BREAKING
Top Ad
පුවත්

වරාය නගර කොමිසමේ තනතුරු පටලැවිල්ල: නීති වැඩත් වාණිජ ප්‍රධානියාට පවරා වැඩ අවුල් කරගෙන !

T

The Leader

September 20, 2026 • 11:58 PM

වරාය නගර කොමිසමේ තනතුරු පටලැවිල්ල: නීති වැඩත් වාණිජ ප්‍රධානියාට පවරා වැඩ අවුල් කරගෙන !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැවැන්ත ආයෝජන කලාපයක තීරණවල නීතිමය ස්වාධීනත්වය සහ විනිවිදභාවය ගැන නැගෙන සංවාදය
  • කෙසේ වෙතත්, එම බඳවා ගැනීමේ ක්‍රියාවලියෙන් පසු වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරයට පත්වීම් සිදු කළද, නීති අධ්‍යක්ෂ ධුරය මේ දක්වා පුරප්පාඩුව තබා ගනිමින් එහි රාජකාරිද එකී වාණිජ අධ්‍යක්ෂවරිය වෙතම පවරා තිබීම ගැටලු රැසකට මුල් වී ඇත.
  • ඒ සඳහා ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA හෝ ඊට සමාන සුදුසුකමක්) සමග ඉහළ පෙළේ වාණිජ මෙහෙයුම්වල වසර 10කට වැඩි ජ්‍යෙෂ්ඨ පළපුරුද්දක් නියම කර තිබිණි.
  • ඒ සඳහා නීතිඥවරයෙකු ලෙස වසර 10කට වැඩි ජ්‍යෙෂ්ඨ නීතිමය පළපුරුද්දක් මෙන්ම විශේෂයෙන් වාණිජ නීතිය, දේපළ වෙළෙඳාම් නීතිය, බේරුම්කරණය සහ සහාධිපත්‍ය (Condominium) කළමනාකරණ නීතිය පිළිබඳ ප්‍රායෝගික විශේෂඥභාවය අනිවාර්ය කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


වසර දෙකක පුරප්පාඩුව සහ තනතුරු ද්විත්වයක වගකීම් පිළිබඳව මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගෙන් ප්‍රශ්න


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුකාර්ය විශේෂ ආර්ථික කලාපය මෙහෙයවන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ (CPCEC) ප්‍රධාන තනතුරු දෙකක පාලන ව්‍යුහය සහ බඳවා ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට ආයතනික හා නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් පිහිටුවන ලද මෙම කොමිසම, 2025 පෙබරවාරි 02 වැනි දින පුවත්පත් නිවේදන මගින් එකිනෙකට හාත්පසින්ම වෙනස් ඉහළ පෙළේ තනතුරු දෙකක් සඳහා අයදුම්පත් කැඳවනු ලැබීය. ඒ වාණිජ සහ මෙහෙයුම් අධ්‍යක්ෂ (Director – Commercial and Operations) සහ නීති අධ්‍යක්ෂ (Director – Legal) යන තනතුරු දෙකයි.

WhatsApp Image 2026 09 21 at 09.39.49WhatsApp Image 2026 09 21 at 09.39.49 1
කෙසේ වෙතත්, එම බඳවා ගැනීමේ ක්‍රියාවලියෙන් පසු වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරයට පත්වීම් සිදු කළද, නීති අධ්‍යක්ෂ ධුරය මේ දක්වා පුරප්පාඩුව තබා ගනිමින් එහි රාජකාරිද එකී වාණිජ අධ්‍යක්ෂවරිය වෙතම පවරා තිබීම ගැටලු රැසකට මුල් වී ඇත.

වරාය නගර කොමිසමේ නීති අධ්‍යක්ෂ ධුරය ගැන පාර්ලිමේන්තුවේදී විමසුමක්

ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ආයෝජන කලාපය පාලනය වන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ (CPCEC) නීති අධ්‍යක්ෂ ධුරය වසර දෙකකට ආසන්න කාලයක් පුරා ස්ථිරව සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අවධානය යොමු වී තිබේ.  

