BREAKING
Top Ad
පුවත්

ශරීර දේශපාලන හා මතකයන් අතුරුදහන් නොවූ අතුරුදහන් ආදරණීයයන් වෙනුවෙන්

T

The Leader

September 21, 2026 • 1:43 AM

ශරීර දේශපාලන හා මතකයන් අතුරුදහන් නොවූ අතුරුදහන් ආදරණීයයන් වෙනුවෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 4.00 සිට ආරම්භ වන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින තුළ පැවත්වේ
  • බලහත්කාරී අතුරුදහන් කරවීම්වලට ලක්වූ ආදරණීයයන්ගේ මතකයන්, ඔවුන්ගේ පවුල්වල වේදනාව සහ සත්‍යය කලාත්මක ප්‍රකාශනයක් බවට පත් කරමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් සැප්තැම්බර් 21 සිට 23 දක්වා කොළඹ JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.
  • “ශරීර දේශපාලන හා මතකයන් – අතුරුදහන් නොවූ අතුරුදහන් ආදරණීයයන් වෙනුවෙන්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 4.00 සිට ආරම්භ වන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින තුළද මහජනතාව සඳහා විවෘතව පවතී.
  • අතුරුදහන්වූ පවුල් එකතුව විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ කලාකරුවන්ගේ නිර්මාණද එක්කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මතකය මැකී යන්නේ නැත. අතුරුදහන් කළ මිනිසුන්ගේ හඬ නිහඬ වන්නේ නැත.



බලහත්කාරී අතුරුදහන් කරවීම්වලට ලක්වූ ආදරණීයයන්ගේ මතකයන්, ඔවුන්ගේ පවුල්වල වේදනාව සහ සත්‍යය කලාත්මක ප්‍රකාශනයක් බවට පත් කරමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් සැප්තැම්බර් 21 සිට 23 දක්වා කොළඹ JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.

“ශරීර දේශපාලන හා මතකයන් – අතුරුදහන් නොවූ අතුරුදහන් ආදරණීයයන් වෙනුවෙන්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 4.00 සිට ආරම්භ වන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින තුළද මහජනතාව සඳහා විවෘතව පවතී. අතුරුදහන්වූ පවුල් එකතුව විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ කලාකරුවන්ගේ නිර්මාණද එක්කර තිබේ.

වසර ගණනාවක් පුරා තම ආදරණීයයන් පිළිබඳ පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින පවුල්වල මතකයන්, බලාපොරොත්තු සහ වේදනාව විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම මෙහි අරමුණ වී තිබේ.

එමෙන්ම, බලහත්කාරී අතුරුදහන් කරවීම් පිළිබඳ සමාජ සංවාදයක් ඇති කිරීමත්, අතුරුදහන් වූවන්ගේ මතකය සහ ඔවුන්ගේ පවුල්වල අත්දැකීම් සමාජය හමුවේ තැබීමත් මෙම ප්‍රදර්ශනය හරහා සිදුකෙරේ. “මතකය මැකී යන්නේ නැත. අතුරුදහන් කළ මිනිසුන්ගේ හඬ නිහඬ වන්නේ නැත.” යන පණිවුඩය මූලික කරගනිමින් මෙම කලා ප්‍රදර්ශනය පැවැත්වේ.
 
WhatsApp Image 2026 09 21 at 11.20.39

 WhatsApp Image 2026 09 21 at 11.20.40WhatsApp Image 2026 09 21 at 11.20.39 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...