BREAKING
Top Ad
පුවත්

පාස්කු මහ නඩුව: දඬුවම් නියමවුවන් අලුයම දැඩි රැකවල් මැද බන්ධනාගාරයට

T

The Leader

September 22, 2026 • 10:08 PM

පාස්කු මහ නඩුව: දඬුවම් නියමවුවන් අලුයම දැඩි රැකවල් මැද බන්ධනාගාරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *වරදකරුවන්ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම් - සියලු දේපළ රාජසන්තක කිරීමට නියෝග
  •   අධිකරණ කටයුතු රාත්‍රිය දක්වා දීර්ඝ වීමෙන් අනතුරුව, දඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා අද (23) අලුයම 2.08ට පමණ විශේෂ පොලිස් ආරක්ෂක රැකවල් මැද බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.
  • තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව පැවසූ ඔහු, පවුලේ සාමාජිකයන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව ද අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
  •   16 වන විත්තිකරු (මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්):   තමන් වෙත එල්ල වී තිබුණේ නිවසේ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව පමණක් බවත්, ගෙදර ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගල් ලබාගැනීමේ සිදුවීමක් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුවන් අධිකරණය හමුවේ කළ ප්‍රකාශ මෙන්න  

2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 200 සිට වසර 260 දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ රාත්‍රී නියම කරන ලදී.  

ඊට අමතරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව වරදකරුවන් සතු සියලුම චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කිරීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.  

අධිකරණ කටයුතු රාත්‍රිය දක්වා දීර්ඝ වීමෙන් අනතුරුව, දඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා අද (23) අලුයම 2.08ට පමණ විශේෂ පොලිස් ආරක්ෂක රැකවල් මැද බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.  

වෙන් වෙන් වශයෙන් නියම වූ සිරදඬුවම්  

නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එක් එක් චූදිතයාගේ චෝදනාවල ස්වභාවය සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම් නියම කරනු ලැබීය.  

ඒ අනුව නියම වූ සිරදඬුවම් මෙසේය:  

වසර 260ක සිරදඬුවම:  

* අටවැනි විත්තිකරු - අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්  

වසර 240 බැගින් සිරදඬුවම් (විත්තිකරුවන් 4 දෙනෙකුට):  

* දෙවැනි විත්තිකරු - මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ (ගෆූර් මාමා)  
* තෙවැනි විත්තිකරු - හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් (අබු සිලා)  
* සිව්වැනි විත්තිකරු - මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා  
* පස්වැනි විත්තිකරු - මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්  

වසර 220 බැගින් සිරදඬුවම් (විත්තිකරුවන් 5 දෙනෙකුට):  

* පළමුවැනි විත්තිකරු - මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් (නවුෆර් මවුලවි)  
* නවවැනි විත්තිකරු - මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් (සාජිත් මවුලවි)  
* දසවැනි විත්තිකරු - අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි - 16 වන චෝදනාවෙන් නිදොස් විය)  
* දහසය වැනි විත්තිකරු - මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්  
* දහඅටවැනි විත්තිකරු - රාසික් රාසා හුසේන්  

වසර 200 බැගින් සිරදඬුවම් (විත්තිකරුවන් 5 දෙනෙකුට):  

* හයවැනි විත්තිකරු - මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්  
* හත්වැනි විත්තිකරු - මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්  
* එකොළොස්වැනි විත්තිකරු - හුසේනුල් රිස්වි කාලිද් සමීර්  
* පහළොස්වැනි විත්තිකරු - මොහොමඩ් හනීෆා සෙයිනුල් ආබ්දීන්  
* දහනවවැනි විත්තිකරු - කච්චි මොහොමඩ් මොහොමඩ් ජෙම්සිත්  


දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුවන් කළ ප්‍රකාශ  

දඬුවම් නියම කිරීමට පෙර තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට අධිකරණය ලබාදුන් අවස්ථාවේදී විත්තිකරුවන් කිහිප දෙනෙකු අදහස් දැක්වීය:  

6 වන විත්තිකරු (මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්):  

තමන් නඩු විභාගය පුරා නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවත්, කිසිදු වරදක් සිදු නොකළ බවත් ප්‍රකාශ කළේය. තමන් සාක්ෂි ලබාදීමට සූදානම් බව පැවසූ ඔහු, පවුලේ සාමාජිකයන්ගේ රෝගී තත්ත්වයන් පිළිබඳව ද අධිකරණය හමුවේ කරුණු දැක්වීය.  

16 වන විත්තිකරු (මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්):  

තමන් වෙත එල්ල වී තිබුණේ නිවසේ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව පමණක් බවත්, ගෙදර ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගල් ලබාගැනීමේ සිදුවීමක් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවත් සඳහන් කළේය. තමන් ලිඛිත දේශනයක් ඉදිරිපත් කළ බවත්, දරුවන් පිළිබඳ සලකා බලා ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.  

7 වන විත්තිකරු (මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්):  

තමන් මවුලවිවරයෙකු ලෙස කටයුතු කරමින් දේශන පැවැත්වීම පමණක් සිදුකළ බවත්, ප්‍රහාරයට කිසිදු සබඳතාවක් නොමැති බවත් පැවසීය. මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ද ඔහු විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.  

දීර්ඝ නඩු විභාගයේ සමාප්තිය  

2019 අප්‍රේල් 21 වන දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි දේවස්ථාන හා ප්‍රධාන හෝටල් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර මාලාවෙන් විදේශිකයන් 45 දෙනෙකු ඇතුළු 270කට අධික පිරිසක් මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.  

නීතිපතිවරයා විසින් අධිචෝදනා 23,270ක් යටතේ ගොනුකළ මෙම නඩුවේදී සාක්ෂිකරුවන් 2,309 දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනිණි. විත්තිකරුවන් 24 දෙනා අතුරින් 9 දෙනෙකු සාක්ෂි ප්‍රමාණවත් නොවීම මත නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගත් අධිකරණය, ප්‍රධාන චූදිතයන් 15 දෙනාට මෙලෙස බරපතළ සිරදඬුවම් නියම කළේය.   

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...