The Leader News
BREAKING
ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●
Top Ad
පුවත්

ධර්මපාල ගුණසමරුවේදී මෝදි අගමැතිට ආශිර්වාද: කටුනායකට ධර්මපාල පිළිරුවක් ඉල්ලයි

T

The Leader Desk

September 20, 2026 • 3:14 PM

  ධර්මපාල ගුණසමරුවේදී මෝදි අගමැතිට ආශිර්වාද: කටුනායකට ධර්මපාල පිළිරුවක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම ගුණසමරුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 76 වන ජන්ම දිනයට ආශිර්වාද එක්කෙරේ; සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා ද ප්‍රදර්ශනය කෙරේ.
  • ඊට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කළහ.
  • මහාබෝධි සංගමයේ උපසභාපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියෝ මෙහි දී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටු වූහ.
  • මීට පෙර පැවති රජයන්ටද මෙම ඉල්ලීම් ඉදිරිපත් කර නමුත් මේ දක්වා එය ඉටු වී නොමැති බව උන් වහන්සේ සිහිපත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


* ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම ගුණසමරුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 76 වන ජන්ම දිනයට ආශිර්වාද එක්කෙරේ; සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා ද ප්‍රදර්ශනය කෙරේ.



ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 ජන්ම ගුණසමරුව  (17) මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

ඊට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ  76 වන ජන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන හා සෙත් පැතීම ද මහා සංඝරත්නය විසින් මෙහි දී සිදු කළහ.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තායිලන්තයේ BodhiGaya Vijjalaya 980 Institute හි නිර්මාතෘ සහ මහලේකම්, Dharma Alliance හි උපදේශක ආචාර්ය සුපාචල් වීරාපුචොංග් (Dr.Supachal Verapunchong) ,ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්  මෛත්‍රී කුල්කර්නි, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහ හිටපු කතානායක කරු ජයසූරිය යන  සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

මහාබෝධි සංගමයේ උපසභාපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියෝ මෙහි දී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටු වූහ.

මෙහි දී අදහස් දැක් වූ බානගල උපතිස්ස නා හිමියන් කියා සිටියේ, ඉන්දියාවේ ගුවන් තොටුපල ප්‍රවේශ දොරටු අසල  විවේකානන්ද ස්වාමිතුමන්ගේ පිළිරුවක් තැන්පත් කර ඇති ආකාරයෙන් කටුනායක ගුවන්තොටුපළේ ද අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර බුදු දහමට සහ ලාංකේය ජාතියට මහා මෙහෙවරක් කළ එම යුග පුරුෂයාට ගෞරව දක්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවය.

මීට පෙර පැවති රජයන්ටද මෙම ඉල්ලීම් ඉදිරිපත් කර නමුත් මේ දක්වා එය ඉටු වී නොමැති බව උන් වහන්සේ සිහිපත් කළේය.

ආචාර්ය සුපාචල් වීරාපුචොංග් කියා සිටියේ මෙරට ළමා අධ්‍යාපනය දියුණු කිරීමට සහායවීමට තමන් සූදානම් බවය.

මීට සමගාමීව එම විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සීමිත වෙලාවකට පැවැත් වුණි.

(සටහන | ජේ.මුණසිංහ) 

  WhatsApp Image 2026 09 20 at 8.14.09 PM 1

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...