BREAKING
Top Ad
පුවත්

'වීරයා මැරෙන්න දෙන්න බෑ, වීරයා දිනන්න ම ඕනේ' - අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්

T

The Leader

September 25, 2026 • 10:01 PM

'වීරයා මැරෙන්න දෙන්න බෑ, වීරයා දිනන්න ම ඕනේ' - අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * ලසන්ත ඝාතනයෙන් දුන් බිය වැද්දීමේ පණිවිඩය පරාජය කරන්න සමාජය පෙළගැසිය යුතුයි
  • එම අවස්ථාවට එක්වෙමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, පිළිගත් රාමුවලට පමණක් කොටු වී, බලවතුන්ගේ අභිමතයන්ට අභියෝග නොකර කටයුතු කරන ලෙසත්, "වෙනස් වන්නට උත්සාහ නොකරන" ලෙසත් කෙරුණු අනතුරු ඇඟවීමක් එම ඝාතනය පිටුපස පැවති බවයි.
  • දූෂණයට එරෙහි වූවන්ට අතීතයේ සිට එල්ල වූ පීඩනය තවදුරටත් අදහස් දැක්වූ රංග දිසානායක, ශ්‍රී ලංකා ඉතිහාසය පුරා ස්ථාපිත බල අධිකාරීන්ට හෝ අක්‍රමිකතාවලට එරෙහි වූ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි පණිවිඩ නිරන්තරයෙන් ලබා දී ඇති බව මෙහිදී සිහිපත් කළේය.
  • මහාචාර්ය සේනක බිබිලේ සහ රේගු අධ්‍යක්ෂ සුජිත් ප්‍රසන්න පෙරේරා වැනි නිලධාරීන්ට අත් වූ ඉරණම නිදසුන් ලෙස පෙන්වා දුන් රංග දිසානායක, එක් පුද්ගලයෙකු ඉලක්ක කර එල්ල වන ප්‍රහාරයකින් සමස්ත වෘත්තීය ප්‍රජාවම පසුබෑමකට ලක්වන ආකාරය පැහැදිලි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


* වින්දිත පවුල්වලට පමණක් බර උසුලන්න නොදී අක්‍රමිකතාවලට එරෙහි හඬවල් රැකගැනීමේ වගකීම කාගෙද?


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සැබෑ අරමුණ වූයේ හුදෙක් එක් පුද්ගලයෙකු ඉවත් කිරීම පමණක් නොව, දේශපාලන අධිකාරියට, දූෂණයට හා බලවත් පාර්ශ්වයන්ට එරෙහිව නැගී සිටීමට සූදානම් වන සෙසු මාධ්‍යවේදීන්ට සහ වෘත්තිකයන්ට අනතුරු ඇඟවීමේ බරපතළ පණිවිඩයක් ලබා දීම බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.

මෙරට මාධ්‍ය නිදහසේ සහ සාධාරණත්වයේ නොමැකෙන සංකේතයක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මතකය යළි අවදි කරමින්, රේන් වික්‍රමතුංග ලියූ කෘතිය පාදක කර ගනිමින් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් සිංහලට පරිවර්තනය කළ ‘නොසැලුණු නොනැමුණු ලසන්ත’ ග්‍රන්ථය එළිදැක්වීම සහ “And Then They Came for Me” වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ඊයේ (25) සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.

එම අවස්ථාවට එක්වෙමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, පිළිගත් රාමුවලට පමණක් කොටු වී, බලවතුන්ගේ අභිමතයන්ට අභියෝග නොකර කටයුතු කරන ලෙසත්, "වෙනස් වන්නට උත්සාහ නොකරන" ලෙසත් කෙරුණු අනතුරු ඇඟවීමක් එම ඝාතනය පිටුපස පැවති බවයි.




දූෂණයට එරෙහි වූවන්ට අතීතයේ සිට එල්ල වූ පීඩනය

තවදුරටත් අදහස් දැක්වූ රංග දිසානායක, ශ්‍රී ලංකා ඉතිහාසය පුරා ස්ථාපිත බල අධිකාරීන්ට හෝ අක්‍රමිකතාවලට එරෙහි වූ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි පණිවිඩ නිරන්තරයෙන් ලබා දී ඇති බව මෙහිදී සිහිපත් කළේය. මහාචාර්ය සේනක බිබිලේ සහ රේගු අධ්‍යක්ෂ සුජිත් ප්‍රසන්න පෙරේරා වැනි නිලධාරීන්ට අත් වූ ඉරණම නිදසුන් ලෙස පෙන්වා දුන් රංග දිසානායක, එක් පුද්ගලයෙකු ඉලක්ක කර එල්ල වන ප්‍රහාරයකින් සමස්ත වෘත්තීය ප්‍රජාවම පසුබෑමකට ලක්වන ආකාරය පැහැදිලි කළේය.