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේදී මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වෙත ප්‍රශ්න යොමු කරමින් පෙන්වා දුන්නේ, මෙරට ආර්ථිකයට සුවිශේෂී බලපෑමක් එල්ල කරන නීතිමය සහ නියාමන වගකීම් සහිත ආයතනයක් තුළ ප්‍රධාන නීති නිලධාරියෙකු නොමැතිව මෙවැනි දීර්ඝ කාලයක් තීන්දු තීරණ ගනු ලැබුවේ කෙසේද යන්න පැහැදිලි විය යුතු බවයි.

එකිනෙකට වෙනස් විෂය පථ දෙකක අවශ්‍යතා

කොමිෂන් සභාව විසින්ම ප්‍රකාශයට පත් කරන ලද නිල සුදුසුකම් අනුව මෙම තනතුරු දෙක පැහැදිලිවම වෙනස් වපසරියන් නියෝජනය කරයි:

* වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ:
වරාය නගරයේ එදිනෙදා වාණිජ කටයුතු, ආදායම් උපායමාර්ග, පාර්ශ්වකරුවන්ගේ කළමනාකරණය සහ ව්‍යාපාර සංවර්ධනය මෙහෙයවීම මෙහි වගකීමයි. ඒ සඳහා ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA හෝ ඊට සමාන සුදුසුකමක්) සමග ඉහළ පෙළේ වාණිජ මෙහෙයුම්වල වසර 10කට වැඩි ජ්‍යෙෂ්ඨ පළපුරුද්දක් නියම කර තිබිණි.

* නීති අධ්‍යක්ෂ:
කොමිෂන් සභාවේ නීතිමය අනුකූලතාව, රෙගුලාසි කෙටුම්පත් කිරීම, කොන්ත්‍රාත් ගිවිසුම් සමාලෝචනය, බේරුම්කරණය සහ නඩු පැවරීම් කළමනාකරණය මෙයට පැවරේ. ඒ සඳහා නීතිඥවරයෙකු ලෙස වසර 10කට වැඩි ජ්‍යෙෂ්ඨ නීතිමය පළපුරුද්දක් මෙන්ම විශේෂයෙන් වාණිජ නීතිය, දේපළ වෙළෙඳාම් නීතිය, බේරුම්කරණය සහ සහාධිපත්‍ය (Condominium) කළමනාකරණ නීතිය පිළිබඳ ප්‍රායෝගික විශේෂඥභාවය අනිවාර්ය කර තිබිණි.

සුදුසුකම් සහ පත්කිරීම් පිළිබඳ මතු වන ප්‍රශ්න

වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරයට පත් කරනු ලැබූ රාධිකා ඔබේසේකර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LLB) උපාධියක් සහ එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) වෘත්තීය ඩිප්ලෝමාවක් හිමි කරගෙන සිටියි.

කෙසේ වෙතත්, ඇය පත් කර ඇති වාණිජ ධුරය සඳහා නියම කර තිබූ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි (MBA) මට්ටමේ සුදුසුකමක් හෝ වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආදායම් උපයන මහා පරිමාණ වාණිජ ව්‍යවසාය මෙහෙයුම්වල උපායමාර්ගික පළපුරුද්දක් ඇය සතුව පවතින්නේද යන්න පළමුව විමසුමට ලක්ව ඇත. ඇය මීට පෙර දරා ඇති තනතුරු වන ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය (SLID), නැවත පදිංචි කිරීමේ අධිකාරිය, කාර්මික සේවා කාර්යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් ආදී සියල්ලම පාහේ රාජ්‍ය අංශයේ, නියාමන හෝ පරිපාලන ආයතන වීම ඊට හේතුවයි.

දෙවනුව සහ වඩාත් බරපතළ කාරණය වන්නේ, ඇය නීතිඥවරියක ලෙස වසර 16ක කාලයක් සම්පූර්ණ කර තිබුණද, එම කාලය තුළ ප්‍රධාන නීති උපදේශක, නීති ප්‍රධානී හෝ අධිකරණමය නීති වෘත්තියේ නිරත නොවී විධායක පරිපාලන ක්ෂේත්‍රයේ රැඳී සිටීමයි. වරාය නගරය වැනි ඉහළ නීතිමය අවදානමක් සහිත ජාත්‍යන්තර ආයෝජන කලාපයකට අවශ්‍ය වාණිජ නීතිය, බේරුම්කරණය, දේපළ නීතිය හෝ ව්‍යවස්ථාපිත කෙටුම්පත්කරණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇයගේ වෘත්තීය පසුබිමෙන් පෙන්නුම් නොකෙරෙන බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

පෙර තනතුරු දැරූ ප්‍රවීණයන් හා සැසඳීම

මෙම පරතරය වඩාත් පැහැදිලි වන්නේ මීට පෙර කොමිෂන් සභාවේ නීති සහ ආයතනික කටයුතු අධ්‍යක්ෂ ධුරය දැරූ වින්ධ්‍යා වීරසේකරගේ සුදුසුකම් සමග සසඳන විටය.

