පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව මුල්කරගනිමින් මෙරටට පාම් තෙල්, 'පාම් තෙල් ලෙසින් පමණක්' සෘජුව ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන ලෙස වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් අමාත්‍යවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත.
ප්‍රතිපත්තිමය තීරණය සහ පසුබිම
මෙරට පාරිභෝගික සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස 2021 අප්‍රේල් මාසයේදී පාම් තෙල් සෘජුව ආනයනය කිරීම මුළුමනින්ම තහනම් කිරීමට එවකට පැවති රජය තීරණය කළේය.
කෙසේ වෙතත්, දේශීය නිෂ්පාදන ක්ෂේත්රයේ අමුද්‍රව්‍ය අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් 2021 අගෝස්තු මාසයේදී යම් ලිහිල් කිරීමක් සිදු විය. එහිදී ආහාර නිෂ්පාදන හා සබන් ඇතුළු තෝරාගත් කර්මාන්ත සඳහා පමණක් දැඩි සෞඛ්‍ය හා ප්‍රමිති නියාමනයන්ට යටත්ව කාර්මික අමුද්‍රව්‍යයක් ලෙස පාම් තෙල් ගෙන්වීමට අවසර හිමි විය.
වත්මන් රජය ද එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව අදාළ ලිපියේ පෙන්වා දී තිබේ.
වෙළඳපොළ විශ්වාසය සහ තහනමේ බලපෑම
අදාළ නියාමනය ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට ආහාර පිසින තෙල් වෙළඳපොළ තුළ සැලකිය යුතු යහපත් ප්රවණතා රැසක් ඇති වූ බව පාරිභෝගික සංවිධාන පෙන්වා දෙයි:
පාරිභෝගික විශ්වාසය:
වෙළඳපොළේ ඇති ආහාර පිසින තෙල්වල ගුණාත්මකභාවය කෙරෙහි පාරිභෝගික විශ්වාසය ඉහළ යාම.
කූට වෙළඳාම පාලනය වීම:
පිරිපහදු නොකළ හෝ ප්‍රමිතියෙන් තොර පාම් තෙල්, දේශීය පොල්තෙල් සමඟ මිශ්‍ර කර වැඩි මිලට විකිණීමේ ජාවාරම්වලට වැටකඩොලු බැඳීම.
දේශීය පොල්තෙල් කර්මාන්තය:
දේශීය පොල්තෙල් නිෂ්පාදකයාගේ වෙළඳපොළ ස්ථාවරත්වයට මෙමගින් වක්‍ර සහනයක් ලැබීම.
නියාමනය ලිහිල් කිරීමට බලපෑම්?
මෙම නියාමනය හේතුවෙන් අයුතු ලාභ ලැබීමට නොහැකි වූ ඇතැම් වාණිජ පාර්ශව, පාම් තෙල් සෘජුව වෙළඳපොළට ආනයනය කිරීමේ තහනම ඉවත් කරවා ගැනීමට විවිධ උත්සාහයන් දරමින් සිටින බව එම ලිපිය මගින් අනාවරණය කර ඇත.
පාරිභෝගික සෞඛ්‍යය සහ ආරක්ෂාව මුල්කොට ගෙන මෙරට ක්‍රියාත්මක වන මෙම ප්‍රතිපත්තිය කිසිදු පාර්ශවයක බලපෑම මත වෙනස් නොකළ යුතු බවට රංජිත් විතානගේ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ ආහාර පිසින තෙල් වෙළඳපොළ සම්බන්ධයෙන් විද්‍යාත්මක හා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පමණක් ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ලෙස ද එම ලිපිය මඟින් අදාළ අමාත්‍යංශයට යෝජනා කර තිබේ.
පාම් තෙල් තහනම ඉවත් නොකරන්නැයි ඇමැති වසන්තගෙන් ඉල්ලීමක්
Thushi
October 4, 2026 • 10:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පාරිභෝගික ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් පාම් තෙල් සෘජු ආනයන තහනම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන අවධාරණය කරයි.
- ප්‍රතිපත්තිමය තීරණය සහ පසුබිම මෙරට පාරිභෝගික සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස 2021 අප්‍රේල් මාසයේදී පාම් තෙල් සෘජුව ආනයනය කිරීම මුළුමනින්ම තහනම් කිරීමට එවකට පැවති රජය තීරණය කළේය.
- කෙසේ වෙතත්, දේශීය නිෂ්පාදන ක්ෂේත්රයේ අමුද්‍රව්‍ය අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් 2021 අගෝස්තු මාසයේදී යම් ලිහිල් කිරීමක් සිදු විය.
- එහිදී ආහාර නිෂ්පාදන හා සබන් ඇතුළු තෝරාගත් කර්මාන්ත සඳහා පමණක් දැඩි සෞඛ්‍ය හා ප්‍රමිති නියාමනයන්ට යටත්ව කාර්මික අමුද්‍රව්‍යයක් ලෙස පාම් තෙල් ගෙන්වීමට අවසර හිමි විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