විශේෂයෙන්ම රේගු අධ්‍යක්ෂවරයාගේ ඝාතනයෙන් පසු, එම ආයතනයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් රට හැර යාමට පවා පෙළඹුණු බවත්, විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට සෙසු නිලධාරීන් තුළ බියක් නිර්මාණය වූ බවත් ඔහු සඳහන් කළේය. මෙවැනි තත්ත්වයන් හමුවේ, වැරදිවලට එරෙහි වීමෙන් ජීවිත අවදානමක් ගන්නේදැයි සෙසු වෘත්තිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා දෙවරක් සිතන්නට පෙළඹෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

භීතියේ සංස්කෘතිය පරාජය කිරීමේ සමාජ වගකීම

එම ඝාතන හරහා සමාජගත කළ බිය මත පදනම් වූ සංස්කෘතිය සමාජයක් ලෙස අප විසින් වෙනස් කළ යුතු කාලය එළඹ ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.

"ලසන්ත මැරුවේ ලසන්තව අයින් කරන්න විතරක් නෙවෙයි. ඒක ලසන්ත වැනි අනෙකුත් සියලු දෙනාටම දුන්නු පණිවිඩයක්. ලසන්ත ඝාතනයෙන් පස්සේ තවත් ලසන්තලා විශාල සංඛ්‍යාවක් බිහි වුණා නම් ඔවුන්ගේ ඒ පණිවිඩය අසාර්ථක වෙනවා. නමුත් සිදුවුණේ ලසන්තගේ ඝාතනයෙන් පසු බොහෝ දෙනෙක් නිහඬ වීමයි. එවිට ඝාතකයන්ගේ අරමුණ සාර්ථක වෙනවා."

තවදුරටත් අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, සමාජයේ අක්‍රමිකතා හෙළිදරව් කරන වීරයන් අකාලයේ මියයාමේ සම්ප්‍රදාය නිමා විය යුතු බව අවධාරණය කරමින් මෙසේ ද පැවසීය.

"තවදුරටත් ලසන්ත වගේ මිනිස්සු බිහිවෙන්න ඕනේ. හැබැයි ඒ හැමෝම වීරයන්. හැමදාම වීරයා මැරිලා මේ කතාව ඉවර වෙන්න බෑ. මම නම් ඉන්නේ, වීරයා මැරෙන්න බෑ, වීරයා මේක දිනන්න ඕනේ කියන ස්ථාවරයේ. ලසන්තගෙන් ගත යුතු පණිවිඩය තමයි, මින් ඉදිරියට ලසන්ත වර්ගයේ වීරයන් මැරෙන්න දෙන්න බෑ, වීරයන් දිනන්න ඕනේ කියන එකයි."

වින්දිත පවුල්වල හුදෙකලාව සහ සාමූහික මැදිහත්වීම

අක්‍රමිකතා හෙළිදරව් කිරීම නිසා ජීවිත අහිමි වූ හෝ අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේ සම්පූර්ණ බර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් තනිව උසුලන්නට ඉඩ හැරීම යුක්ති සහගත නොවන බවද රංග දිසානායක පෙන්වා දුන්නේය. ලසන්ත වික්‍රමතුංගගේ හිටපු බිරිඳ රයින් වික්‍රමතුංග මෙන්ම අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මෙහිදී නිදසුන් ලෙස දැක්වූ ඔහු, එවැනි පවුල් වසර ගණනාවක් තිස්සේ තනිව සටන් කිරීම පිළිබඳව ප්‍රශ්න කළේය.

අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි සම්පිණ්ඩනය කිරීමේ නෛතික ක්‍රියාවලිය පවතින අතරතුර, වැරදි හෙළිදරව් කරන්නන් බිය ගැන්වීමේ උත්සාහයන් පරාජය කිරීම සඳහා පුළුල් සමාජය තවදුරටත් නිහඬව සිටිනවාද නැද්ද යන්න තීරණය කළ යුතු බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


වැඩිදුර විස්තර සඳහා පහත වීඩියෝව බලන්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...