BREAKING
Top Ad
පුවත්

විමල්ගේ කතාව ගැන මාධ්‍ය ආයතන හතකට අධිකරණයෙන් නියෝගයක්

T

The Leader

September 25, 2026 • 6:48 AM

විමල්ගේ කතාව ගැන මාධ්‍ය ආයතන හතකට අධිකරණයෙන් නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාමල් රිමාන්ඩ් කිරීම ගැන කළ ප්‍රකාශය අධිකරණයට අපහාසයක්දැයි සොයන්න විමර්ශන ඇරඹේ.
  • කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඉදිරියේ කරුණු දක්වමින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
  • බෝදරගම විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීමකට අනුව මෙම නීතිමය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.
  • එම ප්‍රකාශය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ගරුත්වයට හානියක් වී ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් පසු අතිරේක මහේස්ත්‍රාත් හමුවේ කරුණු දැක්වීමක්.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ලබාදුන් නියෝගයක් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකදී විවේචනය කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැයි සොයා බැලීමට ආරම්භ කළ විමර්ශනයට අදාළව, අදාළ ප්‍රකාශයේ සියලු වීඩියෝ දර්ශන පොලිසිය වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මාධ්‍ය ආයතන හතකට නියෝග කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඉදිරියේ කරුණු දක්වමින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීමකට අනුව මෙම නීතිමය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

විමර්ශනයට පසුබිම් වූ කරුණු

ශ්‍රී ලන්කන් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවකු වන නාමල් රාජපක්ෂ ට ඇප ලබා නොදීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය පිළිබඳව ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අදහස් පළ කර තිබුණි.

එම ප්‍රකාශය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ගරුත්වයට හානියක් වී ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. ඒ සමඟ අදාළ කතාව ඇතුළත් සංයුක්ත තැටියක්ද (CD) අධිකරණය වෙත භාර දී තිබිණි. අධිකරණ පද්ධතියේ බලයට සහ මහජන විශ්වාසයට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින පොලිස්පතිවරයාට නියම කළේය.

2024 නව පනත යටතේ පරීක්ෂණ  

පොලිස් නිලධාරීන් අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙන්වා දුන්නේ, මෙම ප්‍රකාශය හරහා 2024 අංක 8 දරන ‘අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ විනිශ්චය ආයතනයකට අපහාසය කිරීම වැළැක්වීමේ පනත’ යටතේ වරදක් සිදුව තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යන බවයි.

ඒ අනුව අදාළ රැලිය වාර්තා කළ විකාශන මාධ්‍ය ආයතන සතු සංස්කරණය කරන ලද සහ නොකරන ලද සියලු වීඩියෝ දර්ශන ලබා ගැනීමට අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම පිළිගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා, එම දර්ශන විමර්ශන නිලධාරීන්ට ලබා දීමට නියෝග කරමින් විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...