BREAKING
Top Ad
පුවත්

අධිකරණ දෙකක නඩු පටලැවිල්ලක්: නාමල් රාජපක්ෂ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

T

The Leader

September 23, 2026 • 8:47 AM

අධිකරණ දෙකක නඩු පටලැවිල්ලක්: නාමල් රාජපක්ෂ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * කොටුව සහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු ඒකාබද්ධ කිරීම ගැන පැමිණිල්ලෙන් වාර්තාවක් කැඳවයි.
  • එමෙන්ම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා ගොනු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අධිකරණයට දැනුම් දී නොමැති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
  •   නඩුවේ සැකකරුවන් සහ චෝදනා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික තොරතුරු වාර්තාවට අනුව මෙම සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙකු නම් කර තිබේ.
  • 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ඒකාබද්ධ විමර්ශනයක් පවත්වාගෙන යනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):

* රුපියල් මිලියන 100ක අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා මත නියෝගය සැප්තැම්බර් 30 දක්වා කල් යයි.


ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.

 

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ, පවතින නීතිමය තත්ත්වය හමුවේ මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීම සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.

 

අධිකරණ දෙකක විභාග වන නඩු අතර ගැටලුව

මෙම එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ද වෙනම නඩුකරයක් පවත්වාගෙන යන බව නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

 

එම නඩුවේ චෝදනා සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනා අතර සෘජු ඒකාබද්ධතාවක් පවතින බව නිරීක්ෂණය වන බවත්, සැකකරු දැනටමත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පසුබිමක එක් අධිකරණයකින් පමණක් ඇප ලබාදීම ගැටලු සහගත බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. එමෙන්ම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා ගොනු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අධිකරණයට දැනුම් දී නොමැති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

 

නඩුවේ සැකකරුවන් සහ චෝදනා

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික තොරතුරු වාර්තාවට අනුව මෙම සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙකු නම් කර තිබේ.

 

පළමුවන සැකකරු:

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන (මේ වන විට මියගොස් ඇත)

 

දෙවන සැකකාරිය:

ප්‍රියංකා නියෝමාලි වික්‍රමසිංහ  (අධිකරණය මඟහැරීම නිසා විවෘත වරෙන්තු නිකුත් කර ඇත)

 

තෙවන සැකකරු:

ශමීන්ද්‍ර රාජපක්ෂ (අත්අඩංගුවට ගැනීම මඟහැර සැඟව සිටින බැවින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත)

 

සිව්වන සැකකරු:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  (සැප්තැම්බර් 16 දින අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි)

 

සිව්වන සැකකරු විසින් රුපියල් මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සහ ඒ හරහා මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව විමර්ශන අංශ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ද වාර්තා කර ඇත. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ඒකාබද්ධ විමර්ශනයක් පවත්වාගෙන යනු ලබයි.

 

පැමිණිල්ලට දුන් නියෝග තුන

 

විමර්ශන සිදුකරන ආයතන දෙකෙහි කරුණු ඒකාබද්ධ කර එක් නඩුකරයක් ලෙස ඉදිරියට ගෙනයාමේ හැකියාව පවතින බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ට කරුණු 3ක් පිළිබඳව ලිඛිතව අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කළේය.

 

1- මෙම අධිකරණයේ පවතින විමර්ශන සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන කරුණු ඒකාබද්ධ කර එක් නඩුකරයක් ලෙස පවත්වාගෙන යන්නේ ද යන්න.

 

2- මෙම නඩුකරය ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටම යොමු කිරීමට පැමිණිල්ල බලාපොරොත්තු වන්නේ ද යන්න.

 

3- 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල සහතිකයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කර තිබේද යන්න.

 

එම කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර මන්ත්‍රීවරයාව සැප්තැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

 

ගෝලීය එයාර්බස් ගනුදෙනු විමර්ශන පසුබිම

මෙම නඩුකරයට පාදක වී ඇත්තේ 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් A350-900 සහ A330 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී ප්‍රංශයේ එයාර්බස් සමාගම විසින් මෙරට අතරමැදියන්ට කොමිස් මුදල් ලබාදුන් බවට එල්ල වූ චෝදනාවයි. මීට පෙර බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය (UK Serious Fraud Office - SFO) සිදුකළ ගෝලීය විමර්ශනයකදී එයාර්බස් සමාගම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගනුදෙනු වෙනුවෙන් අල්ලස් ලබාදුන් බව පිළිගෙන ඩොලර් බිලියන ගණනක දඩ මුදලකට එකඟ වී තිබිණි. එම ගෝලීය හෙළිදරව්ව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණ සහ දූෂණ විරෝධී විමර්ශන යළි ක්‍රියාත්මක විය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...