BREAKING
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරයේ මහා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ඇරඹෙයි

T

The Leader

September 22, 2026 • 2:30 AM

පාස්කු ප්‍රහාරයේ මහා නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ඇරඹෙයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි අධිචෝදනා 23,270ක් සහිත ඓතිහාසික නඩු විභාගය අවසන් අදියරට
  •   නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මැද අද පෙරවරුවේ අධිකරණ භූමිය වෙත රැගෙන එනු ලැබීය.
  •   මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම මෙන්ම මිනීමැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් ය.
  •   වසර පහකට ආසන්න කාලයක් පුරා දිනපතා පාහේ පැවති දීර්ඝ නඩු විභාගයේදී පැමිණිල්ල පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ වැඩිදුර තීන්දු ප්‍රකාශය දිවා විවේකයෙන් පසු පස්වරුවේ  


2019 වසරේ අප්‍රේල් 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (22) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ආරම්භ විය.  

අද දහවල් 12.30ට පමණ විනිසුරු මඬුල්ල විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ අතර, අනතුරුව දිවා ආහාර විවේකය වෙනුවෙන් අධිකරණ කටයුතු පස්වරු 1.45 දක්වා තාවකාලිකව කල් තැබිණි.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ මඬුල්ල  

මෙම නඩු විභාගය නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය.  

නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මැද අද පෙරවරුවේ අධිකරණ භූමිය වෙත රැගෙන එනු ලැබීය.  

ලංකා ඉතිහාසයේ වැඩිම අධිචෝදනා සංඛ්‍යාව  

ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ එක් නඩුවක් යටතේ වැඩිම අධිචෝදනා සංඛ්‍යාවක් ගොනුකළ නඩුවක් ලෙස මෙය සැලකෙන අතර, නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සංඛ්‍යාව 23,270කි.  

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම මෙන්ම මිනීමැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් ය.  

වසර පහකට ආසන්න කාලයක් පුරා දිනපතා පාහේ පැවති දීර්ඝ නඩු විභාගයේදී පැමිණිල්ල පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ. නඩුවේ සාක්ෂි විමසීම පසුගිය අගෝස්තු 24 වන දින අවසන් කෙරුණු අතර, අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද දින නියම විය.  
විත්තිකරුවන් 24 දෙනෙකුට අදාළව තීන්දුව  

නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මාසයේදී විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාරදෙනු ලැබුවද, නඩු විභාගය අතරතුර ඉන් එක් විත්තිකරුවකු වූ යාසින් බාවා අබ්දුල් රාවුෆ් මියයාම හේතුවෙන් සෙසු විත්තිකරුවන් 24 දෙනා සම්බන්ධයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත්වේ:

සෙසු විත්තිකරුවන් මෙන්න

1. මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි:
2. මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක් හෙවත් ගෆූර් මාමා)
3. හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)
4. මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
5. මොහොමඩ් ඊබ්‍රහිම් ෂාහීඩ් අබ්දුල් හක් (අබූ ෆලා)
6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)
7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබූ මිසාන්)
8. අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
9. මොහොමඩ් රමිෂ් මොහොමඩ් සජීඩ් හෙවත් සජීඩ් මවුලවි (අබු නජා)
10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්)
11. හුසේනූල් රිස්වි කාලිද් සමීර්
12. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)
13. මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබූ මොහොමඩ්)
14. රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්
15. මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)
16. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නාන් සීයාර්)
17. රසික් රාසා හුසේන්
18. කච්චි මොහොමඩ් ජෙස්මින්
19. සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්
20. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්
21. මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)
22. මොහොමඩ් අමීන් අයන්තුල්ලා
23. මොහොමඩ් අන්සාර්දීන් හිල්මි
24. මොහොමඩ් අක්‍රම් අහක්කම්


2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ පසුබිම  

2019 අප්‍රේල් 21 වන දින කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම කොළඹ ෂැන්ග්‍රි-ලා, කින්ග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන ප්‍රමුඛ හෝටල් ඉලක්ක කරගනිමින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල විය. දෙහිවල හෝටලයකදී තවත් පිපිරීමක් සිදුවිය.  

මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, 500කට වැඩි පිරිසක් බරපතල තුවාල ලැබූහ.


දෙස් විදෙස් දැඩි අවධානයට ලක්ව ඇති මෙම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද පස්වරුවේ තවදුරටත් සිදු කෙරේ.  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...