BREAKING
Top Ad
පුවත්

පාරිභෝගිකයා නඩු මගින් මුදවාගන්න ‘ඔම්බුඩ්ස්මන්වරයෙක්’ පත්කරන්න - සරත් විජේසිංහ

T

The Leader

September 20, 2026 • 10:04 AM

  පාරිභෝගිකයා නඩු මගින් මුදවාගන්න ‘ඔම්බුඩ්ස්මන්වරයෙක්’ පත්කරන්න - සරත් විජේසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * පාරිභෝගික අධිකාරිය අසාර්ථකයි: ජනතාව රකින්න ඔම්බුඩ්ස්මන් ක්‍රමයක් අවශ්‍යයි
  • අලුත් නීති එන තෙක්, 2003 අංක 9 දරන පනත සංශෝධනය කිරීමෙන් හෝ නව රෙගුලාසි ඇතුළත් කිරීමට ඉඩ සලසන පනත යටතේ රෙගුලාසි ඇතුළත් කිරීමෙන් ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කළ හැකිය.
  • අදාළ විෂය සහ ආරවුල් පිළිබඳව වාචිකව හෝ ලිඛිතව ඉදිරිපත් කරන ලේඛන සහ නියෝජනයන් කියවීමෙන් හෝ ඇසීමෙන් පසුව, පාර්ශ්වයන් සුහදව එකඟ වූ ස්ථානයකදී අපක්ෂපාතීව සිය තීරණය ලබාදෙනු ඇතැයි සියලු පාර්ශ්වයන් අපේක්ෂා කරයි.
  • ඔම්බුඩ්ස්මන් ක්‍රමයේ ඉතිහාසය ක්‍රි.පූ.
අකුරු ප්‍රමාණය (Font Size):


* අධික මිලෙන් බැටකන ජනතාවට සහනයක් දෙන්න පාරිභෝගික ඔම්බුඩ්ස්මන්වරයෙක් කැඳවයි


ශ්‍රී ලංකාවට පාරිභෝගික ඔම්බුඩ්ස්මන්වරයෙකු අවශ්‍ය බව  ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු සභාපති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊශ්‍රායලයේ හිටපු තානාපති, ජනාධිපති නීතිඥ සහ එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් සරත් විජේසිංහ පෙන්වා දෙයි.

සංකීර්ණ නඩු මග වෙනුවට පහසු සහ කාර්යක්ෂම විසඳුමක් ලෙස ජනතා ගැටලු විසඳන ඔම්බුඩ්ස්මන් (Ombudsman) ක්‍රමය, ඉතිහාසය, ලෝක ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතුදැයි පැහැදිලි කරමින් ඔහු මේ බව  අවධාරණය කළේය.

පාරිභෝගිකවාදය, පාරිභෝගික ක්‍රියාකාරීත්වය, ප්‍රධාන නියාමකයා වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සහ මිල පාලන හා නියාමන ක්‍රියාපටිපාටිය අවාසනාවන්ත ලෙස අසාර්ථක වී ඇත්තේ නිසි දර්ශනයක්, නායකත්වයක් සහ වර්තමාන පුරවැසියාගේ ඉල්ලීම් ඉටු කිරීමට අසමත් කල්ඉකුත් වූ නීති පද්ධතියක් හේතුවෙන් බවද ඔහු කීවේය.


මිල පාලනය අසාර්ථකයි - පනත සංශෝධනය කර හෝ විසඳුමක්


අධික මිල ගණන් සහ පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල පාලනයට නියාමනයක් නොමැතිකම නිසා පුරවැසියා දැඩි පීඩනයකට ලක්ව සිටී. අලුත් නීති එන තෙක්, 2003 අංක 9 දරන පනත සංශෝධනය කිරීමෙන් හෝ නව රෙගුලාසි ඇතුළත් කිරීමට ඉඩ සලසන පනත යටතේ රෙගුලාසි ඇතුළත් කිරීමෙන් ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කළ හැකිය.

විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු සක්‍රීයව සිදුවන බටහිර රටවල පාලන, මූල්‍ය, නීති සේවා, රක්ෂණ, වෛද්‍ය සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල භාවිත වන සංකීර්ණ නඩු මාර්ග වෙනුවට පහසුව, පැහැදිලි බව සහ කාර්යක්ෂමතාව තකා ඔම්බුඩ්ස්මන් (Ombudsman) ක්‍රමය ලොව පුරා ප්‍රචලිතව පවතින බවද හෙතෙම කීය.

 රජය විසින් හෝ පෞද්ගලික අංශය විසින් හෝ පත් කරනු ලබන ඔම්බුඩ්ස්මන්වරයෙකු යනු අදාළ පාර්ශ්වයන්ට මෙන්ම ලෝකයටම පිළිගත හැකි, අපක්ෂපාතී, උගත් සහ කීර්තිමත් පුද්ගලයෙකි.

අදාළ විෂය සහ ආරවුල් පිළිබඳව වාචිකව හෝ ලිඛිතව ඉදිරිපත් කරන ලේඛන සහ නියෝජනයන් කියවීමෙන් හෝ ඇසීමෙන් පසුව, පාර්ශ්වයන් සුහදව එකඟ වූ ස්ථානයකදී අපක්ෂපාතීව සිය තීරණය ලබාදෙනු ඇතැයි සියලු පාර්ශ්වයන් අපේක්ෂා කරයි.


චීනයෙන් සහ ස්වීඩනයෙන් ඇරඹි ඔම්බුඩ්ස්මන්: ලංකාවට වැදගත් වන්නේ ඇයි?


ඔම්බුඩ්ස්මන් ක්‍රමයේ ඉතිහාසය ක්‍රි.පූ. 221 චීනය සහ 1809 ස්වීඩනය දක්වා දිවයයි. රජුගේ සහ පාලනාධිකාරියේ වගකීම් ලිහිල් කරමින්, වඩාත් සුහදශීලී ලෙස පාලන කටයුතු විසඳීම සහ ජනතාවට ඉක්මන් සහනයක් ලබා දීම සඳහා බටහිර රටවල පිහිටුවන ලද මෙම ක්‍රමය, පසුව එක්සත් රාජධානිය, යුරෝපීය සංගමය සහ තවත් බොහෝ රටවල වඩාත් සංවිධානාත්මක ලෙස වත්මන් තත්ත්වය දක්වා වර්ධනය වූ බවද ඔහු පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයෙකු වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පරිපාලක තනතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156-41 (ඇ) වගන්තිය සහ 1981 අංක 17 හා 1994 පනත් යටතේ ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලංකාවේදී ඔම්බුඩ්ස්මන්වරයා වෙත යොමු වීමට අගතියට පත් පාර්ශ්වය පාර්ලිමේන්තු කථානායකවරයා හරහා යා යුතු වේ. නමුත් එක්සත් රාජධානියේදී වෙබ් අඩවිය මගින් හෝ සෘජුවම සම්බන්ධ වී සහන ලබා ගැනීම ඉතා පහසු මට්ටමක පවතී.

(සටහන | ජේ.මුණසිංහ) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...