BREAKING
Top Ad
පුවත්

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

T

The Leader

September 23, 2026 • 12:55 AM

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුපියල් කෝටි 22ක මූල්‍ය විමර්ශනය: තවත් 50කගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි
  • එම විශේෂ ව්‍යාපෘති මෙහෙයුම් වෙනුවෙන් වැය කර ඇති රුපියල් කෝටි 22කට අධික මහජන මුදල් අවභාවිත වීමක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.
  •   එමෙන්ම සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී, අවස්ථා හතරකදී රුපියල් ලක්ෂ 50ක මුදලක් සහ අවස්ථා 79කදී රුපියල් එක්කෝටි දහහතර ලක්ෂයකට අධික මුදලක් බැරවී ඇති බව අනාවරණය වී ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
  •   තවත් 50 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි මෙම සිද්ධියට අදාළව විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් රැසකගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගෝඨාභයගේ සහ රනිල්ගේ පාලන කාලවල තනතුරු ගැන CIDයෙන් දීර්ඝ වාර්තාවක්  


ජනාධිපති වැය ශීර්ෂයට අයත් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර  ලබන ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කළේය.  

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බැවින් මෙම නියෝගය ලබා දුන්නේය.  

වැටුප් සහ බැංකු ගිණුම් පිළිබඳ CID වාර්තාව  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම් ධුරය දරන අතරතුර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස ද කටයුතු කරමින් රජයේ වැය ශීර්ෂ යටතේ ද්විත්ව වැටුප් හා දීමනා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි. එම විශේෂ ව්‍යාපෘති මෙහෙයුම් වෙනුවෙන් වැය කර ඇති රුපියල් කෝටි 22කට අධික මහජන මුදල් අවභාවිත වීමක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.  

එමෙන්ම සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී, අවස්ථා හතරකදී රුපියල් ලක්ෂ 50ක මුදලක් සහ අවස්ථා 79කදී රුපියල් එක්කෝටි දහහතර ලක්ෂයකට අධික මුදලක් බැරවී ඇති බව අනාවරණය වී ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.  

තවත් 50 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිතයි

මෙම සිද්ධියට අදාළව විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් රැසකගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය. ඊට අමතරව සිද්ධියට සෘජුව හා වක්‍රව සම්බන්ධ තවත් පුද්ගලයින් 50 දෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති හෙයින්, සැකකරුට ඇප ලබා දීමෙන් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පොලිසිය තර්ක කළේය.  

නීතිපති උපදෙස් සහ අධිකරණ තීන්දුව  

විමර්ශන අතරතුර හිටපු ජනාධිපතිවරයකුගේ වරප්‍රසාද සහ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් මතුව ඇති නෛතික කරුණු පිළිබඳව නීතිපතිවරයාගෙන් කඩිනම් උපදෙස් ඉල්ලා ඇති බවද විමර්ශන නිලධාරීහු සඳහන් කළහ. දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, විමර්ශන ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් සැකකරු ලබන ඔක්තෝබර් 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් නඩුව කල් තැබීය.  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...