BREAKING
Top Ad
පුවත්

දම්රෝ මැරීනෝ බීච් ඉඩම් ගනුදෙනුවේ බිලියනයක වංචාවට එරෙහිව මහාධිකරණයේ නඩු

T

The Leader

September 23, 2026 • 7:35 AM

දම්රෝ මැරීනෝ බීච් ඉඩම් ගනුදෙනුවේ බිලියනයක වංචාවට එරෙහිව මහාධිකරණයේ නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය ජාතික සැකකරුට එරෙහිව නීතිපතිගෙන් අධිචෝදනා; ඔක්තෝබර් 21 දින පෙනී සිටින්නැයි නියෝග
  • කෙසේ වෙතත්, සැකකරුට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් පැනවූ අධිකරණය, රුපියල් මිලියන 40 ක පෙර ඇප මත ඔහුව මුදා හැරීමට නියෝග කළේය.
  •   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 2010 වසරේදී මෙම වටිනා ඉඩම විකිණීමේ ක්‍රියාවලියේදී සැබෑ විකුණුම් වටිනාකම වසන් කරමින් සහ තැරැව්කාර ගාස්තු මුවාවෙන් අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවයි.
  • එමඟින් බ්‍රිතාන්‍ය සමාගමට සහ එහි ආයෝජක කොටස්කරුවන්ට රුපියල් බිලියනයකට ආසන්න මුදලක මූල්‍ය පාඩුවක් සිදු කරමින් සාපරාධී විශ්වාසය කඩකර ඇති බවට කරුණු හෙළිව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩුව අවසන්; රුපියල් මිලියන 40ක ඇප සහ විදෙස් ගමන් තහනම්  


බම්බලපිටිය මැරීනෝ බීච් හෝටලය පිහිටි ඉඩම 2010 වසරේදී දම්රෝ සමාගම වෙත විකිණීමේදී රුපියල් බිලියනයකට ආසන්න මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලබා සිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන කදිරවේලුපිල්ලෙයි සත්කුනම් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ මෙම නඩුව පැවරීම හේතුවෙන්, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් සැකකරුට ලබන ඔක්තෝබර් 21 වන දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

කොටුව අධිකරණයේ නඩු විභාගය අවසන්  

අදාළ සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමත් සමඟ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙතෙක් විභාග වෙමින් පැවති නඩු කටයුතු අවසන් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

කෙසේ වෙතත්, සැකකරුට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් පැනවූ අධිකරණය, රුපියල් මිලියන 40 ක පෙර ඇප මත ඔහුව මුදා හැරීමට නියෝග කළේය.

බ්‍රිතාන්‍ය සමාගමේ පැමිණිල්ල සහ විමර්ශනය

මෙම නීතිමය පියවර ගනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි 'ඇක්සෙස් ඩිරෙක්ට්' (Access Direct UK Private Limited) සමාගමේ කොටස් හිමියෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත ආරම්භ කෙරුණු දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 2010 වසරේදී මෙම වටිනා ඉඩම විකිණීමේ ක්‍රියාවලියේදී සැබෑ විකුණුම් වටිනාකම වසන් කරමින් සහ තැරැව්කාර ගාස්තු මුවාවෙන් අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවයි. එමඟින් බ්‍රිතාන්‍ය සමාගමට සහ එහි ආයෝජක කොටස්කරුවන්ට රුපියල් බිලියනයකට ආසන්න මුදලක මූල්‍ය පාඩුවක් සිදු කරමින් සාපරාධී විශ්වාසය කඩකර ඇති බවට කරුණු හෙළිව තිබේ.

නීතිඥ නියෝජනය  

අගතියට පත් පාර්ශ්වය වන බ්‍රිතාන්‍ය සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක, නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සහ නීතිඥ නිපුන් නවරත්න පෙනී සිටි අතර, විත්තිකාර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පතිරණ පෙනී සිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දම්රෝ මැරීනෝ බීච් ඉඩම් ගනුදෙනුවේ බිලියනයක වංචාවට එරෙහිව මහාධිකරණයේ නඩු | The Leader