The Leader News
BREAKING
ජාතක කතාවලින් හෙළිවන ස්ත්‍රී චරිතය●කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●
Top Ad
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක්: කෙටුම්පත ගැසට් කෙරේ

T

The Leader Desk

September 24, 2026 • 4:57 AM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක්: කෙටුම්පත ගැසට් කෙරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෘත්තීය සමිති අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා ත්‍රස්තවාදී ගණයට නොවැටෙන බවට විශේෂ වගන්තියක්.
  • අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇත.
  • ශ්‍රී ලංකා භූමිය තුළ හෝ ඉන් බැහැරව සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම මෙන්ම, ශ්‍රී ලංකා භූමිය හෝ මෙරට පුරවැසියන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදා ගැනීම වැළැක්වීම මෙහි ප්‍රමුඛ අරමුණක් ලෙස දක්වා ඇත.
  • කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත්කළ විද්වත් කමිටුවක් විසින් මහජනතාව, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අදහස් ලබා ගනිමින් මෙම කෙටුම්පත සකස් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


වෘත්තීය සමිති අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා ත්‍රස්තවාදී ගණයට නොවැටෙන බවට විශේෂ වගන්තියක්.  



දශක හතරකට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ඒ වෙනුවට නව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම සඳහා සකස් කරන ලද ''ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත'' (Protection of the State from Terrorism Bill) රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.  

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන ඇත.  

නව නීතිය හඳුන්වා දීමේ මූලික අරමුණු  

නූතන ලෝකයේ මතුවන සංකීර්ණ ජාතික සහ අන්තර්ජාතික ආරක්ෂක අභියෝගවලට ගැළපෙන පරිදි මෙම නව නීතිය සකස් කර තිබේ. ශ්‍රී ලංකා භූමිය තුළ හෝ ඉන් බැහැරව සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම මෙන්ම, ශ්‍රී ලංකා භූමිය හෝ මෙරට පුරවැසියන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදා ගැනීම වැළැක්වීම මෙහි ප්‍රමුඛ අරමුණක් ලෙස දක්වා ඇත.  

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත්කළ විද්වත් කමිටුවක් විසින් මහජනතාව, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අදහස් ලබා ගනිමින් මෙම කෙටුම්පත සකස් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.  

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ මානව හිමිකම් ආරක්ෂාව  

පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ සාමකාමී දේශපාලන ක්‍රියාකාරකම් මර්දනයට එය භාවිත කළ හැකි බවයි.  

නව කෙටුම්පත මඟින් එම කරුණට නෛතික පැහැදිලි කිරීමක් ලබා දී ඇත. ඒ අනුව, සාමකාමී විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, මාධ්‍යවේදය, අධ්‍යයන හා පර්යේෂණ කටයුතු, නෛතික නියෝජනයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් තනිව ගත් කල ත්‍රස්තවාදී වැරදි ලෙස නොසැලකෙන බවට පැහැදිලි වගන්ති ඇතුළත් කර තිබේ.  

අත්අඩංගුවට ගැනීම් සහ අධිකරණ අධීක්ෂණය  

නව පනත් කෙටුම්පතට අනුව සැකකරුවකු අත්අඩංගුවට ගත් විට ඒ පිළිබඳ හේතු ඔහුට දැනුම් දිය යුතු අතර, එම පවුලේ ළඟම ඥාතීන්ට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ඒ පිළිබඳව දැනුම් දීම අනිවාර්ය වේ. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවකු පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතුය.  

එසේම රැඳවුම් නියෝග සමාලෝචනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන සමාලෝචන කමිටුවක් පිහිටුවීමට ද යෝජනා කර ඇත.  

ආර්ථික සහ ජාත්‍යන්තර සබඳතාවල වැදගත්කම  

මෙම නීතිමය ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට සෘජුව බලපාන්නකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක වන යුරෝපා සංගමයේ GSP+ තීරුබදු සහනය අඛණ්ඩව ලබා ගැනීමට නම් මෙරට මානව හිමිකම් සහ ආරක්ෂක නීති ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල විය යුතුය. එමෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමට ද පැරණි නීතිය වෙනුවට නවීන නීති පද්ධතියක් හඳුන්වා දීම හේතු වනු ඇත.  

මෙම කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එහි ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීමේ සහ පාර්ලිමේන්තු විවාද පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ආරම්භ වනු ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...