BREAKING
Top Ad
පුවත්

ජවිපෙ ලේකම්වරයා පැවරූ 'ගම්පහ දේපල නඩුව' : විත්තිකරුවන් විසි දෙනෙකුට සිතාසි

T

The Leader

September 21, 2026 • 4:44 AM

ජවිපෙ ලේකම්වරයා පැවරූ 'ගම්පහ දේපල නඩුව' : විත්තිකරුවන් විසි දෙනෙකුට සිතාසි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම වළක්වමින් දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක්
  • ඊට අමතරව අදාළ විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කිරීමටද පියවර ගෙන ඇත.
  • දේපළ ආරවුලේ පසුබිම අධිකරණය හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලට අනුව, අදාළ දේපළ 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් මගින් රුපියල් ලක්ෂ අටක මුදලකට මිලදී ගෙන ඇත්තේ එවකට පක්ෂ සාමාජිකයකුගේ නමින් භාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහාය.
  • පසුව එම ස්ථානය පක්ෂ කාර්යාලයක් ලෙස සංවර්ධනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දේපළෙහි භුක්තිය තෙවන පාර්ශ්වයකට පැවරීම වළක්වාලයි


ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ කාර්යාල පරිශ්‍රය වන "අපේ නිවහන" නමැති දේපළෙහි පවතින තත්ත්වය වෙනස් කිරීම සහ එහි භුක්තිය තෙවන පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් ගම්පහ අතිරේක දිසා විනිසුරු දුලාන් වීරවර්ධන විසින් අතුරු තහනම් නියෝග දැන්වීම් සහ වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය. ඊට අමතරව අදාළ විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කිරීමටද පියවර ගෙන ඇත.

දේපළ ආරවුලේ පසුබිම

අධිකරණය හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලට අනුව, අදාළ දේපළ 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් මගින් රුපියල් ලක්ෂ අටක මුදලකට මිලදී ගෙන ඇත්තේ එවකට පක්ෂ සාමාජිකයකුගේ නමින් භාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහාය. පසුව එම ස්ථානය පක්ෂ කාර්යාලයක් ලෙස සංවර්ධනය කර තිබේ.


2011 වසරේදී පක්ෂයෙන් වෙන්ව ගිය කණ්ඩායමක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවීමෙන් පසු මෙම පරිශ්‍රයේ හිමිකම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වූ බව පැමිණිල්ලේ සඳහන් වේ. ඉන් අනතුරුව මෙම දේපළ නැවත පවරාදෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇති අතර, 2018 වසරේදී ගම්පහ දිසා අධිකරණයේ පවරන ලද නඩුවකට අනුව අදාළ දේපළ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් භාරයක් ලෙස පවත්වාගෙන ගිය එකක් බවට පිළිගනිමින් එය පැමිණිලිකරු වෙත පැවරීමට 2022 වසරේදී තීන්දුවක් ලැබී තිබිණි.

නවතම නීතිමය තත්ත්වය සහ ඉල්ලීම්

පැමිණිලිකාර පාර්ශ්වය පෙන්වා දෙන්නේ 2025 වසරේදී අදාළ දේපළ රුපියල් මිලියන 19.57ක තක්සේරු වටිනාකමක් යටතේ නිල වශයෙන් ලියාපදිංචි කර හිමිකම තහවුරු කරගත් බවයි. කෙසේ වෙතත්, එහි භුක්තිය ලබාගැනීමට යාමේදී ඇති වූ බාධා කිරීම් සම්බන්ධයෙන් පොලිස් පැමිණිලිද සිදු කර ඇත.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ වෙනත් නඩුවකදී දේපළේ භුක්තිය පිළිබඳ ආරවුලකදී විත්ති පාර්ශ්වයට වාසිදායක නියෝගයක් ලැබී තිබුණද, ඉඩමක නීත්‍යානුකූල හිමිකම තීරණය කිරීමේ බලය ඇත්තේ සිවිල් අධිකරණයකට බව පෙන්වා දෙමින් මෙම නව නඩුව පවරා තිබේ.

අදාළ දේපළෙහි නීත්‍යානුකූල හිමිකරු සහ භුක්තිකරු තමන් බවට තීන්දු කරන ලෙසත්, නීත්‍යානුකූල හිමිකමක් නොමැති විත්තිකරුවන් ඉවත් කර භුක්තිය ලබාදෙන ලෙසත් පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

පැමිණිලිකාර ටිල්වින් සිල්වා වෙනුවෙන් නීතික පාර්ට්නර්ස් ආයතනයේ නීතිඥ චමීර හපුතන්ත්‍රි, නීතිඥ නිකිණි මාපිටිගම සහ නීතිඥ තනූජ සදරුවන් ගේ පදෙස් මත නීතිඥ ඉෂාන් අලවතුරගේ අධිකරණය හමුවේ කරුණු දැක්වීය. නඩුව පිළිබඳ ඉදිරි විභාගය නියමිත දිනට කැඳවීමට නියමිතය.


අධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම මෙන්න

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...