය (SNE) විසින් ලේඛනගත කළ තොරතුරු වල සඳහන් වේ.

මන්දුවිල් ගම් වැසියන් පවසන්නේ ප්‍රහාරයෙන් තවත් හතලිහකට අධික පිරිසක් තුවාල ලැබු බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ මෙම ප්‍රහාරය එල්ල කරද්දී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපති ධූරය දරන ලද්දේ එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි විසිනි.

2002 ජූලියේ විශ්‍රාම ගිය ඔහු චන්ද්‍රිකා-රනිල් පාලනය විසින් පකිස්තානයේ මහ කොමසාරිස් වශයෙන් පත්කර යවන ලදී.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ටැමිල්නෙට් පුරෝගාමී කතුවර  ධර්මරත්නම් සිවරාම්  ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ ප්‍රහාරයකින් සිවිල් වැසියන් ඝාතනය කළ දිනයේම එම පුවත මියගියවුන්ගේ නම්ද සමගින් වාර්තාකර තිබු ආකාරය පහතින්.

Tamil Net 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...