1997 දී නීතිඥවරියක ලෙස දිවුරුම් දුන් ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ LLB උපාධියට අමතරව වේල්ස් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති (LLM) උපාධියක් සහ බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ පශ්චාත් නීතිඥ ඩිප්ලෝමාවක් සහිතව, බහුජාතික සමාගම් ඇතුළු ආයතනික නීති ක්ෂේත්‍රයේ වසර 26කට අධික සක්‍රීය ජ්‍යෙෂ්ඨ පළපුරුද්දක් පෙන්නුම් කළාය. එවන් ප්‍රමිතියක් සහිත නිලධාරියෙකුගෙන් පසු පුරප්පාඩු වූ තනතුරකට විධිමත් බඳවා ගැනීමක් නොකර, වෙනත් විෂය පථයක නිලධාරියෙකුට එම වගකීම් පැවරීම ආයතනික පාලන සම්ප්‍රදායන්ට පටහැනි බවට තර්ක මතු වේ.

ආයතනික පාලනය සහ ස්වාධීන නීති අධීක්ෂණය බිඳවැටීමේ අවදානම

මෙහිදී මතු වන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ, සුදුසුකම්ලත් නිලධාරියෙකු ඉවත්ව ගොස් දීර්ඝ කාලයක් ගතවී තිබියදීත්, නීති අධ්‍යක්ෂ ධුරය සඳහා විධිමත් සම්මුඛ පරීක්ෂණ හෝ බඳවා ගැනීමක් සිදු නොකළේ මන්ද යන්නයි.

ආයතනික පාලන (Corporate Governance) මූලධර්මවලට අනුව, ස්වාධීන නීති අංශයක් පැවතීමේ මූලික අරමුණ වන්නේ කළමනාකාරිත්වය විසින් ගනු ලබන වාණිජ තීන්දු, මහා පරිමාණ ඉඩම් බදුදීම්, ආයෝජන ගිවිසුම් සහ ජාත්‍යන්තර බේරුම්කරණ කොන්දේසි නීතිමය වශයෙන් නිවැරදිදැයි පරීක්ෂා කිරීමයි.

නමුත්, වාණිජ තීරණ ගන්නා ප්‍රධානියාම නීතිමය උපදෙස් ලබාදෙන ප්‍රධානියා ලෙසද කටයුතු කරන විට, කළමනාකාරීත්වයේ තීරණ ස්වාධීන නීතිමය විමසුමකට ලක් කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහෝසි වී යයි. මෙමගින් ආයතනයක් තුළ තිබිය යුතු අභ්‍යන්තර තුලනය සහ විනිවිදභාවය බිඳවැටෙන අතර, කොමිෂන් සභාව ගන්නා තීරණවල නීතිමය වලංගුභාවය සම්බන්ධයෙන්ද බරපතළ අවදානමක් මතු විය හැක.

ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය රඳා පවතින මෙවැනි සුවිශේෂී මූල්‍ය මධ්‍යස්ථානයක, ප්‍රධාන නීතිමය තනතුරක් දීර්ඝ කාලයක් පුරප්පාඩුව තැබීම සහ එහි වගකීම් සුදුසුකම් සපුරා නොමැති වෙනත් නිලධාරියෙකු වෙත පැවරීම සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සතු වගකීමකි.


සබැඳි පුවතක් :

වරාය නගර කොමිසමේ නීති අධ්‍යක්ෂ ධුරය සහ වැටුප් විස්තර ගැන ශානක්‍යන්ගෙන් විමසීමක්



| වගකීමෙන් යුතුව කරුණු දැක්වීමේ අයිතිය (Right of Reply): 

ඉහත වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට පැහැදිලි කිරීමක් හෝ ප්‍රතිචාරයක් දැක්වීමට අවශ්‍ය නම්, ඒ සඳහා අපගේ කර්තෘ මණ්ඩලය සැමවිටම විවෘතව පවතී.
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...