The Leader News
BREAKING
Top Ad
පුවත්

අලි–මිනිස් ගැටුමට මාරක උගුල්: අග්බෝ දිවි ගලවාගනී

Awara

Awara

November 9, 2026 • 10:22 AM

අලි–මිනිස් ගැටුමට මාරක උගුල්: අග්බෝ දිවි ගලවාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොවිබිම් වන අලින්ගෙන් රැකගැනීමේ අරගලය නීතිවිරෝධී මාරක උගුල් දක්වා වර්ධනය වෙමින් තිබේ.
  • ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනකට හසුව තරුණ වන අලියෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මීට පෙරද වෙඩි ප්‍රහාරයකින් දිවි බේරාගත් සුප්‍රකට ‘අග්බෝ’ හස්තියා ගැවසෙන ඉසව්වක අටවා තිබූ මාරක බඳින තුවක්කුවක් අක්‍රිය කිරීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.
  • ගිරාඳුරුකෝට්ටේ අනවසර විදුලි රැහැනක් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ වනජීවී බීට්ටු බලප්‍රදේශයට අයත් කුඩාවිල සහ බෑනාපුර ගම්මාන මායිමේ පිහිටි ගෙවත්තක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් උස අඩි හතක් පමණ වන, අවුරුදු 15–20 අතර වියේ පසුවූ සවිමත් වන අලියෙකු මියගොස් ඇත.
  • ප්‍රදේශයේ වගාවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම අනාරක්ෂිත විදුලි රැහැන සවිකර තිබූ බව විමර්ශනවලදී හෙළි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොවිබිම් වන අලින්ගෙන් රැකගැනීමේ අරගලය නීතිවිරෝධී මාරක උගුල් දක්වා වර්ධනය වෙමින් තිබේ. ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ අනවසර විදුලි රැහැනකට හසුව තරුණ වන අලියෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මීට පෙරද වෙඩි ප්‍රහාරයකින් දිවි බේරාගත් සුප්‍රකට ‘අග්බෝ’ හස්තියා ගැවසෙන ඉසව්වක අටවා තිබූ මාරක බඳින තුවක්කුවක් අක්‍රිය කිරීමට වනජීවී නිලධාරීහු සමත් වූහ.

ගිරාඳුරුකෝට්ටේ අනවසර විදුලි රැහැනක්


ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ වනජීවී බීට්ටු බලප්‍රදේශයට අයත් කුඩාවිල සහ බෑනාපුර ගම්මාන මායිමේ පිහිටි ගෙවත්තක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් උස අඩි හතක් පමණ වන, අවුරුදු 15–20 අතර වියේ පසුවූ සවිමත් වන අලියෙකු මියගොස් ඇත.

ප්‍රදේශයේ වගාවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම අනාරක්ෂිත විදුලි රැහැන සවිකර තිබූ බව විමර්ශනවලදී හෙළි විය. උල්හිටිය වනසත්ත්ව අඩවි ආරක්ෂක ඉන්දික රණතුංග ඇතුළු නිලධාරී කණ්ඩායම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ. මියගිය සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙහෙයවනු ලබයි.

තත්පර ගණනකින් බේරුණු අග්බෝ

පාදයේ තුවාලයකට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා සුවය ලබමින් සිටින අග්බෝ හස්තියා වෙනුවෙන් අනුරාධපුර මිහින්තලේ නොච්චිකුලම වැව ආසන්නයේ ක්‍රියාත්මක වූ ආරක්ෂක මුර සංචාරයකදී තිරප්පනේ වනජීවී නිලධාරීන්ට අතිශය භයානක අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.

බඩඉරිඟු වගාබිම ආසන්නයේ සෝදිසි කිරීම් සිදුකරද්දී එක් නිලධාරියෙකුගේ පාදයක බඳින තුවක්කුවකට සම්බන්ධ ඇදිනූලක් පැටලී ඇති අතර, කඩිනමින් ක්‍රියාත්මක වූ කණ්ඩායම එම මාරක උගුල ක්ෂණිකව අක්‍රිය කළේය. පොළොවේ සිට අඩියක් පමණ උසින් අලියාගේ පාදය ඉලක්ක කර සකසා තිබූ මෙම අවිය ක්‍රියාත්මක වූයේ නම් ආබාධිත තත්ත්වයෙන් පසුවන අග්බෝගේ ජීවිතය අවසන් වීමට බොහෝ දුරට ඉඩ තිබිණි.

පසුදින අවට පැලක් පරීක්ෂා කිරීමේදී බඳින තුවක්කු සවිකිරීමට භාවිත කරන උපකරණ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණිනි. වන අලින්ගෙන් වගාව බේරාගැනීමට මෙම උගුල ඇටවූ බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පැවසූ බව වනජීවී නිලධාරීහු සඳහන් කරති. සැකකරු සහ නඩු භාණ්ඩ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

ජීවිත අවදානම සහ නීතියේ සීමාව

වගා හානි හමුවේ ගොවි ප්‍රජාව මුහුණදෙන ආර්ථික පීඩනය බරපතළ වුවද, අනවසර විදුලි රැහැන් සහ බඳින තුවක්කු භාවිතය නීතිය ඉදිරියේ දණ්ඩනීය වරදකි.

වසරකට මෙරට වන අලි 400කට වැඩි සංඛ්‍යාවක් සහ මිනිස් ජීවිත සියයකට අධික ප්‍රමාණයක් අහිමි වන පසුබිමක, ප්‍රමිතියෙන් තොර විදුලි සැර සහ මළපුඩු නිසා වන සතුන් මෙන්ම ගම්වැසියන් සහ වනජීවී නිලධාරීන්ද අනතුරේ වැටේ. මෙවැනි නීතිවිරෝධී කෙටිමං වෙනුවට ප්‍රජා සහභාගීත්ව විදුලි වැට සහ ස්ථිර ප්‍රතිපත්තිමය විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව මෙම සිදුවීම් මාලාවෙන් යළිත් මතු කරයි.


වැඩිදුර තොරතුරු ඇතුළත් සබැඳිය:

වන අලි විපත් නිමාවී නැහැ – Vinivida News වාර්තාව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...