BREAKING
Top Ad
පුවත්

ලෝක දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ස්ථාවරය සඳුදා මහා මණ්ඩලයට

T

The Leader

September 25, 2026 • 9:44 PM

ලෝක දේශපාලන අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ස්ථාවරය සඳුදා මහා මණ්ඩලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *එක්සත් ජාතීන්ගේ 81 වැනි සැසිවාරයට විදේශ ඇමැති විජිත හේරත් නිව්යෝර්ක් යයි
  • යුක්රේන හා මැදපෙරදිග යුද ගැටුම්, දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධියේ බලපෑම් සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හමුවේ බහුපාර්ශ්වික ක්‍රමවේදය දැඩි අභියෝගයකට ලක්ව ඇති පසුබිමක මෙම සැසිය කැඳවා තිබේ.
  •   ඉන්දියන් සාගර කලාපයේ උපායමාර්ගික පිහිටීමක් සහිත රාජ්‍යයක් ලෙස, බලවතුන්ගේ භූ-දේශපාලනික තරගකාරිත්වය හමුවේ නොබැඳි හා සමබර විදේශ පිළිවෙතක් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතා මෙහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


*වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර පුළුල් කරගැනීමට ලෝක නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ (UNGA) ඉහළ පෙළේ මහ විවාදය ඇමතීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා දූත පිරිස සමඟ නිව්යෝර්ක් බලා පිටත්ව යයි.  

සැප්තැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය සැප්තැම්බර් 28 වැනි සඳුදා ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ගෝලීය අභියෝග

“විශ්වාසය යළි ගොඩනැඟීම, පරිවර්තනය කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන තේමාව යටතේ මෙවර මහා මණ්ඩල සැසිවාරය පැවැත්වේ. යුක්රේන හා මැදපෙරදිග යුද ගැටුම්, දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධියේ බලපෑම් සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හමුවේ බහුපාර්ශ්වික ක්‍රමවේදය දැඩි අභියෝගයකට ලක්ව ඇති පසුබිමක මෙම සැසිය කැඳවා තිබේ.  

ඉන්දියන් සාගර කලාපයේ උපායමාර්ගික පිහිටීමක් සහිත රාජ්‍යයක් ලෙස, බලවතුන්ගේ භූ-දේශපාලනික තරගකාරිත්වය හමුවේ නොබැඳි හා සමබර විදේශ පිළිවෙතක් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතා මෙහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ද්විපාර්ශ්වික සාකච්ඡා සහ ආර්ථික සබඳතා

සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රධාන රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම හමුවීම් මඟින් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථාවරත්වයට සහයෝගය ලබාගැනීම, විදේශ ආයෝජන දිරිගැන්වීම, මෙරට නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළ අවස්ථා විවර කරගැනීම මෙන්ම සංචාරක කර්මාන්තය පුළුල් කිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...